728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 17 May 2013

හිටපු ජනාධිපතිනිය කියන විදිහට කරන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එකසත් ජාතික පක්ෂය එකතු වී රටට ගැළපෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේ කාලය උදාවී ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ප‍්‍රකාශ කළහ. විධායක ජනාධිපති ධූරය අහෝසිකර පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙකු යටතේ රට පාලනය කරන ලෙසට යෝජනා කළේ ආණ්ඩු පෙරළීමට නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.
sdttසාධාරණ සමාජයක සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝභිත හිමියන් පැවසූයේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක ධූරය අහෝසිකරන්නේ නම්, යුද ජයග‍්‍රහණයට එහා ගිය කීර්තියක් ජනාධිපතිවරයාට හිමිවන බවය. ’’මහින්ද චින්තනයේ පැහැදිලිව තියෙන්වා පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු යටතේ රට පාලනය කරන බව. අපි ව්‍යවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කළේ එතුමාට සහාය දීමක් සඳහා පමණයි. අද සෑම පක්ෂයක්ම මෙම ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරනවා. විධායක ජනාධිපතිධූරය හඳුන්වාදීපු එක්සත් ජාතික පක්ෂය පවා එය ප‍්‍රතික්ෂේප කිරීම හොඳ දෙයක්’’ යැයිද උන්වහන්සේ පැවසූහ. ’’අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පත් කරන්නේ ජනාධිපතිවරයා. පොලිස් කොමිසමක් නැතිකමින් අද තියෙන්නේ දේශපාලන පොලිසි පමණයි. නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට පවරාගෙන තියෙන හින්දා ඒකත් දේශපාලන දෙපාර්තමේන්තුවක් වෙලා. මේ හින්දා අපි ඉල්ලන්නේ හිටපු ජනාධිපතිනිය හැඳින්වූ ආකාරයට මේ බහුබූත ව්‍යවස්ථාව වෙනස් වෙනස් කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි එකතු වෙන්න කියලයි’’ යැයි මාදුළුවාවේ සෝභිත හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ. Sureni-Senara    

මේ පුවත අපට එවු කිත්සිරි ගුණතිලක විසින් පහත අදහසද අපට ඒවා තිබුණා ..එය ඔහුගේ ස්වාධින මතයක් පමණී අන්න අන්න හාමුදුරුවනේ දෙන දෙයක් වළඳලා ධර්මය දේශනා කරගෙන ඉන්නේ නැතුව .....දැන් එනවා බයිලා කියන්න...ඒ කලේ අර ගනී බද්දෙගනේ සංජීවත් වගේ පාතාලයෝ ලං කරගෙන අවුරුදු ගානක් දශකයකට වැඩිය රට කාපුවා අමතක වෙලාද ..අපිට නම් මතකයි ඔය පට්ට ගෑණි කරපු දේවල් අපේ රටට දැන් එකී අයෙත් බලේට එන්න දඟලනවා ලජ්ජා නැතුව ....අනික ලංකාවට විරුද්ධව පිට රටවල කථා කරලා ..රට බල්ලට දාල...විස්කි ගහන්න සල්ලි නැතුවද ...නැත්තන් පුතාට රජකම අරන් දෙන්නද දන්නේ නැහැ....ඇඳුම් ඇඳගෙනද දන්නේ නැහැ ආයෙම එන්න හදන්නේ පචවෙලා ගියා මදිවට ....අවුරුදු 17 රටට කෙළියා .... හාමුදුරුවනේ අර රවිය සුරේනි ව පන්සලට එවලා ෆිල්ම් කරලා  ඔබ වහන්සේගේ කට වැහුව වගේ  වගේ කට වහලා තියයි ආයෙම ඔබ වහන්සේ ගේ ....මතක තියා ගන්න තාම ඒ වීඩියෝ එක තියෙන බව.....එක රවී කියන වසලයා ...තුරුම්පුවට තියාගෙන ඉන්න බව ....
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: හිටපු ජනාධිපතිනිය කියන විදිහට කරන්න Rating: 5 Reviewed By: Unknown