728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 17 May 2013

දෙමළ සන්ධාන නායකයන් ඇමෙරිකා තානාපතිනිය සමඟ රහස් කතා

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඊට සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් හා පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහත්වරුත් තානාපතිවරියට පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පසුගිය සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ කිසිදු උත්සාහයක් මේ වනවිට ආණ්ඩුව පාර්ශ්වයෙන් දැකගත නොහැකි බවයි.

 

 

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ සමුළුවත් උතුරු පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට යෝජනා වී තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි මිචෙල් ජේ. සිසන් මහත්මිය දෙමළ ජාතික සන්ධානයේ නායකයන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තාවේ.

දැන්ගන්නට ඇති අන්දමට මේ සාකච්ඡාව පවත්වා ඇත්තේ බම්බලපිටියේ පිහිටි දෙමළ ජාතික සන්ධානයේ කොළඹ කාර්යාලයේදීයප්‍රකාශයට පත්වී ඇති පරිදි ආණ්ඩුව මේ වන විට පවත්නා වාතාවරණය යටතේ සැප්තැම්බර් මාසයේදී උතුරු පළාත් සභා මැතිවරණය පවත්වනු ඇද්දැයි තානාපතිවරිය දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ගෙන් මේ සාකච්ඡාවේදී විමසා තිබේ.


 එසේම ආරක්ෂක හමුදාවන්හි සහාය ඇතිව උතුරු පළාතේ යළි පදිංචි කිරීමේ නාමයෙන් ජන සංයුතිය වෙනස් කරමින් පවතින බවද ඊට එරෙහි නැඟී සිටින ජනතාව මර්දනය කෙරෙන බවද ඔවුන් තානාපතිනියට පෙන්වා දී තිබේ.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දෙමළ සන්ධාන නායකයන් ඇමෙරිකා තානාපතිනිය සමඟ රහස් කතා Rating: 5 Reviewed By: Unknown