දිබ්බැද්ද (වනාන්තරය) වූ කලී රූස්ස මෙන්ම කෘෂි වෘක්ෂ ලතාවන්ගෙන් ම හෙබියේ වෙයි. එහි වූ රූස්ස වෘක්ෂයෝ පෙදෙස අවුරන අතුපතරින් පෝසත්ව අහස් කුස අරා නැඟ සිටිති.
නුග, බෝ, ඇසතු ආදී වෘක්ෂයෝ ඊට නෑකම් කියන්නෝ වෙත්.
නුග, බෝ, ඇසතු ආදී වෘක්ෂයෝ ඊට නෑකම් කියන්නෝ වෙත්.
උක්ත ගස් උසින් මහතින් සැබෑ මුත් ඉන් ඉපැයෙන පලදාවන් ඉතා සිහින් ය. ඇරත් ඒ වෘක්ෂයනට අරටුවක් ද නැති. ඇත්තේ ‘එළය’ පමණක් ම ය. එසේ වුවද උසින් මහතින් සිහින් වූ නමුත් ඵලයන්ගෙන් හා අරටුවලින් මහත් වූ කෘශ ගහවැල වනකඩ රූස්ස ගහවැලි අතර ඇතිසේය.
මෙනයින් වනගත වෘක්ෂලතා සරිකොට “මනුසත්තුහුද” එදා මෙදා සමාජ සන්ධානයන්හි වැජඹෙති. වැජඹුණෝ ය. නිලයෙන්, ධනයෙන්, බලයෙන් හා කුලයෙන් පෝසත් ඇතැමුන් එළය ඇති ඵලය නැති රූස්ස ගස් සේ යැයි මෙහිලා දැක්වීම කාහටත් මදිපුංචිකමක් නොවන්නේ යැයි හඟිමි.
එළය ඇති ඵලය නැති ගහවැල සෙයින් බලය, නිලය හා කුලයෙන් ආඪ්‍ය වූවන්ට ද මොළය මඳ බව කිය යුත්තේ ම ය.
එසේම අරටුවලින්ම ශක්තිය ලැබූ හෙවත් බුද්ධි බලයෙන් ම අනූන වූවන් නිලයෙන්, බලයෙන් හෝ කුලයෙන් කෘෂ වූවෝ වෙති. ඔවුන් රූස්ස ගස්වල ගැහැට විඳිමින් නැඟෙන අරටු ගස් සෙයින් බලවතුන් ගෙන් පරිපීඩනයට ලක්වෙමින් දිවිගෙවනු ඇත. වෘක්ෂලතාවන්ගෙන් ම සපිරි වනාන්තරය නමැති මහා පුස්තකාලයෙන් මනුසතුන් උගත යුතු පාඩම් බෙහෙවි. රූස්ස ගහවැල හා කෘෂ ගහවැල මිනිසාට යථාර්ථය පසක්කර දීමට බෙහෙවින් ම සැදී පැහැදී සිටියත් එවැන්නක් පසක්කර ගැන්මට තරම් බුද්ධියක් නැත්තන් ගෙන් ගහන සමාජයකි අපට උරුම වී ඇත්තේ.
සොබාදහමේ සම්‍යදෘෂ්ටිය මිථ්‍යා දෘෂ්ටිකයන්ට නොතේරෙන නිසාදෝ, අපේ ගමේ ඇත්තකු ඔවුනට ‘කෙළමෝලෙන්’ අනින සෙයින් මේ සීපදය වාගැබට මුදා හැර ඇත්තේ.
පැලේ හැටියට පලේ නැතිනම්
පිළේ නිදන්නෙද කිසිකලේ
විලේ හැටියට ජලේ නැතිනම්
මලේ රුවක් කොද ඒ විලේ
වැලේ හැටියට පලේ නැතිනම්
කොළේ විකන්නෙද අල වැලේ
නිලේ හැටියට මොළේ නැතිනම්
ගැලේ බඳින්නෙද ඒ නිලේ
පිළේ නිදන්නෙද කිසිකලේ
විලේ හැටියට ජලේ නැතිනම්
මලේ රුවක් කොද ඒ විලේ
වැලේ හැටියට පලේ නැතිනම්
කොළේ විකන්නෙද අල වැලේ
නිලේ හැටියට මොළේ නැතිනම්
ගැලේ බඳින්නෙද ඒ නිලේ
මේ හැම පදයකින් ම අපේ සීපද කරුවා ඉදිරිපත් කර ඇත්තේ පරිසර රටාවේ විසිතුරු ගෙත්තම් ය. ඒ එකක් හෝ නැතිනම් ඉන් අත්වෙන්නේ පළේ නැති වෘක්ෂයක ගති ස්වභාවයන් ය.
පැල්පතේ තරමට පලේ (වහල) නැතිවූ කළ පිළ තෙමෙන නිසා ඉන් පලක් නොවේ.
ජලය නැති විලක මල් දැකිය නොහැක්කේ ම ය. එසේ ම දිගට දිගේ වැඩී ඇති අල වැලක ඒ ප්‍රමාණයට සරිලන පරිදි අල නැතිවේ නම් සිදුවන්නේ අල වෙනුවට වැලේ කොළ උලා කන්නට ය.
මේ සන්සිද්ධීන් කවියා සබඳින්නේ ඒ සීපදයේ අග දක්වන උපදේශයට ය.
තමාට ඇති නිලය (තානාන්තරය) පරිදි කටයුතුª කිරීමට අවබෝධයක්, දැනුමක්, හැකියාවක් නොමැති වූ විට සිදුවන්නේ ඒ නිලකරුවා කරත්තයේ බැඳීමට විනා අන් කෙංගෙඩියකටදැයි සීපද කරුවා විමසන්නේ අපෙන් බව වටහාගත යුතු මනා ය.
සැබෑවට ම නොහැකියාවන් ඇති නිලයන් (තනතුරුධාරීන්) අප අතර බහුල නිසා ඔවුන්ගේ බාල දැනුමේ හැටියට රටේ ම ඇති කරත්තවත් (ගැල්වත්) නොසෑහෙන බවයි මට නම් පසක් වෙන්නේ.
0 comments:
Post a Comment