728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 16 August 2014

බය නැති මිනිස්සු....

ලොව පුරා ගුවන් යානා අනතුරු ඉතාමත් සීමිත ප්‍රමාණයක් වාර්තා වුවත් ගුවන් යානා භාවිතා කර විවිධ රටවල්වල සංචාරය කරන ගුවන් මගීන්ගේ වැඩිවීමක් මිස අඩුවීමක් මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන පැවසීය.

දිනකට ගුවන් යානා 80,000 ක් පමණ ලොව පුරා සැරිසරන බවත්, නමුත් ලොව පුරා අලෙවි වන ගුවන් ටිකට් පත්වල වර්ධනයක් මිස අඩුවීමක් කොහෙත්ම වාර්තා වී නැතැයි ද හෙතෙම සඳහන් කළේය. එසේම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ටිකට්පත් අලෙවිය ද වර්ධනය වී ඇතැයි ද පැවසීය.
අපගේ කලාපීය රටවල් සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමුකර තිබෙන බව සඳහන් කරන විධායක නිලධාරීවරයා මැදපෙරදිග සියලුම රටවල් මාලදිවයින, ඉන්දියාව, මැලේසියාව මෙන්ම අපගේ ශ්‍රී ලංකාව ද ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබෙන අවස්ථාවක ගුවන් මගීන් වර්ධනය වීම සුබ ලකුණක් යැයි ද පැවසීය.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බය නැති මිනිස්සු.... Rating: 5 Reviewed By: Unknown