728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 16 August 2014

රූපලාවන්‍ය වෙළෙඳාම,



අන්තරාවයි...
රූපලාවන්‍ය වෙළෙඳාම,
උමතුවේ සහ මරණයේ සීමාවන් පසු කොට ඇත...

වර්තමාන කාන්තාවන් ඇතැමෙකු එක්‌ අතකට විලාසිතා සහ රූපලාවන්‍ය කලාවේ උමතු සීමාවද පසු කර ගොස්‌ ඇති බැව් පෙනේ. අනෙක්‌ අතට, අන්තර්ගතය හා ප්‍රමිතිය පිළිබඳව ඒ හැටි සැලකිල්ලක්‌ නොදක්‌වන සහ ඒවා සම්බන්ධයෙන් වන දැනුමෙන් යාවත්කාලීන නොවන පාරිභෝගිකයින් බහුතරයක්‌ සිටින රටක ජීවත් වන අප හට විලාසිතා සහ රූපලාවන්‍ය නාමයෙන් කිසිදු වැදගැන්මකටද නැති නිෂ්පාදන රාශියක්‌ විකූණමින් සිටින තක්‌කඩි මුදලාලිලා විසින් එකී නිෂ්පාදනවල අවම සෞඛ්‍ය ආරක්‌ෂිතභාවය කෙසේ වෙතත් මරණයේ සීමාවද පසු කොට ගොස්‌ තිබේ. ඇතැම් නිෂ්පාදන වල අන්තර්ගතයන් දෙස විමසිලිමත් වීමෙන් මේ මාරක ඇත්ත පෙනී යයි.

එක්‌තරා සති අන්ත උදෑසනකදී තරමක්‌ ප්‍රමාද වී අවදි වූ එක්‌තරා ස්‌වාමි පුරුෂයෙකු ඇඟ පත සෝදාගෙන, ගෙයි සාලෙ හරි බරි ගැසී වාඩි වූවේ තම ප්‍රියංභිකාවගේ දෑතින් පිරිනැමෙන දුම් දමන තේ කෝප්පය තොල ගෑමේ බලාපොරොත්තුවෙනි. තම බිරිඳ කුස්‌සියේ සිටින බවට එහි කෙරෙන ශබ්දවලින් හැඟී යයි. මද වෙලාවකින් දොර ඇරගෙන ආ ඇය දැන් ඔහු අභිමුවෙහිය. -දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ..., ඔහු ඉදිරියේ සිටින්නේ කවුදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.

මේ නම්, පිටසක්‌වලින් ආ ඒලියන්ස්‌, කෙනෙකු විය යුතුය. මේ අපුරු ජීවියාගේ කෙස්‌ කළඹ හැඩපලු ගෙතුවා සේ දම්වැල් ආකාරයට පහළට එල්ලා වැටෙමින් ඇත. ව්‍යාඝ්‍රයෙකුගේ වයිරං මෙන්, වර්ණ ගැන්වී ඇත. ඇහිබැම නිල් පැහැ ගැන්වී ඇත. මේ ජීවියාගේ පඬු පැහැති සහ සුදු පැහැති මුහුණ සිහි ගන්වන්නේ මෝහිනීගේ අවතාරයයි. කට, මේ දැන් ලේ බිවූ -ඩ්‍රැකියුලා, කටක්‌ වැනිය. දෑත් දෙපාවල දම් පැහැති උල් පිහියා වැනි නිය පොතුය. මේ සතාගේ වස්‌තරය, අඩකටත් වඩා නිරුවස්‌තරය.

සුදෝ මං දැන් හරි හැඩයි නේද,.....?

ටික වේලාවකින් මේ මෝහිනිය සිය හඬ අවදි කළාය.

වර්තමාන කාන්තාවන් ඇතැමෙකු එක්‌ අතකට විලාසිතා සහ රූපලාවන්‍ය කලාවේ උමතු සීමාවද පසු කර ගොස්‌ ඇති බැව් පෙනේ. අනෙක්‌ අතට, අන්තර්ගතය හා ප්‍රමිතිය පිළිබඳව ඒ හැටි සැලකිල්ලක්‌ නොදක්‌වන සහ ඒවා සම්බන්ධයෙන් වන දැනුමෙන් යාවත්කාලීන නොවන පාරිභෝගිකයින් බහුතරයක්‌ සිටින රටක ජීවත් වන අප හට විලාසිතා සහ රූපලාවන්‍ය නාමයෙන් කිසිදු වැදගැන්මකටද නැති නිෂ්පාදන රාශියක්‌ විකූණමින් සිටින තක්‌කඩි මුදලාලිලා විසින් එකී නිෂ්පාදනවල අවම සෞඛ්‍ය ආරක්‌ෂිතභාවය කෙසේ වෙතත් මරණයේ සීමාවද පසු කොට ගොස්‌ තිබේ. ඇතැම් නිෂ්පාදන වල අන්තර්ගතයන් දෙස විමසිලිමත් වීමෙන් මේ මාරක ඇත්ත පෙනී යයි.

තම රූප ස්‌වභාව ඔප් නංවා ගැනීමේ අරමුණින් රූපලාවන්‍යාගාරවලට ගොඩ වැදුණු සහ එම නිෂ්පාදන භාවිත කළ කිහිපදෙනෙකුටම මිනී පෙට්‌ටි වලින් ගෙදර එන්නට සිදු වූ පුවත් කිහිපයක්‌ම පසු ගිය දිනවලදී මෙරටින් සහ එරටින් වර්තා විය. මේ මොහොත වනවිට රටේ ප්‍රධාන මාතෘකාවක්‌ව ඇත්තේ එවැනි රූපලාවන්‍ය සැත්කමක්‌ ස`දහා පුද්ගලික ආයතනයකට ගිය වෛද්‍යවරියක්‌ බෙහෙත් අසාත්මික වී මිය යැමේ සිද්ධියකි.

විෂ පෙවූ ලස්‌සන

වර්තමානය වන විට රූපලාවන්‍ය කර්මාන්තය යනු අධික ලාභ ගෙන දෙන ව්‍යාපාරයක්‌ වන අතර, මේවා නිෂ්පාදනය සඳහා විවිධ රසායනික ද්‍රව්‍යයන් දස දහස්‌ ගණනක්‌ භාවිත කරයි. මේ සටමහර ඒවා විවිධ රෝගාබාධවලට හේතුකාරක වන බවට තහවුරුව තිබේ. පියයුරු පිළිකාවල පටක කොටස්‌ පරික්‌ෂා කිරීමේදී, කාන්තා උදවිය නිතර දෙවේලේ ඇඟේ ගාන රූපලාවන්‍ය නිෂ්පාදනවල තිබෙන ඇතැම් රසායනික සංයෝග තිබී හමු වීම අහම්බයක්‌ නොවන බව විද්‍යාඥයෝ පවසති. මෙවැනි විෂ සහිත රසායනික ද්‍රව්‍යය කන්දරාවක්‌ම, අපි උදේ ඉදන් රෑ වෙනතුරු භාවිත කරමින් සිටින්නෙමු. එහෙත් ප්‍රමිතීන් සහ නීතිමය පාලනයන් ඉතා දැඩිව ක්‍රියාත්මක කෙරෙන යුරෝපා රටවල්වල පවා, වෙළඳපොළේ විකිණීමට ඇති රූපලාවන්‍යය නිෂ්පාදන වර්ග පිළිබඳව කර ඇති පර්යේෂණ වලින් හෙළිවී ඇති තතු විත්ති එතරම් සුන්දර හෝ සුවඳවත් නැත. වඩා වැදගත් නිතර දෙවේලේ අප විසින් පරිභෝජනය කරනු ලබන රූපලාවන්‍ය නිෂ්පාදනවල තිබිය හැකි එවැනි හානිකර රසායනික සංයෝග කිහිපයක පැටිකිරිය මෙසේය.

වත්සුනු ගැල්වීම ප්‍රවේශමෙන්...

ටැල්ක්‌ පවුඩර් සාදනු ලබන්නේ -මැග්නීසියම් ට්‍රයිසිලිකේට්‌, නමැති ඛනිජ වර්ගයෙන් වන අතර, මෙම ඛනිජය සියුම්ව අඹරා සාදා ගනු ලබන -ටැල්ක්‌, තුළ පිළිකා අර්බුදවලට හේතු විය හැකි සියුම් ඇස්‌බැස්‌ටස්‌වලට සමාන කෙඳි අඩංගු වන බව සොයා ගෙන තිබේ. වර්ෂ 1973 සිටම යුරෝපා රටවල් තුළ ටැල්ක්‌ නොමැති නිෂ්පාදන වර්ග වෙළඳපොළේ ඇත. මේ සම්බන්ධයෙන් කර ඇති පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ, ප්‍රජනක ඉන්ද්‍රියයන් ආශ්‍රිතව සහ කිහිලිs ප්‍රදේශවල ටැල්ක්‌ පවුඩර් වර්ග සහ -ඩිඔඩ්රන්ට්‌, (දහදිය දුගඳ වළක්‌වන ආලේප) ගල්වන කාන්තාවන්ට, සියයට 40%සිට 90% දක්‌වා වැඩි වන අවදානමක්‌ ඩිම්භකෝෂ පිළිකා කෙරෙහි පවතින බවයි. කුඩා දරුවන් මෙම ටැල්ක්‌ ආශ්වාස කිරීම, ඔවුන්ගේ නොමේරූ පෙනහළු තුළ බරපතළ සංකූලතා ඇති විය හැකි බවත් අවධාරණය කළ යුතුව ඇත.

D E A (Diethanolamine) - මෙය ශැම්පෝ ලෝෂන්ස්‌, ක්‍රීම් වර්ග වැනි නිෂ්පාදන වල තෙතමනය රඳවා ගැනීම සඳහා සුලභව භාවිත කෙරෙන රසායනික සංයෝගයකි. මෙය විලවුන් නිෂ්පාදනවල අන්තර්ග වෙනත් රසායනික සංඝටක සමග ප්‍රතික්‍රියා කිරීමෙන් අතිශයින්ම පිළිකා කාරක සංයෝග කාණ්‌ඩයක්‌ වන නියිට්‍රොසමයින් සංඝටක (Nitrosamine compounds) සෑදෙන බව සොයා ගෙන ඇත. මෙම සංඝටක සම මතින් ලෙහෙසියෙන්ම ශරීරගත වෙන බවත්, ඉතා සුළු මාත්‍රාවක්‌ පවා පිළිකා කාරක වන බවත් සැලකිය යුතුය. http://www.preventcancer.com/consumers/cosmetics/diethanolamine.htm

Benzyl acetate / benzyl alcohol - මේවා සම හරහා ලෙහෙසියෙන්ම ශරීරගත විය හැකිය. ශ්වසන ආබාධ, ආසාත්මිකතා, ක්‌ලාන්තය, වමනය, විශාධයටද හේතු වන බව පැවසේ. මෙම රසායනික ද්‍රව්‍යයන් රෙදි මෘදුකාරක, සුවඳ විලවුන්, ශැම්පෝ, රෙදි සෝදන කුඩු, නියපාට ඉවත්කරණයන්, පිඟන් සේදුම්කාරක, එයාර් ෙµ්‍රස්‌නර්ස්‌, සහ ශරීර ආලේපන වර්ග වල තිබිය හැකිය. බෙන්සිල් ඇසිටේට්‌ යනු ප්‍රබල අග්න්‍යාශයික පිළිකාකාරකයක්‌ ද වෙයි.

1,4 - dioxane - මෙය ප්‍රබල පිළිකාකාරකයකි. සේදුම් කුඩු, ශැම්පො වර්ග, කන්ඩිෂනර්, දියර සබන්, ෙෆාaමින් ජෙලි වැනි නිෂ්පාදන වල තිබිය හැකි අතුරු ඵලයකි. (byproduct) ඇමරිකානු ආරක්‌ෂිත විලවුන් ව්‍යාපාරය නැමති ආයතනය විසින් සිදු කර ඇති අධ්‍යයනයකට අනුව, ඇමරිකාවේ අළෙවි කෙරෙන ජනප්‍රිය විලවුන් නිෂ්පාදන වලින් සියයට 22 කම මෙම රසායනිකය තිබෙන බව හෙළි වී තිබේ. මෙම රසායනිකය ජෛව වියෝජනයට ප්‍රතිරෝධී ලක්‌ෂණ පෙන්නුම් කරන බැවින්, සේදුම් අප ජලයෙන් දූෂිත පානීය ජලය සහ එළවළු භාවිත කරන මිනිසාට බරපතළ හානියක්‌ අත් කර දිය හැකි බවට විද්‍යාඥයින් බිය පළ කර ඇත. විශේෂයෙන් වකුගඩු වලට, අක්‌මාවට, මොළයට, හා ස්‌නායු පද්ධතියට හානි කළ හැකි බව වැඩි දුරටත් දැක්‌වේ.

(http://safecosmetics.org/article.php?id=288)

Heavy metals - ලෙඩ්, ආර්සනික්‌, රසදිය, ඇලුමිනියම්, ක්‍රෝමියම් වැනි අතිශයින්ම හානිකර බැර ලෝහ වර්ග ඇතැම් තොල් ආලේපන, නිය ආලේපන, අයිලයිනර්ස්‌, හිස කෙස්‌ වර්ණ ගන්වන නිෂ්පාදන සහ ක්‍රීම් වර්ගවල තිබෙන බව සොයා ගෙන ඇත. එමෙන්ම මෙරට තුළ අළෙවි කරනු ලබන කළු සම් සුදු කරනවා යෑයි කියන, ෙµයානස්‌ ක්‍රීම්, වර්ග වල රසදිය අඩංගුව තිබී සොයා ගත් බවටද තොරතුරු වාර්තා වී තිබේ.

Limonene - මෙය සැලකිය යුතු මානව පිළිකාකාරකයක්‌, ප්‍රජනන පද්ධතියට සහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට විෂ, අසාත්මිකකාරකයක්‌ ලෙස සැලකේ. විලවුන්, සබන් සහ රෙදි සෝදන කුඩු නිෂ්පාදන වල කෘත්‍රිම දෙහි සුවඳ සඳහා භාවිත කෙරෙයි. ජාත්‍යන්තර සුගන්ධකාරක සංගමයේ ප්‍රමිති නීතිවලට අනුව (International Fragrance Association Codes & Standards) සහ ඇතැම් යුරෝපා රටවල් විසින් තහනම් කර ඇති රසායනිකයකි.

Formaldehyde - නිය ආලේපන වර්ග, ඇස්‌ පිහාටු අලංකරණයන් (Eye lash adhesive, lash glue) සුවඳ සබන්, බේබි සබන්, බේබි ශැම්පෝ, හෙයා ජෙල්, කෙස්‌ මෘදුකාරක, වර්ග, ශැම්පෝ වර්ග වල කල් තබා ගැනීමේ රසායනිකයක්‌ ලෙස භාවිත කෙරේ. ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය (International Agency for Research on Cancer) විසින් ඇල්ඩිහයිඩ් පිළිකාකාරක ද්‍රව්‍යයක්‌ ලෙස හඳුන්වා ඇත. ජපානය, කැනඩාව, ස්‌වීඩනය යන රටවල් විසින් මෙය තහනම් කර තිබෙන අතර, යුරෝපා සංගමයේ රටවල් තුළ ෙෆාaමැල්ඩිහයිඩ් අඩංගු වන්නේනම් එය ලේබලය මත සඳහන් කළ යුතු බවට නීතියක්‌ පනවා තිබේ.

Butane, Isobutane, propane - එංගලන්තයේ විසූ 16 හැවිරිදි ජොනතන් කේප්වෙල් නැමති නව යෞවනයෙකු, එක්‌තරා ඩිඔඩ්රන්ට්‌ වර්ගයක්‌ අධික ලෙස කාලයක්‌ තිස්‌සේ ඇඟ ගැල්වීම නිසාවෙන්, 1998 වසරේදී හදිසියේ හෘදයාබාධයක්‌ වැළඳීමෙන් මිය ගියේය. මරණ පරීක්‌ෂණයේ දී හෙළි වූයේ ඔහුගේ සිරුරේ ඩිඔඩ්රන්ට්‌වල තිබෙන බියුටේන් සහ ප්‍රොපේන් නැමති රසායනික සංයෝග අධිකව තිබුණු බවය.

Parabens - පෙට්‌රෝලියම් ආශ්‍රිත නිෂ්පාදනයන්ය. පැරබීන් වර්ග රාශියක්‌ වෙයි. සුවඳ විලවුන් වර්ග, ශැම්පෝ, බොඩි ලෝෂන්ස්‌, දහදිය ගඳ වළක්‌වන ආලේපන වර්ග, (Deodorants) වැනි විලවුන් නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා භාවිත කරයි. පියයුරු පිළිකා රෝගීන්ගේ පියයුරු පටක තුළ, පැරබීන් සංයෝග සුලභව දැකිය හැකි බව සොයා ගෙන ඇත. වඳ කාරකයක්‌, මඳ සරුභාවයට හේතු වන රසායනික කාණ්‌ඩයක්‌ ලෙසත් හැඳින්වෙයි. බොහෝ රටවල්වල තහනම් කර ඇත. බොහොමයක්‌ නිෂ්පාදන තුළ අන්තර්ගත වෙයි. (උදාහරණ, බියුටිල් පැරබීන්)

BHA / BHT - මෙම රසායනික සයෝග විලවුන් නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා භාවිත කරනු ලබන ප්‍රතිඔක්‌සිකාරකයන්ය. මේම රසායනික ද්‍රව්‍යයන් ශරීරර ගත වීමෙන් සංජානනීය උපත් ආබාධ, මඳ සරුභාවය, මානසික වර්ධනය අඩු වීමේ රෝග තත්ත්වය (පැබඒක රුඒරාaඑසදබ) ළමුන් තුළ ඇති වන අධි ක්‍රියාකාරිත්වය, ඇදුම, චර්මාබාධ, අධික මහන්සිය, ඇස්‌ දැවිල්ල, ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල වීම, ලිංගික අසමතුළිතතාවය, සහ පිළිකා ඇති විය හැකි බවට තහවුරුව පවතින නිසා ඇතැම් රටවල භාවිත කිරීම තහනම් කර ඇත. ළදරු තෙල්, ලෝෂන් වර්ග, ලිප්ස්‌ටික්‌, අයි ශැඩෝ වර්ග, ෂේවින් ක්‍රීම් වර්ග වල තිබිය හැකිය. ඇමරිකානු ජාතික විෂවේද වැඩසටහන (National toxicology program) විසින් මෙය සැළකිය යුතු මානව පිළිකා කාරකයක්‌ ලෙසත් නම් කර තිබේ.

phthalate - මෙය අතිශයින්ම හානිකර රසායනික සංයෝගයකි. ප්‍රබල හෝමෝන ක්‍රියාකාරිත්වය වියවුල් කාරකයක්‌, (Endocrine disrupter) වඳකාරකයක්‌, සහ පිළිකාකාරකයක්‌ ලෙසත් හැඳින්වේ. තැලේට්‌ අඩංගු බොහොමයක්‌ සුවඳ විලවුන් සහ එයාර් ප්‍රෙෂ්නර්ස්‌, ශැම්පෝ වර්ග, නිය ආලේපන, ප්ලාස්‌ටික්‌ ළදරු නිෂ්පාදන යුරෝපා කොමිසමේ රටවල් වල සපුරා තහනම් කර ඇත.

Methylisothiazolinone (MIT), - මෙය විලවුන් නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා භාවිත කරයි. පිළිකාකාරක සහ ස්‌නායු විෂකාරක ලක්‌ෂණ පෙන්නුම් කර ඇති බැවින්, කැනඩා රජය විසින් තහනම් කර ඇති අතර, යුරෝපා සංගමය සහ ජපානය විසින් භාවිතය සීමා කර ඇත. මේ බොහොමයක්‌ රසායනික ද්‍රව්‍යයන් ගර්භාෂයේ වැඩෙන දරුවන්ගේ මොළයට පවා හානි කරන්නට හේතු වෙන බවත් පැවසේ. (http://www.ewg.org/skindeep/ingredient/703935/METHYLISOTHIAZOLINONE/ )

Petrochemicals - මිනරල් ඔයිල් සහ පැරබින් සංයෝග සමග තිබිය හැකි PAHs සංයෝග (polycyclic aromatic hydrocarbons) පිළිකාව ඇතුළු සෞඛ්‍ය සංකූලතා රාශියකටම ඉවහල් වන අතර, බුද්ධි මට්‌ටම අඩු කරන්නටද හේතු වෙන බව සොයා ගෙන තිබේ.

අනුකරණයේ, ඇද ගැනීමේ විපාක

හිම කාන්තාර තුළ, ගල් අඟුරු ආකර උඩ, සීතල නිසාවෙන් මිනිසුන් මිය ගිය අතීතයක්‌ මානව වර්ගයා පසු කරගෙන ඇවිත් ඇත. ගල් අඟුරු යනු ප්‍රබල ඉන්ධනයක්‌ බවට වන ඥානය ඔවුන් පසක්‌ කොට සිටියානම්, කිසිසේත් ඔවුන්ට ඒ ඉරණම අත් නොවනු ඇත. ශාරීරික සුවය සඳහා වෙසෙසින්ම ඉවහල් වන ස්‌වාභාව ධර්මයා සතු විස්‌මිත දායාද පිළිබඳව අවුරුදු දහස්‌ ගණනක මානව ඉතිහාසය තුළ අතැඹුළක්‌ සේ අපි දැන සිටියෙමු. රූපලාවන්‍ය සඳහාත්, දීර්ඝායුෂ විඳීම සඳහාත් ස්‌වභාව ධර්මයෙන් ලද ආහාර සහ ඖෂධීය නිෂ්පාදනයන් මැනවින් ප්‍රගුණ කළ, භාවිතා කළ, එවන් ස්‌වභාවික සම්පත්වලින් අනූන ජාතියක්‌ ද වෙමු. අඳොමැයි.¾ එA ඥානය තිබුණු වෙද හාමිනේලාගේ, වර්තමාන මිණිබිරියන් ගොඩපර, වැටකේ ගස්‌ යට සිට වැටකෙයියා, ගොඩපර සාරයෙන් නිෂ්පාදනය කර ඇතැයි වෙළඳ දැන්වීම්වලින් කියනු ලබන ශැම්පෝ වර්ග, තෙල් වර්ග බෝතල් ගණනින්, සෞඛ්‍යට මෙන්ම පරිසරයටත් වින කරන රසායනික ද්‍රව්‍ය කන්දරාවක්‌ද සමගින් හිස ගල්වාගෙන, ස්‌වභාවික ශාක සාර වල ඇති ඔසු ගුණ ගැන කයිවාරු ගසයි. මේ මරණීය ඇද ගැනීමෙන් නිදහස්‌ වෙන තුරු අප බොහෝ දෙනෙකුගේ ඉරණම පෙර කී ගල් අඟුරු ආකර මත සීතලෙන් මිය යන්නන්ගෙන් නොවෙනස්‌ වනු ඇත.

(විලවුන් හා සුවඳ විලවුන් වර්ග වල තිබෙන සැක කටයුතු හෝ හානිකර රසායනික ද්‍රව්‍යයන් වල පැටිකිරිය ගැන දැන ගැනීම සඳහා EWG වෙබ් අඩවියේ http://www.ewg.org/skindeep/faq/ වෙත පිවිසෙන්න. )

ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්‌ෂක
ඇල්ල, (බණ්‌ඩාරවෙල)
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රූපලාවන්‍ය වෙළෙඳාම, Rating: 5 Reviewed By: Unknown