728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 25 May 2013

වෙසක් දිනවල පුවත්

කිරිබත්ගොඩ වෙසක් තොරණ
කිරිබත්ගොඩ සුහද එක්සත් සිංහල වෙළෙඳ සංගමය 15 වැනි වරට සංවිධානය කළ වෙසක් තොරණ සිකුරාදා (24) සවස විවෘත කැරිණි.
කෝසල මල්ලිකා කතා වස්ථුව තොරණනින් නිරූපනය කෙරෙයි. http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/05/470.jpg

විවෘත කළ අවස්ථාවේ සිට විශාල පිරිසක් එය නැරඹීට එති. ඒ අවට දන්සල් කිහිපයක් ද සංවිධානය කැර තිබිණි. මේ නිසා නුවර පාරේ දැඩි වාහන තදබදයක් ඇති විය.

යාපනය වෙසක් සිරි
යාපනය ආරක්ෂක සේන මූලස්ථානය සංවිධානය කළ වෙසක් කළාපය උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්  යාපනය නගරයේදී  ආරම්භ කැරිණි.
අලංකාර පහන්කූඩු, දන්සැල්  ද දමිළ දරු දැරියන් විසින් ඉදිරිපත් කරණු ලැබු ‘යාපා පටුනයි දහමි අමාවයි‘ බැති ගී  සංදර්ශනය ද වෙසක් පොහෝ දින රාත්‍රී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ඇතුළු යාපනය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් පිරිසක් ද සහභාගී වූහ.

වයඹ දිග අහසේ ග්‍රහ ත්‍රිකෝණයක් 
රාත්‍රී අහසේ වඩාත් දීප්තිමත්ව ‍පෙනෙන සිකුරු, සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති හා හිරුට සමීපවම පිහිටි බුධ ග්‍රහයා මේ දිනවල වයඹ දිග අහසේ ත්‍රිකෝණාකාරව දැකිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. මෙවැනි දුර්ලභ ග්‍රහ පිහිටීමක් යළි දැකගත හැකිවන්නේ 2021 වර්ෂයේදී බව ද ඒ මහතා කියයි.

අම්පාර ටයර් කම්හලක ගින්නක්
අම්පාර විදානන්ද මහ පිරිවෙණ ඉදිරිපිට තිබූ පෞද්ගලික ටයර් කම්හලක ඇතිවූ ගින්නකින් කම්හල සම්පූර්ණයෙන් විනාශ වූ බව පොලීසිය කියයි.






අලියා කිපේ
24 ක් රෝහලේ
බදුල්ල මුතියංගන රජමහා විහාර පෙරහැරේ ගිය අලියකු කුලප්පුවී කුඩා දරුවකු කාන්තාවන් 14 ක් ඇතුළු 24 දෙනකු බදුල්ල රෝහලට ඇතුලත්කළ බව පොලීසිය කියයි. අලියා පාලනය කිරීමට නිර්වින්දනය කිරීමට සිදුව ඇත. 

කඩවත වෙසක් සිරි
කඩවත හා අවට වෙසක් පහන් කූඩු රැසක් හා තෙරණ නිර්මාණය කර ඇත. කඩවත ප්‍රධාන බස් නැවතුම්පොළද වෙසක් සැරසිලිවලින් අලංකාර කර තිබේ.
වෙසන් දින රාත්‍රී කඩවත ප්‍රදේශයට විශාල පිරිසක් සහභාගී වූහ.
සිසිල් බීම, බත්, කෝපි සහ අයිස්ක්‍රීම් දන්සල් 20ක් පමණ කඩවත අවට සංවිධානය කර තිබිණි.




http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/05(129).jpg
සියනෑ පුරය වෙසක් සිරියෙන් ආලෝකවත්වේ
ගම්පහ වෙසක් කලාපය අප පස්වරු 7ට පමණ ආරම්භ විය. ගම්පහ එක්සත් වෙළෙද ප්‍රජාව ඉදිරිපත් කරන අපන්නක ජාතිකය විදහා දක්වන තොරණ දුම්රිය පොළ ඉදිරිපිට ද, නාගරික එක්සත් වෙළෙඳ  සංගමය ඉදිරිපත් කරන සමුද්‍ර වාණිජ ජාතකය විදහා දක්වන තොරණ ගම්පහ බස් නැවතුම අසල ද ප්‍රදර්ශනය කෙරේ. අද මධ්‍යම රාත්‍රිය වනතුරු තොරණ නැරඹීමට අති විශාල ජනකායක් ගම්පහට පැමිණෙමින් සිටි අතර  දැඩි වාහන තදබදයක් ද පැවැතිණි..



  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: වෙසක් දිනවල පුවත් Rating: 5 Reviewed By: Unknown