728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 2 August 2014

බෝම්බ වැටෙද්දි මට සතුටුයි...

නජි සලීම් පලස්තීන් දරුවෙකි. යන්තම් වයස අවුරුදු 12 ක් වූ නජි ඇතුළු දරුවන් මෙන්ම ඔවුන්ගේ පවුලේ උදවිය ද ඊශ්‍රායල ප්‍රහාර නිසා අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති. මෙනිසාම නජිගේ පවුලේ එකම ගැලවුම්කරු වන්නේ ද නජිය. නජි පවුලේ අයගේ බඩකට පිරවීම සඳහා කුඩා නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඒ පාපැදි නිපදවීමයි. ඔහුගේ පාපැදිවලට අමුද්‍රව්‍ය වන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසු ඉතිරි වන සුන්බුන්ය.

ඔහු මේ සුන්බුන් එකතු කොට දක්ෂ ලෙස පාපැදි තනයි. නජිගේ මේ දක්ෂතාව නිසා ඔහු සතියකට පාපැදි 35 ක් පමණ නිපදවන අතර ම ඒ නිසාම අසල්වාසින් හා ඥාතීන් 11 කට රැකියාව ද ලබා දී තිබේ.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසු නජි ඇතුළු පිරිස තමන්ම නිපදවාගත් පාපැදිවල නැගී දුම්රොටු හා දූවිලි වලා මැදින් යනුයේ ගුවන් ප්‍රහාරවලින් පසු ඉතිරි වන වටිනා යමක් සොයා ගෙනය. ඉතිරිව ගිය රබර් තීරු ටයර් සෑදීමටත් ඇලුමිනියම් මිසයිල් රාමු පාපැදි රාමුව සෑදීමටත් විනාශ වී ගිය මෝටර් රථවල සුන්බුන් පාපැදියේ යාන්ත්‍රණයටත් ඔව්හු යොදා ගනිති. වෙනකක් තබා බිඳී ගිය වීදුරුවල ඉතිරි කොටස් ද ඔව්හු ප්‍රයෝජනයට ගනිති.
“මාව වැරැදියට හිතන්න එපා. එක අතකට අපට බෝම්බ වැහි වැටෙද්දි මට සතුටුයි” යනුවෙන් පවසන නජි එන ඕනෑම දෙයකින් රැකීමට ඉගෙන ගත යුතු බවත් පවසයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බෝම්බ වැටෙද්දි මට සතුටුයි... Rating: 5 Reviewed By: Unknown