728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 14 August 2014

සියල්ල අවසානයේ නියඟය ඇතිවිය...



රටේ දේශපාලන බලපුළුවන්කාරයන් හා ඔවුන්ගේ සමීපතම ගෝලබාලයන් විසින් කරන, කරවන විවිධ ඉහත කී අකටයුතුකම් හා සමාව දිය නොහැකි වැරදි නිසා ගොවීන්ට මෙන්ම පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා රටේ සාමාන්‍ය අහිංසක පොදු ජනතාවට විවිධ පීඩාවන්ට දුෂ්කරතාවන්ට මුහුණ පාන්නට සිදුවීම මොන තරම් අවාසනාවන්ත කමක්‌ද?

අප ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක හැරුණු විට රට පුරා විශාල ප්‍රදේශ ගණනාවක, විශේෂයෙන් ම වියළි කලාපය ප්‍රමුඛ කොට සුවිශාල ජනතාවක්‌ මේ වන විට උග්‍ර ජල හිඟයකින් බලවත් සේ පීඩාවන්ට පත් වී සිටිති. සිය වගාවන්ට අවශ්‍ය කරන ජලය තබා බීම ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය ජලය ලබා ගැනීමට නොහැකිව අන්ත අසරණව සිටින බහුතර ජනතාව ගැන රටේ අවධානය යොමු විය යුතුව තිබේ. 

රටේ විදුලි බලය උත්පාදනයට දායක වන සුවිශාල ජලාශ මෙන්ම ගොවිතැනට අවශ්‍ය තරම් දෙකන්නයට ජලය සපයා ගොවීන් හා ගොවිබිම් පෝෂණය කළ වැව් අමුණු මෙවර මෙතරම් බරපතළ අන්දමින් උග්‍ර ජල හිඟයකයට පත් වී තිබෙන්නේ, එම මහා ජලාශ මෙන්ම වැව් අමුණුවල නියමිත ජල ධාරිතාව ගබඩා කර තබා ගත නොහැකි තරම් පිරී ගොඩ වී රොන් මඩ තට්‌ටු හා විවිධ අපද්‍රව්‍යවලින් ගහන වීම නිසාය. වැවක අමුණක ජලාශයක ජල ධාරිතාව නියමිත පරිදි තබා ගන්නට අපේ මිනිස්‌සු ඒවාට ඉඩ නොදී කරන විනාශයන් මොන තරම් අපරාධකාරීද? බරපතළ ද? ජලාශවල හා වැව් රක්‍ෂිත පෝෂක ප්‍රදේශ මොනතරම් මිනිස්‌සු (කැළෑ) විනාශ කර දමා තිබේද? වැව් තාවුල්වල අනවසර වගාව, ගඩොල් කැපීම්, හරක්‌ බැඳීම්, නිසා සිදුවන විනාශය මොනතරම් ද. මේවා මෙහෙම සිදුවෙද්දී කවුද ඒවා නතර කර දමන්නේ?

නාය යැම් හා විවිධ සෝදා පාළුවීම්වලින් අපේ භූමියෙන් අවුරුදු පතා ඉවත්වන මතුපිට සරු පස්‌ (හ්‍යුමස්‌) තට්‌ටු ටොන් ගණනින් ජලාශවල, වැව්වල, අමුණුවල, තැන්පත් වන විට වැවේ ජලාශයේ තබා ගත හැකි ජල ධාරිතාව විශාල ලෙස අඩු වී වැව් ජලාශ අමුණු ගොඩ වී ගියපසු ඒවායින් නියමිත ඵල ප්‍රයෝජන ලබා ගන්නේ කෙසේද? මේ කරුණුකාරණා රටේ බලධාරීන් තබා වගා කටයුතු කරන අපේ දේශීය ගොවි මහතුන් වැඩි දෙනකුගේ පවා කිසිදු අවධානයකට ලක්‌ වන්නේ නැත. රටේ දේශපාලන බලපුළුවන්කාරයන් හා ඔවුන්ගේ සමීපතම ගෝලබාලයන් විසින් කරන, කරවන විවිධ ඉහත කී අකටයුතුකම් හා සමාව දිය නොහැකි වැරදි නිසා ගොවීන්ට මෙන්ම පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා රටේ සාමාන්‍ය අහිංසක පොදු ජනතාවට විවිධ පීඩාවන්ට දුෂ්කරතාවන්ට මුහුණ පාන්නට සිදුවීම මොන තරම් අවාසනාවන්ත කමක්‌ද?
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සියල්ල අවසානයේ නියඟය ඇතිවිය... Rating: 5 Reviewed By: Unknown