728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 15 August 2014

මැලේසියාවේ ව්‍යාජ රැකියා ජාවාරම

ව්‍යාජ රැකියා ජාවාරම්කරුවන්ට
ගොදුරු වී මැලේසියාවේ දුක්‌ විඳින
ශ්‍රී ලාංකිකයෝ





මැලේසියාවේ සිදුවන මේ අකටයුතුකම් අපි හෙළි කරත්ම ක්‌වාලාලම්පූර් නගරයේ අපේ තානාපති කාර්යාල බලධාරීන් කලබලයට පත්වී එවැනි දෙයක්‌ සිදු වන්නේ නැති බවට විදේශ අමාත්‍යාංශයට දැනුම් දී ඇත. එහෙත් සත්‍යය වසන් කළ හැකිද...?
මැලේසියාවේ සිරගෙවල්වල ශ්‍රී ලාංකිකයන් 100 කට අධික පිරිසක්‌ සිරගතව සිටින බවද හෙළි විය. මින් ඇතැමෙක්‌ වැටුප් ඉල්ලීම නිසා හාම්පුතුන්ගේ පහර කෑම්වලට ලක්‌ වී බඩු සොරාගත් බවට චෝදනා එල්ල කර සිරගෙට යෑවූවන් බවද අනාවරණය වී තිබේ. 
* ව්‍යජ රැකියා ජාවාරම්කරුවන්ට ගොඳුරුවන ශ්‍රී ලාංකිකයන් ගැන මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීහු වසන් කරති


මැලේසියාව තුළ ලබා ගත හැකි වැඩිම වැටුප රුපියල් 35000 කි. එහෙත් රුපියල් 150000 ක්‌ දක්‌වා වැටුප් ලබාගත හැකි බව දන්වමින් ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් ජනතාව මුළාකරන බව හෙළි විය.
  * මැලේසියාවේදී කන්ටේනරයක මරාදැමූ ශ්‍රී ලාංකිකයාගේ සිරුර අතුරුදන්

* ක්‌වාලාලම්පූර් නගරයට ගෙන යන ශ්‍රී ලාංකිකයන් හෝටලයක දමා රැකියා ජාවාරම්කරුවෝ පැනයති

රුපියල් ලක්‍ෂ 3 ක්‌ දක්‌වා මුදල් ලබාගෙන මැලේසියාවට ගොස්‌ ශ්‍රී ලාංකිකයන් අතරමං කරන මිනිස්‌ ජාවාරමේ තොරතුරු දැන් හෙළි වී ඇත.

පසුගිය සතියේ මැලේසියාවේ සංචාරයේ යෙදුණු අපට ක්‌වාලාලම්පූර් නගරයේ අතරමංවී සිටින ශ්‍රී ලාංකිකයන් කීපදෙනකු හමුවිය. ඔවුහු ව්‍යාජ රැකියා ජාවාරම්කරුවන්ට ගොදුරු වී තිබේ.

කොළඹ සිට අපව ක්‌වාලාලම්පූර් නගරයට ගෙනවුත් හෝටලයක නතර කරනවා. ඉන් පසු හෝටලයට පැමිණෙන මැලේසියානු ද්‍රවිඩයකුට අපව මුණගස්‌වා ඔහු රැකියාව ලබාදෙන බව පවසනවා. අපිව මැලේසියාවට කැඳවාගෙන එන රැකියා ජාවාරම්කරු සවස ගුවන් යානාවෙන් ආපසු ශ්‍රී ලංකාවට යනවා යෑයි අතරමං වූ එක්‌ ශ්‍රී ලාංකිකයෙක්‌ හෙළි කළේය. මේ ව්‍යාජ රැකියා ජාවාරමට සම්බන්ධ ජාවාරම්කරුවන් පස්‌ දෙනෙකුගේ වගතුග දැන් හෙළි වී ඇත. පිටකොටුවේ යුවළක්‌ද කුණ්‌ඩසාලේ සේවය කරන අයකු සහ තවත් දෙදෙනකුද ඊට සම්බන්ධ වී ඇත. මැලේසියානු රජය මෙම ව්‍යාජ රැකියා ජාවාරමට ගොදුරු වූ 3000 ක්‌ ආපසු මෙරටට එවනු ලැබීය. තවත් 2000 ක්‌ එරට රැඳී සිටින බව හෙළි වී තිබේ.

මේ සතියේදී මැලේසියාවේ මෙයාර් කැම්පන්ස්‌ ප්‍රදේශයේ සේවය කළ ගල්ගමුව ප්‍රදේශයේ මොහමඩ් සප්රි නමැති මුස්‌ලිම් තරුණයකු රැකියාව කළ ස්‌ථානයේ හිමිකරු විසින් ඝාතනය කර තිබේ. කන්ටේනරයක්‌ තුළ මරා දමා තිබූ ඔහු ගැන ශ්‍රී ලාංකිකයන් මැලේසියානු පොලිසියට දන්වනු ලැබූවත් කන්ටේනරය මෙන්ම මළ සිරුරද අතුරුදන් වී ඇත. මැලේසියාව තුළ ලබා ගත හැකි වැඩිම වැටුප රුපියල් 35000 කි. එහෙත් රුපියල් 150000 ක්‌ දක්‌වා වැටුප් ලබාගත හැකි බව දන්වමින් ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් ජනතාව මුළාකරන බව හෙළි විය. රැකියා දෙන බව පවසමින් මැලේසියාවේ ක්‌වාලාලම්පූර් නගරයට ගෙන එන ශ්‍රී ලාංකිකයන් මැලේසියානු ජාවාරම්කරුවන්ට විකිණීමේ ජාවාරමක්‌ද අනාවරණය වී ඇත.

මේ ජාවාරමට ගොදුරු වූවන්ගේ තත්ත්වය අතිශයින්ම ෙදනීය වේ. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් පිටත රැකියා ලබා ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අනතුරු ඇඟවීම සඳහා ගත් උත්සාහයට ද ක්‌වාලාලම්පූර් නගරයේ තානාපති කාර්යාලයේ බලධාරීන්ද විරුද්ධ වීම මවිතයට කරුණකි. එසේම අතරමංවී අපේ තානාපති කාර්යාලයේ පිහිට පතා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට එහි සේවය කරන එක්‌ නිලධාරියකු බූරුවා, හරකා යනුවෙන් අවමන් සහගත ලෙස ආමන්ත්‍රණය කිරීමේ සිද්ධියක්‌ද වාර්තා විය. එසේම මැලේසියාවේ සිරගෙවල්වල ශ්‍රී ලාංකිකයන් 100 කට අධික පිරිසක්‌ සිරගතව සිටින බවද හෙළි විය. මින් ඇතැමෙක්‌ වැටුප් ඉල්ලීම නිසා හාම්පුතුන්ගේ පහර කෑම්වලට ලක්‌ වී බඩු සොරාගත් බවට චෝදනා එල්ල කර සිරගෙට යෑවූවන් බවද අනාවරණය වී තිබේ.

මෙලෙස සිරගත වූවන් ගැන ශ්‍රී ලංකාවට දැනුම් දෙන්නේ සෑහෙන කලකට පසුව බවද වාර්තා විය. මේ නිසා මැලේසියාවට නීති විරෝධී ලෙස රැකියා සොයා ගොස්‌ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට ආපසු මෙරටට ඒමට නොහැකි වී සිටී.

මේ පිරිසේ ඇතැමුන්ගේ ගමන් බලපත්‍ර පවා අස්‌ථානගත වී ඇත. එසේම ඔවුන්ට ශ්‍රී ලංකාවට ඒමට නම් මැලේසියානු රජයට දඩ වශයෙන් රින්ගිට්‌ 400 ක්‌ (රු 16000) ගෙවිය යුතුයි. මෙය කබලෙන් ලිපට වැටීමකි. ඉසුරු සොයා මැලේසියාවට යන ශ්‍රී ලාංකිකයන් ගොදුරු කරගන්නා මෙරට ව්‍යාජ රැකියා ජාවාරම්කරුවන් මෙතෙක්‌ නීතියේ රැහැනට හසු වී නැත.

මේ මිනිස්‌ ජාවාරම මෙහෙයවන ජාවාරම්කරුවෝ ශ්‍රී ලාංකිකයන්ට රැකියා දෙන බව පවසා මැලේසියාවට ගෙන යන්නේ සංචාරක වීසා මතය.

ක්‌වාලාලම්පූර් නගරයට ගෙන යැමෙන් පසු ඔවුන්ව අතරමං කිරීමට ජාවාරම්කරුවෝ ක්‍රියා කරති. එලෙස අතරමං වූවෙක්‌ මැලේසියානු පොලිසියට සැපයූ ප්‍රකාශය මෙසේය. මැලේසියාවේ යාළුවෙක්‌ ඉන්නවා කියලා මගෙන් එක්‌ අයෙක්‌ රුපියල් 125000 ක්‌ ගත්තා, වීසා ගහන්න ඕනෑ කියලා. ඔහු රුපියල් 150,000 ක මුදලක්‌ ඩොලර්වලට හැරවිය යුතු යෑයි ඔහු කියා සිටියේය. මට ඔහුත් එක්‌ක මැලේසියාවට පැමිණි පසු මැලේසියාවේ සිටින යාළුවා පැමිණ ඩොලර් 1200 ක්‌ මගෙන් ලබාගෙන එය රැකියාව දෙන සමාගමට දිය යුතු යෑයි කිව්වා. ඉන්පසු මාව එම සමාගමට ගෙන ගියා මේ සමාගමේ මාස 2 ක්‌ වැඩකළත් මට වැටුප් ලැබුණේ නැහැ. මා මේ ගැන මුදල් ගත් තැනැත්තාට කිව්වම ඔහු මාව මරනවා කියා තර්ජනය කරනවා. මේ ව්‍යාජ රැකියා ඒජන්සිකරු මහනුවර කම්හලක සේවය කරන්නෙක්‌ බව හෙලි වී ඇත. මොහු ගැන මෙරට බුද්ධි අංශවලට ද වාර්තා වී ඇත.

මේ අන්දමට ව්‍යාජ රැකියා ජාවාරමට ගොදුරු වූ රැසක්‌ම ඔවුන්ගේ දුක්‌ගැනවිල්ල අපහට හෙළි කරනු ලැබීය. මෙකී මිනිස්‌ ජාවාරමට මැලේසියානුවන් කීප දෙනෙකුද සම්බන්ධ බව අප කළ විමර්ශනයේදී හෙළි විය. එසේ සංචාරක වීසා මත රැකියා සඳහා මැලේසියාවට නොපැමිණෙන ලෙසට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමට ක්‍රියා කර නැත. ක්‌වාලාලම්පූරයේ ශ්‍රී ලාංකික ශුභ සාධක සංසදය පවසන්නේ රුපියල් ලක්‍ෂ ගණන් වැටුප් ලැබෙන රැකියා මැලේසියාවේ ඇති බවට ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් ගෙනයන ප්‍රචාරයට නොරැවටෙන ලෙස ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

රුපියල් ලක්‍ෂ ගණන් මුදල් පූජා කර මෙරටට එන ශ්‍රී ලාංකිකයන් අතිශය ෙදනීය තත්ත්වයකට මුහුණපානවා. ඔවුන් බොහෝදෙනෙක්‌ නිරාහාරව සිටිනවා. ඇතැම් අවස්‌ථාවල අපේ පන්සල්වලින් ඔවුන්ට ආහාර වේලක්‌ සැපයෙනවා යෑයි එම ශුභ සාධක සංසදයේ නිලධාරියෙක්‌ හෙළි කළේය. මේ නිසා ව්‍යාජ රැකියා ඒජන්සි හා තැරැව්කරුවන්ට ගොදුරු නොවන ලෙස එකී ශ්‍රී ලාංකික සංසදය ඉල්ලීමක්‌ කරයි. මේ අතර විවිධ වධහිංසාවලට ගොදුරුවීම නිසා නිවාසවලින් පැන ආ ශ්‍රී ලාංකික කාන්තාවන් රැසක්‌ ආරක්‍ෂිත නිවාසයක සිටින බවද හෙළි වී ඇත. මේ ජාවාරම්කරුවන්ගේ තක්‌කඩි ක්‍රියාදාමය නම් සවස කටුනායකින් පිටත්වන ලාභදායක ගුවන් සේවා යානාවකින් ක්‌වාලාලම්පුරයට ගෙනවුත් හෝටලයක නතර කරන ශ්‍රී ලාංකිකයන්ට බොරු පොරොන්දු දීමයි. ශ්‍රී ලාංකිකයන් පසුදා උදේ බලන විට එජන්සිකරු පැන ගිහිල්ලා යෑයි එක්‌ ශ්‍රී ලාංකිකයෙක්‌ හෙළි කළේය.

මේ නිසා ඔබ ඉසුරු සෙවීමට මිනිස්‌ ජාවාරම්කරුවන්ට ගොදුරු විය යුතුද? මැලේසියාවේ සිදුවන මේ අකටයුතුකම් අපි හෙළි කරත්ම ක්‌වාලාලම්පූර් නගරයේ අපේ තානාපති කාර්යාල බලධාරීන් කලබලයට පත්වී එවැනි දෙයක්‌ සිදු වන්නේ නැති බවට විදේශ අමාත්‍යාංශයට දැනුම් දී ඇත. එහෙත් සත්‍යය වසන් කළ හැකිද?

 http://embassy-finder.com/sri-lanka_in_kuala-lumpur_malaysia
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මැලේසියාවේ ව්‍යාජ රැකියා ජාවාරම Rating: 5 Reviewed By: Unknown