728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 20 August 2014

තරුණ පරපුර මතට බිලිකර කොටි ගණන් උපයන ජාවාරම්කරුවෝ.....


මත්කුඩු කිලෝ 59 ක්‌ සමග කටුගස්‌තොටදී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අල්ලාගත් ප්‍රධාන සැකකරු වූ තනුඡ්දීන් ළඟ තිබූ ජංගම දුරකථන 28 සහ සිම්කාඩ් තොගය එකින් එක පරීක්‍ෂා කරද්දී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය ඇසුරු කරන දේශීය සහ විදේශීය පුද්ගලයන් 100 කට වැඩි පිරිසකගේ තොරතුරු හෙළි වෙමින් පවතින බව මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙකු පැවැසීය.


මෙම කල්ලියේ තනුඡ්දීන් හැර තවත් හතර දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් එක්‌ අයකු කාන්තාවක්‌ බව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

තනුඡ්දීන් ගේ ජංගම දුරකථන සහ සිම් කාඩ්වල අඩංගු පකිස්‌තාන් සහ මැලේසියාවේ පුද්ගලයන් පිරිසක්‌ පිළිබඳව එම රටවල පොලිස්‌ ස්‌ථානවලට දැනුම් බව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.


මේ අතර මෙම කල්ලියේ මාසික ආදායම් අනුව රුපියල් කෝටි පහ ඉක්‌මවා ඇති බවද ඔවුන් සතු විශාල දේපළක්‌ තිබෙන බවද පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

.............................................................................................................................



කටුගස්‌තොටින් ඇල්ලුවේ
ඔස්‌ටේ්‍රලියාවට යෑවීමට සූදානම් කළ කුඩුලු!



මහනුවර කටුගස්‌තොට දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 45 ක්‌ වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 59 ඔස්‌ටේ්‍රලියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

පාකිස්‌තානයේ සිට කන්ටේනරයක බහා ශ්‍රී ලංකාවට රැගෙන ආ බවට සැකකරන හෙරොයින් තොගය කටුගස්‌තොටදී ඉතාම සුරක්‍ෂිතව ඇසුරුම් කර තේ කොළ පැකට්‌ තොගයක්‌ සමග ඔස්‌ටේ්‍රලියාවට යෑවීමට සූදානම් කර තිබී ඇති බව මේ වන විට හෙළිවී තිබේ.

මෙම මහාපරිමාණ ජාවාරම්කරුවන් මීට ඉහතදී ද මේ ආකාරයට හෙරොයින් තොග පිටින් තේ පැකට්‌ අතර සඟවා රටවල් ගණනාවකට අපනයනය කර ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවලට අපනයනය කරන භාණ්‌ඩ දැඩි පරීක්‍ෂාවට ලක්‌ නොකරන නිසා එහි වාසිය ලබාගෙන මෙම ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්‌ඩ අතර සඟවා හෙරොයින් ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම ශ්‍රී ලංකාවේ අපනයන ක්‍ෂේත්‍රයටද මරු පහරක්‌ විය හැකි බව පොලිසිය කියා සිටියි.
 


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තරුණ පරපුර මතට බිලිකර කොටි ගණන් උපයන ජාවාරම්කරුවෝ..... Rating: 5 Reviewed By: Unknown