728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 19 May 2013

මහා සංඝරත්නය ඉවසීමෙන් වැඩ කළ යුතුයි ...


සමහර අය අන්‍ය ආගමිකයන් සමඟ ගැටුම් ඇතිකරගෙන මහා විනාශයක් ළඟා කරගන්න හදනවා. ඉන් පාඩු සිදුවන්නේ අපේ රටේ මහ ජාතියටයි. මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඉතාමත් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අගමැති දි.මු. ජයරත්න මහතා පවසයි.




අගමැතිවරයා මෙසේ පැවැසුවේ පෙරේදා (18දා) කැලණිය නාරම්මිණිය ගාමිණී අශෝකාරාම නව සම්බුදු මාලිගා සිළුමිණ වෙහෙර විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

අගමැතිවරයා එහිදී මෙසේද පැවැසීය. නව නිර්මාණයක් ලෙසට ඉදිකර ඇති මේ අශෝකාරාම විහාරස්ථානය වඳින පුදන විටත්, දකින විටත් ආගමික භක්තියෙන් සිත් පිරිසුදු වෙනවා. යහපත් සිතුවිලි සිත්වල ඇතිවෙනවා. නව නිර්මාණයක සැලසුමක් කර සාර්ථක නිමාවක් කළ විහාරාධිපති ගිරාඋල්ලේ ඥානසිරි තරුණ නාහිමියන්ගේ සුවිශේෂ හැකියාව මා ඉතාමත් අගය කරනවා.

අපට කොතෙක් වෙහෙර විහාර තිබුණත්, කොතෙක් වෙහෙර විහාර හැදුවත් එම පූජනීය ස්ථානවල සිල්වත් ගුණවත් හැකියාවන් ඇති, ජනතා සිත් දිනාගත හැකි භික්ෂුන් වහන්සේ නොමැතිනම් බුද්ධාගමත්, බුද්ධ ධර්මයත් රැකෙන්නේ නැහැ.වර්ෂ 2600ක් පැරැණි බුද්ධ ශාසනය ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල රැකුණේ සංඝයා වහන්සේගේ ඇති කැපවීම නිසයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මහා සංඝරත්නය ඉවසීමෙන් වැඩ කළ යුතුයි ... Rating: 5 Reviewed By: Unknown