728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 20 August 2014

කුට්ටි පිටින් ගසා කන ප්‍රමිතියක් නැති මාර්ග සංවර්ධනය.....

මාර්ග ඉදිකිරීම ක්‍ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන්ගේ පැවැත්ම උදෙසා පිඹුරුපත් සකසමින් මහජන දේපළ හා මහජන මුදල් නිරපරාදේ කාබාසිනියාවීම පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු වන්නේ නම් නැති බැරි අහිංසක ජනතාවට අදට වඩා හොඳ කලක්‌ හිමිකර දිය හැකි බව ඒකාන්තය.

වත්මන් රජය මගින් දිවයිනේ සෑම ප්‍රදේශයකම මාර්ග වැඩි දියුණු කරමින් කොන්ක්‍රීට්‌ - කාපට්‌ දමා මාර්ග සංවර්ධනය කිරීම මතින් ප්‍රවාහන කටයුතු වඩාත් කාර්යක්‌ෂම හා විධිමත් අයුරින් පවත්වා ගෙන යැමට අවකාශ සැලසී ඇත. කෙසේ නමුත් ජාතික ධනය මිලියන ගණනින් වැයකොට සිදුකෙරෙන මෙම ව්‍යාපෘතීන්හි වැඩ කටයුතු නිම කොට කෙටි කලක්‌ තුළදී ඒවා කාබාසිනියා කර දැමීමට ඇතැම් ප්‍රදේශවල කටයුතු සිදුවීම කනගාටුදායකය. වැඩිදියුණු කරන ලද මාර්ග හරහා ජල සැපයුම් ලබාදීමටද මළාපවහන පද්ධති ඉදිකිරීමටද කාණු කැපීම සිදුකොට එම ස්‌ථාන පෙර පරිදි යථා තත්ත්වයට ප්‍රතිසංස්‌කරණය නොකොට නොසලකා හැරීම බොහෝවිට දක්‌නට හැකිය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මතින් මෑතකදී කාපට්‌ අතුරා සංවර්ධනය කරන ලද වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙසේ මෙවන් ආකාරයේ ස්‌ථාන කිහිපයක්‌ දක්‌නට පිළිවන.

විශේෂයෙන්ම ග්‍රාමීය පෙදෙස්‌වල අතුරු මාර්ග කොන්ක්‍රීSට්‌ යොදා සංවර්ධනය කිරීම සිදු කෙරේ. මේ ආකාරයෙන් සිදුකරන ලද වැඩකටයුතු නිසි ප්‍රමිතියකට සිදුනොවීම පිළිබඳව නොයෙකුත් ප්‍රදේශවලින් කරුණු අනාවරණය වේ. කොන්ක්‍රීට්‌ ඇතිරීමට පෙර මාර්ගය නිසියාකාරව සකස්‌ නොකිරීම හා කොන්ක්‍රීට්‌ මිශ්‍රණය අඩු ප්‍රමිතියකින් යෙදීම හේතුවෙන් අවුරුද්දක්‌ ගතවන්නටත් පෙර මාර්ගයේ තැනින් තැන කොන්ක්‍රීට්‌ ගැලවීයැම සිමෙන්ති සේදී ගොස්‌ ගල්කැට මතුවීම වළ ගොඩැලි සෑදීම ආදී වශයෙන් පාරවල් කිහිපයක්‌ අබලන් තත්ත්වයට වැටී ඇති බව කිව හැකිය.

මහා මාර්ග සංවර්ධනයේදී දෙපස ධාවන තීරු වෙන් කරන මැද තීරුව සඳහා වැඩි ඉඩ ප්‍රමාණයක්‌ වෙන් කිරීමද එම කොටසේ වැඩ කටයුතු සඳහා විශාල වියදමක්‌ දැරීමද බෙහෙවින් සිදුවේ. මාර්ගයේ මැද කොටස අඩි 4 ක්‌ තරම් පළලින් යුක්‌තවන සේ කොන්ක්‍රීට්‌ කෑලි යොදා ඉදිකිරීම සඳහා අධික පිරිවැයක්‌ දරති. මේ හේතුවෙන් මාර්ගයේ ධාවනය සඳහා ඇති ඉඩකඩ ප්‍රමාණය අඩි 4 කින් පමණ අඩුවන අතරම අලංකරණය සඳහා නිරපරාදේ ඉඩකඩ වෙන්කර තැබීම සඳහා වැයකරන ලද කාලය මිනිස්‌ ශ්‍රමය හා මහජන මුදල් කොතරම්වේද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුය. කිරිබත්ගොඩ නුවර පාරේද වීරකැටිය මිද්දෙණිය පාරේද මෙවන් ආකාරයේ ඉදිකිරීම් සිදුකොට ඇත. විකල්පයන් වශයෙන් දෙපස ධාවන තීරු වෙන් කිරීම සඳහා වැවක්‌ ඉදිකිරීම හෝ තීන්ත ඉරි දෙකක්‌ යෙදීම වඩාත් උචිත නොවන්නේද එසේ වූයේ නම් වැය කරන ලද ධනස්‌කන්ධයෙන් නැති බැරි දිළිඳු පවුල් කිහිපයකට ඉන්න හිටින්න නිවාස කිහිපයක්‌ සාදා දෙන්නට හැකියාව තිබුණේ නොවේද?

මාර්ග ඉදිකිරීම ක්‍ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන්ගේ පැවැත්ම උදෙසා පිඹුරුපත් සකසමින් මහජන දේපළ හා මහජන මුදල් නිරපරාදේ කාබාසිනියාවීම පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු වන්නේ නම් නැති බැරි අහිංසක ජනතාවට අදට වඩා හොඳ කලක්‌ හිමිකර දිය හැකි බව ඒකාන්තය. මාර්ග සංවර්ධනයේ සැලසුම් සකසන්නන්ගේත් ඒවා අනුමත කරන්නන්ගේත් දේශපාලන බලදරුවන්ගේත් අවධානය මේ සම්බන්ධයෙන් යොමුවීම කාලෝචිතය.

මීගස්‌ආර ගුණපාල වික්‍රමාරච්චි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කුට්ටි පිටින් ගසා කන ප්‍රමිතියක් නැති මාර්ග සංවර්ධනය..... Rating: 5 Reviewed By: Unknown