728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 13 August 2014

ළමා රෝහලේ වෛද්‍යවරියගේ මරණය....


රූපලාවණ්‍ය උපාධියක්‌ පුහුණුවක්‌ ඒ දොස්‌තරට නෑ සාමාන්‍ය එම්.බී.බී.එස්‌. දොස්‌තර කෙනෙක්‌ පමණයි 
ඇමෙරිකාවේදී රෝගීන්ට ලිංගික අතවර කළැයිද දොස්‌තරට චෝදනාවක්‌ 'එය සැත්කමකට සුදුසු තැනක්‌ද නොවේ නිවෙසක කාමරයක්‌' 
සියළු වීඩියෝ පහතින්.....

 මුහුණේ සුන්දරත්වය වර්ධනය කර ගැනීම සඳහා ශල්‍යකර්මයක්‌ කර ගැනීම පිණිස බම්බලපිටියේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයකට ගිය කොළඹ ළමා රෝහලේ වෛද්‍යවරියක්‌ එන්නතක්‌ විෂවීමෙන් එම ස්‌ථානයේදීම (12 වැනිදා) මියගොස්‌ තිබේ.
 මෙලෙස මියගොස්‌ ඇත්තේ පී. ඒ. ප්‍රියංගී නමැති හතළිස්‌හත් හැවිරිදි දරු දෙදෙනකුගේ මවකි. බම්බලපිටියේ මෙම පෞද්ගලික රූපලාවන්‍ය වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගොස්‌ ඇත්තේ නිමල් ගමගේ නමැති වෛද්‍යවරයකු යෑයි හෙළි වී ඇති අතර එම වෛද්‍යවරයා පොලිසිය මගින් දැනට අත්අඩංගුවට ගෙන ඇත. ළමා රෝහලේ වෛද්‍යවරියගේ ඇස්‌ යට කළු වී ඇති නිසා ශල්‍යකර්මයක්‌ මගින් එම ස්‌වරූපය වෙනස්‌ කර ගැනීමට මෙම සායනය වෙත (12 වැනිදා) දහවල් 1.30 ට පමණ ගොස්‌ ඇත. එහිදී අදාළ ශල්‍යකර්මය සිදු කිරීමට පෙර ශල්‍යකර්මයට මුහුණදීමට සූදානම්ව සිටි මියගිය වෛද්‍යවරියගේ ගෙලෙහි වම් පැත්තට එන්නතක්‌ විද ඇති අතර එහිදී කැස්‌සක්‌ හටගෙන තිබේ. අදාළ සැත්කම සිදු කිරීමට සූදානම් වූ වෛද්‍යවරයා එහිදී තවත් එන්නතක්‌ විදීමත් සමගම වෛද්‍යවරිය නොසිතූ ලෙස මියගිය බව සැත්කම සිදු කිරීමට සූදානම් වූ සැකකාර වෛද්‍යවරයා පොලිසියට පවසා ඇත. උදරයේ ඇති තෙල් මන්ද ගැනීම සඳහා මෙම එන්නත විද ඇති බව කියෑවේ. මෙම සැත්කම් සිදු කළ වෛද්‍යවරයා එම්. බී. බී. එස්‌. වෛද්‍ය සහතිකය සහිත වෛද්‍යවරයකු යෑයි ද ඔහුට ලන්ඩන් නුවර පවා අදාළ උපාධි සහතික ඇති බවද පොලිසියට පෙන්වා ඇත. නමුත් මෙම වෛද්‍යවරයා සතු ලියකියවිලි පිsළිබඳ සැක මතුව ඇති බැවින් ඒ පිළිබඳ විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. මෙම සිද්ධිය පිළිබඳ මූලික පරීක්‍ෂණ බම්බලපිටිය පොලිසිය මගින් සිදු කළ අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු (12 වැනිදා) දහවල් කොළඹ අපරාධ කොට්‌ඨාසයට භාරදීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණි මතුරට මහතා පියවර ගෙන තිබිණි. වරාය අධිකාරියේ ඉංජිනේරුවරයකු වන ගාමිණි චන්ද්‍රසේකර මහතා මියගිය කාන්තාවගේ සැමියා වේ. මියගිය වෛද්‍යවරිය මෙම පෞද්ගලික සායනයට මීට පෙරාතුව ද පැමිණ ඇතැයි අත්අඩංගුවට පත්ව සිටින සැකකාර වෛද්‍යවරයා පවසා තිබේ. සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණි මතුරට මහතාගේ හා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතාගේ උපදෙස්‌ මත බම්බලපිටිය පොලිස්‌ නිලධාරීහු විසින් සිදුකළ අතර වැඩිදුර පරීක්‍ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්‌ඨාසයට භාර දී ඇත. මියගිය මෙම වෛද්‍යවරිය නාවල, රාජගිරියේ පදිංචිව සිටින බව ද පොලිසිය සඳහන් කළේය. මෙම ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ සඳහා අදාළ සැකකාර වෛද්‍යවරයා රුපියල් ලක්‍ෂ හතරක, පහක පමණ මුදලක්‌ අය කර ගන්නා බවත්, මොහුගෙන් සැත්කම් කර ගැනීම සඳහා මැති ඇමැතිවරු, ධනවතුන්, උගතුන් හා ඉහළ පෙළේ ප්‍රභූ පිරිස්‌ පැමිණෙන බව ද අනාවරණය වී ඇත. මෙම සැකකාර වෛද්‍යවරයාට අයත් මෙවැනි මහල් නිවාස තුන හතරක්‌ම කොළඹ ප්‍රදේශයේ ඇතැයි ද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ළමා රෝහලේ වෛද්‍යවරියගේ මරණය.... Rating: 5 Reviewed By: Unknown