ඇමෙරිකාව ඉතිහාසයේ අඳුරු පරිච්ජේද අතරට මුසුවූ නවතම සමාජ ඛිෙදවාචකය බවට පත් “ෆර්ගියුසන් කැරැල්ලෙන්” මතුවූ ප්‍රචණ්ඩත්වයේ ගිනි දැල් මේ වන විට බොහෝ දුර නිවී ගොස් ඇති බවක් පෙනෙයි. එහෙත් එයට මගපෑදූ සමාජ අසහනයන් ගිනිපුපුරු කාලයේ අළුගොඩ යන සැඟවී තව බොහෝ කල් පවතිනු ඇත.
මේ අතර ඇමෙරිකන් සමාජයේ මූලික ඉරිතැලුම් අලුතින් ව්‍යාප්ත කරමින් අගෝස්තු 09 වැනිදා මිසුරි ප්‍රාන්තයේ, ෆර්ගියුසන් පළාතේ හටගශ්‍රීත් වාර්ගික ගැටුම් මානව හිමිකම් රැකදීමේ ඇමෙරිකන් පුරාජේරුව පිළිබඳ මිත්‍යාව හෙළිදරව් කෙරෙන ගැඹුරු ජාත්‍යන්තර කතිකාවකටද තුඩුදී තිබේ.
මයිකල් බ්‍රවුන් නමැති නිරායුධ කළු ඇමෙරිකන් ගැටවරයා අගෝස්තු 09 වැනිදා ෆර්ගියුසන් වීදියේදී එල්ලවූ පොලිස් වෙඩි තැබිමකින් මියයාම ගැන උදහස පළ කරමින් පළාතේ කළු ජනයා ගෙන ගිය සාමකාමී විරෝධය එම ජනතාව සහ ප්‍රදේශයේ සුදු පොලිස් නිලධාරීන් අතර ගැටුමක් බවට පත්වීමෙන් පැතිර ගිය ප්‍රචණ්ඩතා රැල්ල “ෆර්ගියුසන් කැරැල්ල” ලෙස හඳුනාගැනෙයි.
මයිකල් බ්‍රවුන් නමැති නිරායුධ කළු ඇමෙරිකන් ගැටවරයා අගෝස්තු 09 වැනිදා ෆර්ගියුසන් වීදියේදී එල්ලවූ පොලිස් වෙඩි තැබිමකින් මියයාම ගැන උදහස පළ කරමින් පළාතේ කළු ජනයා ගෙන ගිය සාමකාමී විරෝධය එම ජනතාව සහ ප්‍රදේශයේ සුදු පොලිස් නිලධාරීන් අතර ගැටුමක් බවට පත්වීමෙන් පැතිර ගිය ප්‍රචණ්ඩතා රැල්ල “ෆර්ගියුසන් කැරැල්ල” ලෙස හඳුනාගැනෙයි.
මිසුරි ප්‍රාන්තයේ ෆර්ගියුසන් නගරයේ අති බහුතරය ඇමෙරිකන් කළු ජනයා නමුදු එහි පොලිසියේ ඉහළ නිලධාරීන් ඉතා වැඩි දෙනා සුදු ඇමෙරිකානුවෝය. සුදු නිලධාරීන්ගේ ආධිපත්‍යයෙන් යුතු පොලිසිය බහුතර කළු ජනතාව අතරින් නිරායුධ තරුණයකුගේ ජීවිතය බිලි ගැනීමත්, එයට එරෙහිව නැගුණු යුක්ති සහගත කළුජන විරෝධය සුදු පොලිසියේ බලතල ප්‍රමාණය ඉක්මවමින් මර්දනය කිරීමත් නිසා හටගත් සාමකාමී කළු විරෝධය කැරලිකාරිත්වයක් දක්වා උත්සන්න විය. පොලිසියේ ධවලාධිපති හැසිරීම් නිසා ඇති වූ මනුෂ්‍ය ඝාතනය කළු ජනයාගේ යුක්ති සහගත විරෝධයට මෙන්ම සාධාරණ සුදු මිනිසුන්ගේ කම්පාවටද හේතු විය.
පොලිසිය අතින් ඝාතනයවූ මයිකල් බ්‍රවුන් නමැති දහඅට හැවිරිදි කළු ගැටවරයාගේ අවමගුලට සහභාගීවීම සඳහා එහි නිලධාරීන් තිදෙනකු යැවූ ජනාධිපති බැරැක් ඔබාමා සන්සුන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණද කලබල ගතිය තුනීවීමට දින කිහිපයක්ම ගත විය. ෆර්ගියුසන්හි කළු ජන නැගිටීම ඇමෙරිකන් පොලිසිය විසින් කොතරම් දරුණු ලෙස මර්දනයට හසුකරන ලදැයිද යත් විරෝධක පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර දෙන ලෙස ඇමෙරිකන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් පවා පෙලඹිණි.
සාමකාමී රැස්වීමට විරෝධය පෑමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස රැකදෙන බවට සහතික වන්නැයි මහලේකම්වරයා ඇමෙරිකන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ පෙළපාළිකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මෙන්ම ජාත්‍යන්තරවද දක්වා ඇති ප්‍රමිතියට ගරු කරන ලෙසද පවසා ඇත. රාජ්‍ය මට්ටමෙන් ලැබෙන අනුබලයක් ඇතිව ෆර්ගියුසන් කැරැල්ල ගැන නිරීක්ණ පළ කිරීමේදී විදේශ මාධ්‍ය අතුරෙන් විශේෂයෙන් කැපී පෙනුණේ චීනය, රුසියාව සහ ඉරානය නමැති රටවල මාධ්‍ය ආයතන බව කිය හැකිය.
මානව හිමිකම් ගැටලු අරබයා ඇමෙරිකන් රජයේ විවේචනවලට නිරතුරුව ගොදුරු වන එකී රටවල් ඇමෙරිකාවට පෙරළා පහරගැසීමේ වෑයමක යෙදෙමින් “කල දුටුකල වළ ඉහගැනීමේ” පිළිවෙතකට නැඹුරුවීදැයි කුතුහලයක් මතුවිය හැකිය. එහෙත් මානව හිමිකම් රැකදීම පිළිබඳ ඇමෙරිකන් පුරාජේරුව හෙළිදරව් කිරීමේදී එම රටවල් මාධ්‍ය සමග තරගවැදීමට මෙන් ඉතා දැඩි විවේචනාත්මක ස්වරූපයක් ගැනීමට බටහිර රටවල ප්‍රධාන පෙළේ මාධ්‍යයද ක්‍රියා කර තිබිණි.
ෆර්ගියුන් කැරැල්ලට තුඩුදුන් සමාජ - ආර්ථික සාධක හඳුනාගැනීම ඔස්සේ විචාරශීලී දෘෂ්ටි කෝණයකින් ඇමෙරිකන් ඛිෙදවාචකය විනිවිද දැකගැනීමේ අවස්ථාවක් මේ නිසා උදාවිය.යුක්රේන අර්බුදයට අදාළව ඇමෙරිකාව සමග මේ දිනවල සීතල යුද්ධයකට පැටලැවී සිටින රුසියන් “කොමිසොමොල්ස්යාප්‍රව්ඩා” පත්‍රය ඇමෙරිකන් අර්බුදය තියුණු සරදමකට ලක් කළේ ඉරාක ආක්‍රමණයේදී සිය යුද්ධ හමුදාව මෙහෙයවූ ආකාරයටම ඇමෙරිකාව ෆර්ගියුසන් හි කළු ජනයා මර්දනය කිරීමට සිය පොලිසිය යොදවා ඇතැයි කියමිනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු ජනාධිපතිවරයකු සිටියදීම එරට කළු ජනයා වර්ණභේදවාදී වාර්ගික වෙනස්කම් නිසා නොකඩවා පීඩාවට පත්වෙමින් ඇතැයි චීන රජයට සම්බන්ධ “ග්ලෝබල් ටයිම්ස්” පත්‍රය පැවසීය. ඉරාකයට එරෙහිව ඉස්ලාමීය රාජ්‍යවාදී ඇන්තගාමී සන්නද්ධ හමුදාවක් වන “ඉසිල්” නමැති ප්‍රහාරක බලවේගයට එරෙහි සටනේදී ඇමෙරිකාව සමග කිසියම් අවබෝධයකට එළැඹ ඇතැයි පෙනෙන ඉරානයත්, ෆර්ගියුසන් කැරැල්ල උපයෝගී කරගනිමින් ඇමෙරිකාවේ මානව හිමිකම් පිළිවෙත් දෙබිඩි ස්වභාවය හෙළිදරව් කිරීමට වගබලා ගත්තේය.
මානව හිමිකම් රැකීමේ ධජය මානව හිමිකම්වල “ ලොකුම සතුරන්” විසින් ඉහළින්ම ඔසවාගෙන සිටින අතර, එම පෙළගැසීමේදී ඇමෙරිකන් දෙපිටකාට්ටු ස්වභාවය මුලින්ම දැක ගත හැකි බවත් ඉරාකයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනි සිය වබේ අඩවිය ඔස්සේ සටහන් කළ නිරීක්ෂණයෙන් කියා සිටියේය. බ්‍රිතාන්‍යයේ “ද ටෙලිග්‍රාෆ්” පත්‍රය මෙහිදී මූලික කරුණක් මතු කළේ චීනයේ “ද ග්ලෝබල් ටයිම්ස්” පත්‍රය විසින් කරන ලද තර්කයට සමාන ප්‍රශ්නයක් මතුකරමිනි.
ඒ ඇමෙරිකා එක්සත් ජනපදයට කළු ජනාධිපතිවරයකු සිටියදීත් අගෝස්තු 09 ෆර්ගියුසන් කැරැල්ල හටගත්තේ කෙසේදැයි අසන අතරම එම ගැටලුවට පිළිතුරු සැපයීමේ ප්‍රයත්නයකද යෙදෙමිනි. ඇමෙරිකන් ජනාධිපති ලෙස පත්වූ ප්‍රථම කළු ජාතිකයා වීමේ ඉතාහාසගත වාර්තාව අත්කරගැනීම හැරෙන්නට සිය සුවිශාල සුපිරි දේශය තුළ ඓතිහාසික වශයෙන් නිදන්ගත වූ සමාජ ව්‍යාධියක් වන විවිධ වාර්ගික ජනයා අතර විශේෂයෙන්ම සුදු ජනයා සහ කළු ජන ප්‍රජාව අතර සමාජ, ආර්ථික පරතරය නැතිකරලීම උදෙසා අර්ථවත් පියවර ගැනීමට බැරැක් ඔබාමා අසමත් වූ බව එමගින් පෙන්වා තිබේ.
වාර්ගික ගැටලුව ගැන වරින්වර කතා කළත් ජනාධිපති ඔබාමාගේ අලංකාර දේශනවලින් වැඩදායක දේශපාලන ප්‍රතිඵල ලැබි නැතැයිද එම පත්‍රය වෙන්වා දෙයි.සුදු - කළු දෙකොටස අතර ආර්ථික අසමානතා ගැන විවරණයක යෙදෙන පත්‍රය, ඇමෙරිකන් ආර්ථික පසුබැසීමේ රුදුරු පීඩනය, සුදු ජනයාටත් වඩා දරුණු ලෙස විඳගැනීමේ දුක්මුසු ඉරණමකට කළු ජනයා ගොදුරු වී ඇති බවද කියා සිටියි.මෙය ආදායම බෙදීයාම අතින් පමණක් නොව රැකියා වියුක්තිය අතින්ද කළු ජනයා මත මහත් ව්‍යසනකාරී ලෙස බලපවත්වයි. ආර්ථික අසමානත්වයට අමතරව ගෘහස්ථ සහ පවුල් කටයුතුවලදී කළු ජනයාගේ ගැටලුද වඩාත් උත්සන්න වී තිබේ. පීතෘභාවය පිළිබඳ අර්බුදයද කළු ජනතාව අතර ඉතා උග්‍රය. නීත්‍යානුකූල විවාහයකින් තොරව ඇතිවන දරු උපත් සුදු ජනයා අතර සියයට 29 ට සීමාවී ඇති අතර කළු ජනයා අතර එය සියයට 72 කි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ගබ්සාවට බඳුන් කෙරෙන ස්ත්‍රින්ගෙන් සියයට 36 ක්ම කළු ගැබිනි මව්වරුන් වීම, සෞඛ්‍ය ප්‍රශ්නකටත් වඩා සුළුතර ජනප්‍රජාවක් පිළිබඳ ගැටලුවක් බවට පත්වෙයි.
රට තුළ වාර්ගික අසහනය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ගැටලුවට විශේෂයෙන් සාධක වූ වෙනත් බරපතළ හේතුවක් ද තිබේ. රටේ පොලිස් සේවය සහ අධිකරණ පද්ධතිය අශෝභන උදාහරණ ලෙස අසමතුලනය පිළිබඳ පැවතීමට අමතරව කළු ජනයා වැඩි වැඩියෙන් සිරගතකරවීමේ ක්‍රමවේදයක් බවටද පිරිහීමයි. ඇමෙරිකන් පොලිසිය නීතිය සහ සාමය රැකදීම සම්බන්ධ ආයතනයක්වීම වෙනුවට කළු ජනයා පීඩනයට පත් කිරීමේ මෙවලමක් බවට පෙරළී තිබේ. ඉතාම සුළු ආරෝවකදී පවා කළු ඇමෙරිකානුවන් සිරගත කරවීමේ උපක්‍රම සඳහා මත්ද්‍රව්‍ය විරෝධී නීති සහ දණ්ඩන භාවිතා කෙරෙන අතර අසාධාරණ ලෙස නීතිය හැසිරවීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිරගත කෙරෙන කළු පුරවැසියන්ගේ සංඛ්‍යාව නොකඩවා ඉහළ යයි. ඇමෙරිකන් සමාජය තුළ මුල්බැස ඇති ධවලෝත්තම ආකල්පයට එරෙහි කළු ජන උදහස ඉහළ යාමට මෙයද ප්‍රබල හේතුවක් වේ.
ප්‍රාදේශීය පොලිස් ස්ථානවල සංයුතියේදී ජන අනුපාතය පිළිබඳ සාධකය නොසලකා හැරෙන්නේ කළු පුරවැසියන්ට හිතමතාම වෙනස්කම් කිරීමේ පදනමින් බවට බරපතළ චෝදනා ද නැගෙයි. අලුත්ම වාර්ගික කැරැල්ල හටගත් ෆර්ගියුසන්හි පොලිසිය සංයුක්ත වී ඇති ආකාරය මේ පිළිබඳ නිදසුනකි. ෆර්ගියුසන් හි ජනගහනයෙන් සියයට 67 ක්ම කළු ජනයා නමුදු එහි පොලිසියේ නිලධාරීන්ගෙන් සියයට 94 ක්ම සුදු ජාතිකයන්ගෙන් සමන්විත වෙයි.
ෆර්ගියුසන් කැරැල්‍ලේ ඉතා භයානක පැත්ත කඩ සාප්පු කොල්ලකෑම් බව බොහෝ විට පෙන්වා දෙනු ලැබේ. එහෙත් කැරැල්ලට තුඩුදුන් සමාජ විෂමතා පිළිබඳ පසුබිම නිර්මාණය වූයේ නීතිය සහ සාමය රැකීම පිළිබඳ කාර්ය පද්ධතිය තුළදී කළු ජනයාට ච්ෙතනාත්මකව සහ සැලසුම් සහගතව වෙනස්කම් සිදුවීමෙන් හටගත් සමාජ අසහනය නිසා බව පැහැදිලිය. පෙත්තෙන් කඩා ගත හැකි විරෝධයක් ලෙස මතුවූ කළු ජන උදහස පොල්ලෙන් මර්දනය කිරීමේ “මරුමුස්” පිළිවෙතකට පොලිසිය නැඹුරුවීම නිසා ඇමෙරිකාව සසල කරවූ වාර්ගික කැරැල්ලක් හටගත් බවට විචාරකයෝ එකඟ වෙති.
ෆර්ගියුසන් ප්‍රචණ්ඩත්වය පැතිරෙන අතර කළු ජනයා තලා පෙළීමට අමතරව මාධ්‍ය මර්දනයක යෙදීමටත් ඇමෙරිකන් පොලිසිය වගබලා ගෙන තිබේ. ගැටුම් වාර්තා කිරීමේ වෘත්තීය වගකීම් ඉටුකරන අතරතුරදී සිය ආයතනයට අයත් වාර්තාකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන පැය තුනක කාලයක් පොලිසිය රඳවා ගනු ලැබ සිටිබව “ඩයිබල්ට්” නමැති ජර්මන් පුවත්පත පවසයි. ෆර්ගියුසන්හි පොලිස් මර්දනයට සිය මාධ්‍යවේදීන්ද ගොදුරු වූ බව ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් දෙකක් වන “වොෂින්ටන් පෝස්ට්” සහ “හනින්ටන් පෝස්ට්” ද චෝදනා කර තිබිණි.
ඇමෙරිකන් පොලිසියේ “ ආරක්ෂක ක්‍රියාමාර්ග“ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූයේ “මුළුමනින්ම අසාධාරණ” ලෙස බව ජර්මන් මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ නායක මයිකල් කොන්කෝ කීවේය. ජර්මන් පුවත්පත් හිමියන්ගේ සංගමයේ මහ අධිකාරී ඩියට්මාර් වොල්ෆ් පැවසුවේ නිදහස් මාධ්‍ය පිළිබඳ දීර්ග සම්ප්‍රදායක් හිමි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පවත්නා රටකදී බාධා විරහිතව සිය වෘත්තීය යුතුකම් ඉටුකර ගත නොහැකි පරිදි සිදුවූ එබඳු අත්අඩංගුවට ගැනීම් නිසා තමන් මහත් කනස්සල්ලට පත්වූ බවය. ඇමෙරිකන් කළු ජන විමුක්තිය උදෙසා සිදුකෙරුණු යුක්ති සහගත සටනේ අනුස්මරණීය යුග මෙහෙවරකට නායකත්වය දුන් සිවිල් අයිතිවාසිකම් පුරෝගාමියකු වන මාටින් ලූතර් කිං “මට සිහිනයක් ඇත” යනුවෙන් ඉතිහාසගත දේශනයක් සිදුකර අර්ධ ශතවර්ෂයක් ගතවී ඇත. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකදී සමානත්වයේ පදනම මත ජීවත්වීම උදෙසා කළු ජනතාවට ඇති සදාදරණීය සිහිනය තවම සැබෑ වී නැත.
මේ අතර ඇමෙරිකන් පොලිසිය “මිලිටරිකරණයට” ගොදුරුවීමේ ප්‍රවණතාව සමාජ, දේශපාලන උවදුරක් තරමට ප්‍රචණ්ඩත්වයේ පෙනුමක් සහිතව වැඩී ඇතැයි බලවත් භීතියක් එරට මහජනතාව අතර පැතිරෙමින් තිබේ. ඇමෙරිකන් සමාජය තුවක්කු සංස්කෘතියට බිලිවීමේ අවදානමද ආයතනගතව සමාන්තරව මතුවෙයි. පොලිස් වෙඩි තැබිමකින් නිරායුධ කළු තරුණයා මියයාම ගැන මතුවූ කළු ජන විරෝධතාවයේ කූටප්‍රප්තිය වූයේ අයුක්තියට එරෙහිව කැරලි ගැසීම, යුක්තිසහගත බවට ඇති විශ්වාසය යළිත් ජනගතවීමේ පදනමක් බිහිවීමයි. ලෝක පොලිස්පති ලෙස අනෙක් රටවල් හැසිරවීමට වෙර දරමින් ඇති ඇමෙරිකන් සුපිරි බලවතා තමන්ගේ රට තුළ පොලිසියක් පවා පාලනය කරගත නොහැකි අර්බුදයකට පත්වීම ඔබාමා රජයේ පරිපාලන දුර්වලතාව විදහා දක්වන්නක් පමණක් නොවේ. මානව හිමිකම් රැකදීමේ “පරමාදර්ශී සුපිරි දේශය” ලෙස ජාත්‍යන්තරව තහවුරුවීමට උත්සාහ දරමින් ඇති වකවානුවකදී ඇමෙරිකන් කඩාවැටීම පෙන්වන ශෝචනීය පිළිබිඹුවක් ලෙසද එය සැලකිය හැකි වෙයි.
මානව හිමිකම් ගැන ඇමෙරිකන් පුරාජේරුව පිළිබඳ සන්දර්භය තුළ එය දැකගත හැකිවන්නේ “ලෝකෙට පරකාසයක් සහ ගෙදරට මරගාතයක්” ලෙස නොවේද? ඇමෙරිකාවට ලැබුණු හොඳම ජනාධිපතිවරයා වීමේ දේශපාලන අවස්ථාව බැරැක් ඔබාමාගෙන් ගිලිහී යයිද?
සරත් කුරේ
0 comments:
Post a Comment