728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 17 August 2014

ජනාධිපති මැරෙන දවස.....

ජනාධිපති  ජ්‍යොතීර්වේදීන් සමග සුහද හමුවක් පැවැත්විය යුතු බව සිතා හදිසියේම සිංහලෙන්, ඉංග්‍රීසියෙන් මෙන්ම දෙමළෙන් ලියන ජ්‍යොතීෂවේදීන් අරලියගහ මන්දිරයට කැඳවූයේය. මගේ කන්‍යා ලග්නයට මේ කාලෙ කොහොමද,


අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර දැන් සිටින්නේ මධ්‍යම රහස් ඔත්තු සේවය භාරයේය. අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස සීඅයිඩීය ප්‍රකාශ කර ඇත්තේ චන්ද්‍රසිරි ශනි, කේතු, රාහු, සෙනසුරු ආදීන් සමග අනවශ්‍ය සබඳතා පැවැත්වීමය. චන්ද්‍රසිරි අත්අඩංගුවට ගෙන හතරවැනි තට්ටුවට ගෙන ඒමෙන් පසු ඔහුගේ බිරිඳට දුරකථනයෙන් කථා කළ රහස් නිලධාරියකු විමසා ඇත්තේ චන්ද්‍රසිරිට තාරකා සමග තිබුණු සම්බන්ධය ගැන තමුන් බිරිඳ හැටියට මොකුත් දන්නවාද කියාය. දෙයියම්පා නැහැ සර් කියා දුරකථනයෙන් දිවුරා කියූ ඇය චන්ද්‍රසිරි තමන්ටත්, දරුවන්ටත් ආදරය කරන ස්වාමියකු මිස එසේ වෙන වෙන 
ගෑනුත් එක්ක අංකර ඇල්ලු අයකුයැ'යි තමන් කිසිසේත් විශ්වාස නොකරන බව ද කීවාය. චන්ද්‍රසිරි නම්, ඔහු හතරවැනි තට්ටුවට ගෙන ඒම පිළිබඳව ඉමහත් සේ සතුටු විය. මන්ද පොළොව මට්ටමේ ඉන්නවාට වඩා හතරවැනි තට්ටුවේදී තමන්ට තරමක් හෝ ග්‍රහ තාරකාවලට කිට්ටුවීමට ඉඩ ලද බැවිනි.


වහා ක්‍රියාත්මක වූ රහස් නිලධාරීහු චන්ද්‍රසිරි කකුලේ මහපිට ඇඟිලිවලින් බාල්කයක එල්ලුහ. හරි දැන් කියනවා තමුසෙට සනි එක්ක තියන සම්බන්දෙ මොකක්ද?
රහස් නිලධාරියකු ඔළුව බිමට සිටින සේ පැද්දෙමින් සිටි චන්ද්‍රසිරිගෙන් ඇසීය.
මොන සනි ගැනද ඔය අහන්නෙයැයි ඇසූ චන්ද්‍රසිරිගේ බඩට එකක් ඇන්න නිලධාරියා ඇයි ඕයි අර තමුසෙ ලියල තිබුණෙ සනි, කේතු, අතුරු දසාවේ නම් සැප්තැම්බර් මාසෙදි ලොක්කට කෙළවෙන කතාවක්. කවුද ඒක තමුසෙට කිව්වෙ?
ආ ඒක කිව්වෙ ශනි නෙවෙයි, සෙනසුරු
අන්න හරි, ඌ කොහෙද ඉන්නෙ?
සෞරග්‍රහ මණ්ඩලේ කියූ ආධ්‍යාත්මවේදියාට, මල පන්නවාගෙන සිටි රහස් නිලධාරියා පංචකාම රසය ක්ෂණිකව ලබා දුන්නේය.

නාධිපතිතුමා කන්‍යා ලග්නයේය. අත්අඩංගුවට පත්වීමට පෙර චන්ද්‍රසිරි ජනාධිපතිතුමාගේ ලග්න පළාඵල ගැන සිරිකොතේ දේශනයක් කළේය. සැප්තැම්බර් සාහිත්‍ය මාසය එළඹෙද්දී ජනාධිපති රත්නසිරි පුටුවේ තබා එතුමා ලෝක ත්‍රස්තවාදය තුරන් කිරීමේ ජාත්‍යන්තර අරගලයට නායකත්වය දීමට යන බව නිසැකයැයි හෙතෙම එහිදී කීවේය. අනතුරුව පුටුවේ සිටින රත්නසිරිට කොළේ වසා මීන ලග්නකාර රනිල්ගේ ගුරු බලවත් වීමෙන් හෙතෙම පුටුව ගන්න බවට ද සපථ කළේය. විපක්ෂ නායක රනිල්, තිස්ස ඇතුළු සගයෝ එල්ලෙන්නට තිබුණු පිදුරු ගස් පවා ජනාධිපති විසින් කපා දමා තිඛෙන තත්ත්වයක් තුළ චන්ද්‍රසිරි බණ්ඩාර වීදියේ බණ්ඩාර සේ දුටහ. ඉන් නොනැවතුණු ආධ්‍යාත්මවේදියා කන්‍යා ලග්නයෙන් උපන් නැපෝලියන් බොනපාට් සෙනසුරු ලබා නීචවී, කිචවී ගිය සැටිද ඉරුදිනට ලියා හතළිහේ දශකයේ උපන් කන්‍යා ලග්නයේ ජන නායකයන්ට 13 හා 17 යන අංකවලින් එන ව්‍යවස්ථා සංශෝධන මරු අපල ගෙන දෙන බවද ලීවේය.



චන්ද්‍රසිරිගේ අනාවැකි ඇත්ත වුවත්, බොරු වුවත් ජනාධිපති ඒවා ගැන වැඩිපුර උනන්දුවන්නට පටන් ගත්තේ ඉන්පසුවය. තම කන්‍යා ලග්නය ගැන දෛනිකව පත්තර පෙරළා, බලන බලන පලාඵල විස්තර හරි බව ජනාධිපතිට සිතුණේය. එක් දිනක් කන්‍යා ලග්නය යටතේ ලියා තිබුණේ බාධා යට යයි, අතේ සතපහක වියදමකින් තොරව දෙතුන් සියයක් සමග විදේශයන්හි විනෝද ගමනක් යාමට සිත්දේ කියාය. ඒක හරියටම හරි ගියේය. අද දින කන්‍යා ලග්න හිමියාට බඩේ අමාරු සහ පෙම් සබඳතා පලදෙනු ඇත කියන දවසට ඒකම වුණේය. කෙටි ගමන් බිමන් යෙදේ කියන දවසට ඉන්දියාවේ හෝ පාකිස්තානයේ සංචාරවල නියැලෙන්නට සිදුවුණේය. අද ඔබට සොර සතුරු උවදුරු කියා තිඛෙන දවසේම රාජිත හෝ වීරවංශ යන දෙදෙනා දෙකොණින් 13 වැනි සංශෝධනය ගැන මුඛ පූට්ටු වෙන කථා කියති. අද ඔබ උගතුන් වෙතින් අපකීර්තියට ලක්වේ කියා ලියා තිඛෙන දවසට මර්වින් කාගේ හෝ සරමක් කඩා ජනාධිපති නෝන්ඩි වෙන වැඩක් කරයි. ඌරන්ගෙන් වගාවට බාධා කියා තිබුණු දවසක මහින්දානන්ද වැන්නකු මොකක් හෝ කෂිලියක් ඇද ගනියි. ඔයින් මෙයින් ජනාධිපති පලාඵල විශ්වාස කරන තත්ත්වයක් උදාවීම ආධ්‍යාත්මවේදියා ද නපුරට හෙලූවේය. එපමණක් නොව, ඉන්පසුව පත්තරවලට පලාඵල තීරු ලියන ජ්‍යොතීර්වේදීහු පසුපස සුදුවෑන් එන්නට පටන් ගත්හ.

ලක්බිමට ලියන ආනන්ද සෙනෙවිරත්න, දිවයිනේ ඩී.ඩී. පෙරේරා, ලංකාදීපයේ අබේසේන හේරත් වැනි ප්‍රකට ජ්‍යොතීර්වේදීහු සිය දුරකථන, ෆැක්ස්, ඉන්ටර්නෙට් විසන්ධි කර දමා නිවෙස්වල සිට ග්‍රහ තාරකා ඔස්සේම සිය පත්තර කන්තෝරුවලට දෛනික ජ්‍යොතිෂ සටහන් එවන්නට පටන් ගත්හ. මේ දිනවල පුවත්පත් ආයතනවලට කථා කොට, එම ජ්‍යොතීර්වේදීන් ගැන ඇසුවහොත් කතුවරුන් කියන්නේ ඉන්න තැනක්, ගෙයක්, දොරක්, දුරකථන අංකයක් තමන් නොදන්නා බවත්, ඔවුන් හමුවන්නට නම් යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ වැනි දුර ග්‍රහලෝකවල සහාය ලබාගත යුතුව තිඛෙන බවත්ය.

පංචකාම රසයෙන් සිහිමුර්ඡාවී සිටි චන්ද්‍රසිරිට ටික වේලාවකින් සිහිය ආවේය. මරුමුස් පෙනුමක් තිබුණු රාහු වැනි අතුරු ග්‍රහයකු ඉදිරියට පැමිණ චන්ද්‍රසිරිගේ ගෙළ මිරිකා ඔළුව ළඟ තිබුණු බිත්තියේ ඇන්නේය. ඔහුට ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග සිහිවිය. ඔහු සිටියා නම් සිංහලෙන් බැරි නම් ඉංග්‍රීසියෙන් හෝ තමන්ගේ සෙනසුරු ඒරාෂඨකය ගැන ලියනු ඇති බව චන්ද්‍රසිරි සිතුවේය. ඒ වෙලාවේ රාහුවා ගෙරෙව්වේය.

"තමුසෙ මොකද්ද අර ලොක්ක ගැන ලියල තිබුණෙ සෙනසුරු නීචවීමෙන් ගැළවෙන්න නම් පොලිස් සහ ඉඩම් බලතල කියන දෙකම දෙන්න ඕන කියලා. කවුද තමුසෙට ඔහොම අවලං කථාවක් ලියන්න කිව්වෙ."

කන්‍යා ලග්න හිමියන්ගෙ ගුරු සතුරු බලය උච්ච වෙලා තිබුණා. ඒ වෙලාවෙ චන්ද්‍රයෝගය තිබුණු දහවැන්නේ සෙනසුරා ගමන් කිරීම නිසයි එහෙම කියන්න වුණේ. ඒ අනුවනෙ චම්පික රණවකත් ආණ්ඩුවෙන් යනව යනවා කියන්නෙ. එතුමා යනව යනවා කියන්නෙ එතුමගෙ සෙනසුරු නීච වෙලා කියල තමුසෙට ලියන්න තිබුණනෙ. රාහු යළි සැර දැම්මේය.

ඔව් එහෙමත් ලිව්වැහකි තමයි.
එහෙනම් නොලිව්වෙ ඇයි කියා ඇසූ සනී වැන්නකු තව එකක් ආධ්‍යාත්මාවේදියාට ඇන්නේය.

ජනාධිපති  ජ්‍යොතීර්වේදීන් සමග සුහද හමුවක් පැවැත්විය යුතු බව සිතා හදිසියේම සිංහලෙන්, ඉංග්‍රීසියෙන් මෙන්ම දෙමළෙන් ලියන ජ්‍යොතීෂවේදීන් අරලියගහ මන්දිරයට කැඳවූයේය. මගේ කන්‍යා ලග්නයට මේ කාලෙ කොහොමද, එතුමා මුලින්ම ඇසූ ප්‍රශ්නය එයයි. කන්‍යා ලග්න හිමියන්ට ලැබූ නවාංශකය තුළ කන්‍යාවන්ගෙන් සුබයි. ජ්‍යොතීර්වේදීහු තම හසල දැනුම එකලූ කරමින් කීහ. හැබැයි කන්‍යාවන් නොවන අයගෙන් තරමක් අපලයි. ඒක මං දන්නවා කියූ ජනාධිපති ඊළඟට ඇසුවේ ජ්‍යොතිර්වේදීන්ට තියන ප්‍රශ්න මොනවාද කියාය. සෞරග්‍රහ මණ්ඩලයේ, ග්‍රහ තාරකාවල හා වෙනත් අභ්‍යවකාශ වස්තුවල උච්ච චලන නිසා සමහර අවස්ථාවල තමන් මහත් අපහසුතාවලට ලක්වන බැවින් ප්‍රභාකරන්ව නිහඩ කළා සේ ග්‍රහතාරකාවල චලනය සාමාන්‍ය අතට හරවා දෙන ලෙස ඔවුහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලුහ. අයියෝ සුළු දෙයක්නෙ කියූ ජනාධිපති , බැසිල්, ඩලස්, මර්වින්, බන්දුල ගුණවර්ධන, සජින් වාස් වැනි ග්‍රහයන්ට ටෙලිෆෝන් කර කීවේ මේ ප්‍රශ්නය "දකුණු සුවර්ගය" වැඩසටහනේ උඩටම දාගන්නා ලෙසය.

ඇත්තටම ඇයි ඔයාලට බැරිවුණේ ප්‍රභාකරන් මැරෙන දවස කියන්නයැ'යි ඊළඟට ජනාධිපතිතුමා ඇසූ ප්‍රශ්නයට ඔවුන් කීවේ මිනිස්සු මැරෙන දවස කිවහැකි වුවත්, ප්‍රතිපත්තියක් ලෙස එය නොකරන බවය. හරි මං සම්බන්ධයෙන් ඔය ප්‍රතිපත්තිය වෙනස් කරන්න කියලා මම දැන් නියෝග කරනවා. ජනාධිපතිතුමා සැරවැර දමා එසේ කීමත් සමග බිරන්තට්ටු වූ ජ්‍යොතීර්වේදිහු ඉද්ද ගැසුවා සේ සිටගත්හ. බියෙන් වෙව්ලමින් සිටි ඔවුන්ට ජනාධිපතිතුමා ඊළඟට නියෝග කළේ තමන් මැරෙන දවස දැන් වහා කිවයුතුය කියාය. මොහොතක් අහස දෙස බලා මනෝමෙන් ගණන් මිනුම් හැදූ ඔවුහු "ඔබතුමා මේ කප තිඛෙන තුරු මැරෙන්නේ නැහැ කියා" හඩ නගා කීහ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජනාධිපති මැරෙන දවස..... Rating: 5 Reviewed By: Unknown