728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 11 August 2014

කුරුමිටි ගම්මානයක්...

චීනයේ සිවුචාන් දිස්‌ත්‍රික්‌කයේ පිහිටි යෑන්ග්සි ගම්මානයේ ජනගහනය මිනිසුන් අසු දෙනයි කිව්වොත් විශ්වාස කරන්නත් බැරි තරම්. එයිනුත් විශේෂත්වය වෙන්නේ මේ අය අතරින් තිස්‌ හය දෙනෙක්‌ම කුරු මිනිසුන් වීමයි. ඔවුන්ගෙන් උසම පුද්ගලයා අඩි තුනකුත් අඟල් එකොළහක්‌ වූ අතර කොටම පුද්ගලයා අඩි දෙකක්‌ තරම් උසකින් යුක්‌ත වුණා. කුරු මිනිසුන් සිටින නිසාම මේ ගම්මානය ''කුරු ගම්මානය '' නමින් හැඳින්වුණා. නමට අන්වර්ථ විදිහට ගමේ මිනිස්‌ ගහනය කුරු මිනිසුන් වීමත් විශේෂත්වයක්‌. මේ පිළිබඳව අධ්‍යයනයේ යෙදෙන්නට මානව විද්‍යාඥයන් උනන්දු වුණා.

සාමාන්‍ය ජෛව රිද්මයේ රටාවෙන් යමක්‌ වෙනස්‌ වෙත්ම ඒ ගැන විවිධ අදහස්‌ පහළ වෙනවා. කුරු ගම්මානය ගැනත් විවිධ කතාවන් ගෙතී තිබුණා. කුරු ගම්මානයේ උදවිය කියන විදිහට නම් ගමේ මිනිසුන් මේ විදිහට කුරු වුණේ පුද්ගලයන් මියගිය විට ඔවුන්ට ගෞරවයක්‌ නොදක්‌වා අවසාන කටයුතු කිරීම නිසා මළගිය ප්‍රාණකරුවන්ගේ සාපය ජීවත් වෙන්නන් වෙත එල්ල වී ඇති බවයි.
තවත් කතාවක්‌ අනුව මේ ගම්මානයේ ඉස්‌සර කාලයේ ජිවත් වුණ ''වැං'' කියන පුද්ගලයාට දවසක්‌ අමුතු ඉබ්බෙක්‌ හමු වුණා. සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට වූ පෙනුම නිසා මේ ඉබ්බාගේ අද්භුත බලයක්‌ ඇති බවත් ඒ නිසා ඉබ්බා නොමරා නිදහස්‌ කරන ලෙසටත් ගමේ උදවිය ''වැං'' ට කිව්වා. ඒත් ඉබිමසට ලොල් වුණ ''වැං ''ඒ ගැන මායිම් නොකර ඉබ්බා මරාගෙන මස්‌ කෑවා. මේ අද්භුත ඉබ්බා මරා දැමූ සාපය නිසා යෑංග්සි ගම්මානයේ වැසියන් මේ විදිහට කුරු බවට පත් වුණා යෑයි විශ්වාස කරනවා.

තවත් කතාවකට අනුව අතීතයේ එක්‌ දවසක රාත්‍රියේ අභිරහස්‌ රෝගයක්‌ පැතිරි ගියා. මේ වන විට වයස අවුරුදු 5 සිට 7 අතර වයසේ සිටි දරුවන් මේ රෝගයට ගොදුරු වුණා. රෝග තත්ත්වයෙන් මේ දරුවන් සුවය ලැබුවත් ඔවුන්ගේ ශාරීරික වර්ධනය නැවතුණා.
තවත් අදහසකට අනුව කියා සිටින්නේ බොහෝ කාලයකට පෙරාතුව චීනය විසින් ජපානය ආක්‍රමණය කරන විට මුදා හරින විෂ වායුව නිසා මේ අවාසනාවන්ත රෝග තත්ත්වයට මිනිසුන් ගොදුරු වුණ බවයි.
වෛද්‍ය පර්යේෂකයන් විසින් 1951 වසරේ යෑංන්ග්සි ගම්මානයේ සිදු කරනු ලැබුවා. මේ වන විට ගමේ සිටිය කුරු ගහනය 119 ක්‌. ගමේ ජලය, පස්‌, පවා පරීක්‌ෂාවට ලක්‌ කළත් පැහැදිලිs විසඳුමක්‌ ලැබුණේ නැහැ. 1997 වසරේ සිදුකරන ලද අධ්‍යයනයකට අනුව පෙන්වා දෙන්නේ පසෙහි තිබෙන රසදිය නිසා මේ රෝග තත්ත්වය වැළඳීමට හේතුව වීමට ඉඩ ඇති බව උපකල්පනය කළත් තවමත් මෙය සනාථ වී නැහැ. 
මෙහි පැවැති අවාසනාවන්ත තත්ත්වයට අනුව කුරු පුද්ගලයන්ට දාව උපත ලබන දරුවනුත් කුරු තත්ත්වයට පත් වුණා. මේ තත්ත්වය මිනිසුන් විෂයෙහි මොන තරම් ප්‍රබල විදිහට බලපෑවාද කියනවා නම් බොහෝ දෙනා තමන්ගේ උපන් ගම් බිම් හැර ගියා.
වෛද්‍යවරුන් සඳහන් කරන අන්දමට අඟුටුමිටිකම කියන්නේ රෝග තත්ත්වයක්‌. මෙම රෝග තත්ත්වයේ ප්‍රභේද 200 ක්‌ පමණ තිබෙනවා. ඉතාම උස අඩු බව ඇති වෙන්නේ ප්‍රයිමර් ඩියල් තත්ත්වය නිසයි. අඟුටුමිටි රෝගයේ දෙවැනි අදියර osteodyplastic primordial dwarfism type 11 නමින් හඳුන්වනවා.
ප්‍රයිමෝයල් අඟුටුමිටි තත්ත්වයේ පසුවෙන තවත් පවුලක්‌ එක්‌සත් රාජධානියෙන් හමුවී තිබෙනවා. සුරයා බ්‍රවුන් යෑයි නම් ලද ඇය 2007 වසරේ උපන්sඅයෙකි. ඇය උපත ලබන විට බර ඉතාම අඩුයි. සුරයාගේ උස අඟල් හයක්‌ පමණ වෙනවා.
ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ජිවත්වෙන නික්‌ ස්‌මිත් වයස අවුරුදු තිස්‌ පහක්‌ වුණත් උස අඟල් තිස්‌ පහයි. නමුත් ඔහුගේ සහෝදරයන් දෙදෙනාම අඩි හයකුත් අඟල් පහක උසින් යුක්‌තයි.
මේ අතර ගිනස්‌ පොතේ වාර්තාවන් ලද මිටි චරිත කිපයක්‌ තිබෙනවා. 1939 වසරේ නේපාලයේ කලිමති ගම්මානයේ උපත ලද චන්ද්‍ර බහදුර් ඩන්ගිගේ උස අඩි එකකුත් අඟල් නවයක්‌. බර රාත්තල් 14 යි. ගිල්මි ගුල් මොහමඩ්ගේ ගිනස්‌ වාර්තාව අඩි එකොළහයි අඟල් පහයි. ඔහුqත් කලිමති ගම්මානයේ පදිංචි කරුවෙක්‌ වුණා.
ගිනස්‌ පොතේ සඳහන් මිටි කාන්තාව ලෙසට වාර්තා වෙන්නේ ''එල්. නොතාවන්''. තුර්කියේ හරිද්ලි නගරයේ පදිංචිකාරිනියක වුණ ඇගේ බර රාත්තල් පහළොවයි. උස අඟල් පහළොවයි. නමුත් මේ දරුවා ගැබ සිටින කාලයේදී තමන්ට කිසිම අමුත්තක්‌ දැනුනේ නැහැ. ඇගේ උපතත් පවුලේ සෙසු දරුවන් වගේම සාමාන්‍ය විදිහට සිදු වුණා. උපත් බර රාත්තල් තුනක්‌ ලෙස සටහන් වුණා. යම් වයසකට පැමිණි පසු ඇගේ වර්ධනය බාල වුණ බවත් මව ''හාට්‍රන් නොතාවන් ''සඳහන් කර සිටිනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කුරුමිටි ගම්මානයක්... Rating: 5 Reviewed By: Unknown