728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 19 August 2014

පැකට්‌ එකක්‌ රුපියල් දෙසීයයි..සිසුන්ටත් ගංජා...

රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ ඇතැම් පීඨවල අධ්‍යාපනය ලබන සිසුන්ට විකිණීම සඳහා රැගෙන ආ ගංජා පැකට්‌ හැත්තෑවක්‌ සිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු මිහින්තලේ පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.


උතුරුමැද හිටපු දේශපාලනඥයකු ළඟ කලක්‌ කටයුතු කර ඇති සැකකරු එකී දේශපාලනඥයාගේ වියෝවෙන් පසු මෙලෙස ගංජා විකිණීමේ ජාවාරමට සම්බන්ධවී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මිහින්තලේ ප්‍රදේශයේම පදිංචි හතළිස්‌ අට හැවිරිදි සැකකරු සරසවි සිසුන්ට විකිණීමට ගංජා පැකට්‌ තොගයක්‌ රැගෙන රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රය අසලට යතුරුපැදියකින් පැමිණ සිටි අවස්‌ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ග්‍රෑම් දෙක බැගින් අඩංගු ගංජා පැකට්‌ එකක්‌ රුපියල් දෙසීය බැගින් මුදලට කලක සිට සැකකරු විසින් සිසුන්ට විකිණීමේ ජාවාරම කරගෙන ගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පැකට්‌ එකක්‌ රුපියල් දෙසීයයි..සිසුන්ටත් ගංජා... Rating: 5 Reviewed By: Unknown