728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 23 May 2013

අයෙත් මැරවින් ගේ හොර කැච් වැඩ පෙන්නන්න ගිහින්


කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නදීක සම්පත් යන මහත්වරුන්ට කිසියම් කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (23 වැනිදා) උදෑසන සිදු කළ පහරදීමක්‌ නිසා ඔවුන් දෙදෙනා රෝහල්ගත කර ඇත.

කැලණිය දළුගම රෝස්‌විල් පාර අසලදී තමාට සහ නදීක සම්පත් මන්ත්‍රීවරයාට මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පිරිසක්‌ විසින් පහරදුන් බවත් ඒ හේතුවෙන් තමන් දෙදෙනා රෝහල්ගතවූ බවත් සභාපතිවරයා පැවැසීය.



ඊයේ උදැසන 7.30 ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් සභාපතිවරයා සහ මන්ත්‍රීවරයා මෙන්ම පහරදුන් බව කියන කණ්‌ඩායමේ පුද්ගලයකුද කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් රාගම මහ රෝහලට මාරු කර යවා තිබිණි.

මීට පෙර පොල් ගෙඩියක්‌ සම්බන්ධයෙන් ව්‍යාජ චෝදනාවක්‌ ඉදිරිපත් කරමින් මැරයන් ලවා කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය කළ බවත් දැන් බැනරයන් කපා දැමුවැයි අසත්‍ය චෝදනා නගා මැරයන් යොදවා තමාට සහ නදීක මන්ත්‍රීවරයාට පහර දුන් බවත් මෙය තම ආරක්‌ෂාවට දැඩි තර්ජනයක්‌ වී ඇති බවත් සභාපතිවරයා පැවැසීය.

මර්වින් සිල්වා අමාත්‍යවරයාට හිතවත් දමයන්ති පෙරේරා නැමැත්තිය විසින් මෙම කණ්‌ඩායම මෙහෙයවනු ලැබූ බවද සභාපතිවරයා කීවේය.

මෙම පහරදීම සම්බන්ධව කැලණිය ශ්‍රීලනිප කාන්තා සංවිධායිකාවක වන දමයන්ති පෙරේරා  කියා සිටියේ ලිය අභිමන් සභාපතිනි පුෂ්පා රාජපක්‌ෂ විසින් දළුගම රෝස්‌විල් පාර කාපට්‌ ඇතිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීම පිළිබඳව බැනර් කිහිපයක්‌ සවිකරමින් සිටි තම ආධාර කරුවන් තිදෙනෙකුට පනහක්‌ පමණ වූ පිරිසක්‌ සමග පැමිණි කැලණිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා පහරදී ඇති බවය.

ක්‍රිස්‌ටි රෝයි පෙරේරාට ඉතා දරුණු ලෙස පහර දුන්නා. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කළා. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට යවනු ලැබූ බවත් දමයන්ති පෙරේරා වැඩිදුරටත් පැවසුවාය
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අයෙත් මැරවින් ගේ හොර කැච් වැඩ පෙන්නන්න ගිහින් Rating: 5 Reviewed By: Unknown