728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 23 May 2013

ජනයාගේ අවශ්‍යතා නිසි ලෙස කළමනාකරණය කරගැනීම ආණ්‌ඩුවේ වගකීමය

මේ ආණ්‌ඩුව තුළ විශාල වශයෙන් දූෂණ සිදුවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක සංවර්ධන ක්‍රියාවලිය ප්‍රසාරණය වන විට දූෂණද ප්‍රසාරණය වීම ස්‌වාභාවිකය. අල්ලස, බුලත් විටේ සහ ප්ලේන්ටියේ සිට පැජරෝව දක්‌වා පැතිරෙයි. ආණ්‌ඩුවට සම්බන්ධ කට්‌ටියක්‌ සුවපහසු ජීවිත ගත කරද්දී අනෙත් අය බඩට කන්නට සහ විළි වසා ගන්නට දඟලන විට එය නිමිත්තක්‌ කරගෙන වැඩ වර්ජනයක්‌ සංවිධානය කරගෙන ගොඩ එන්නට දේශපාලනඥයන්ට පුළුවන. මේ රටේ මේ මොහොතේදී සිදුවන වර්ජනවල නායකත්වය ඇත්තේ දේශපාලනඥයන් අතය. විදුලි බිලේ සටන ගෙනයන කේ. ඩී. ලාල් කාන්ත දේශපාලනඥයෙකි. නිතර නිතර වර්ජන කරමුයි කියන ප්‍රයිවට්‌ බස්‌ ගැමුණු එජාපයෙන් ඡන්දය ඉල්ලා පැරදුණු කෙනෙකි. වැඩකරන ජනතාව නමැති කේක්‌ ගෙඩිය දේශපාලන පක්‍ෂ විසින් කපාගෙන කන්නේ ආණ්‌ඩුවේ වරද නිසාය. තම ජනයාගේ අවශ්‍යතා නිසි ලෙස කළමනාකරණය කරගැනීම ආණ්‌ඩුවේ වගකීමය. එය නොවන තාක්‌කල් හැම උදයකම අපට පාරට එන්නට සිදුවන්නේ "අද බස්‌ ස්‌ට්‍රයික්‌ද දන්නෑ..." යන සැකය සාක්‌කුවේ දමාගෙනය.



ස්‌ට්‍රයික්‌ මානසිකත්වය·
(වරද ආණ්‌ඩුවේය)

වැඩවර්ජන විසින් ලෝකය පිරිවරනු ලැබ තිබේ. අන්තර් ජාලයට පිවිස
උදාහරණ  Work Stoppage strikes in the world යනුවෙන් ටයිප් කළ විට ඊයේ විවිධ රටවල සිදුවූ වැඩවර්ජනත්, අද සිදුවන වැඩවර්ජනත්, හෙට සිදුවන වැඩවර්ජනත් ගැන තොරතුරු ලබාගත හැකිය. වසර 2012 දී ඇමරිකාවේ හටගත් ප්‍රධාන පෙළේ වැඩවර්ජන සංඛ්‍යාව 19 ක්‌ බවත් ඒවාට සහභාගි වූ මුළු පිරිස එක්‌ලක්‍ෂ හතළිස්‌ අටදහසක්‌ බවත් ඇමරිකන් කම්කරු දෙපාර්තමේන්තුවේ www.bls.gov/wsp/ වෙබ් අඩවියට පිවිසීමේදී පෙනී යයි. මේ ප්‍රධාන වැඩවර්ජන 19 ට අමතරව කුඩා ප්‍රමාණයේ වැඩවර්ජන දහසකට වඩා ඒ අවුරුද්දේ ඇමරිකාවේ ඇතිවිය. අපේ රටේ ප්‍රයිවට්‌ බස්‌ වර්ජනයක්‌ සඳහා සාකච්ඡා හටගත් පසුගිය අප්‍රේල් මාසයේදී ජර්මනියේ "lufthansa" ගුවන් සේවය එක්‌ දින වර්ජනයක්‌ පැවැත්වූහ. මේ නිසා එදා දවස තුළ ජර්මනියෙන් වෙනත් රටවලට නික්‌මෙන ගුවන් ගමන් වාර 1700 ක්‌ අත්හිටව ුණේය.  ගුවන් සේවයේ සමස්‌ත කාර්ය මණ්‌ඩලය 33000 කින් සමන්විත බව අප කීවොත් ඔබ පුදුම වනු ඇති. ලෝක ආර්ථික අර්බුදය නිසා ලොව පුරා රටවල පෞද්ගලික සහ රාජ්‍ය ආයතන මිනිසුන් බලෙන් සේවයෙන් පහ කිරීමේ ව්‍යාපෘතියක නිරතව සිටිති. ලුෆ්තහන්ස ආයතනයේ සේවකයන්ද මේ තර්ජනයට මුහුණ පා සිටින අතර ඔවුන් වැඩවර්ජනය කළේ ඊළඟ අවුරුද්දෙත් තමන්ගේ රැකියාව සුරක්‍ෂිත බව තහවුරු කරන ලෙසත් 5.2 ක වැටුප් වර්ධකයක්‌ ලබා දෙන ලෙසත් ඉල්ලමිනි. එහෙත් එම ගුවන් සේවය එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කර ඇත. ආණ්‌ඩුවක්‌ හෝ ආයතනයක්‌ නොකළ යුතු ප්‍රධානතම දෙයක්‌ වන්නේ වෘත්තීය සමිති කාරයන් තරහ කරගත්තත් සේවකයන් තරහ කර නොගැනීමය. මිනිසුන් වෘත්තීය සමිති නායකයන් පසුපස යන්නේ කර කියා ගන්නට දෙයක්‌ නැති විටය. පරාර්ථකාමී වෘත්තීය සමිති නායකයන් සිටින්නේ ස්‌වල්පයකි. 1970 න් පසු ලොව බිහිවූ වෘත්තීය සමිති නායකයන්ගෙන් වැඩි හරියක්‌ තම සටන අවසන් කරන විට එක්‌කෝ ආණ්‌ඩු විසින් බාගනු ලැබ සුවපහසු ජීවිත ගත කරමින් සිටියහá එසේත් නැතහොත් උසස්‌ දේශපාලන තනතුරුවලට පත්ව සිටියහ. එක්‌දහස්‌ නවසිය අසූ ගණන්වල පෝලන්තයේ පැවැති සෝවියට්‌ ගැති නිලධාරීවාදී රූකඩ ආණ්‌ඩුව පෙරළා දැමීමේ සටනට නායකත්වය දුන් එරට නැව් තටාකාංගන කම්කරුවකු වූ ලෙක්‌ වාවෙන්සා සිය සටන කෙළවර කරන්නේ පෝලන්ත ජනාධිපති වී ලෝක සාමය සඳහා වූ නොබෙල් තෑග්ගත් දිනාගෙනය.

වැඩවර්ජනයක්‌ යනු අරගලයකට යාමට පෙර සිවිල් ජනයා විසින් ගනු ලබන අවසන් පියවරය. මේ අවසන් පියවරේදී සමහර විට දෙකෙන් එකක්‌ වෙයි. ඡේ. ආර්. ජයවර්ධන වැනි මහතෙක්‌ සිටියොත් සේවකයන්ට රැකියා නැතිවෙයි. 1980 ජූලි වර්ජනයේදී ඡේ. ආර්. විසින් රජයේ සේවකයන් දහස්‌ ගණනක්‌ පාරට ඇද දමන ලද්දේය. ඉන්පසු ඒ මිනිසුන්ගෙන් සමහරු සියදිවි නසා ගත්හ.

අද අප ඉදිරිපිට වැඩවර්ජන කිහිපයක්‌ සහ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ තිබේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වැඩවර්ජන සහ අකුරට වැඩ කිරීම්වලට ප්‍රසිද්ධය. එක්‌කෝ ප්‍රයිවට්‌ බස්‌ මුදලාලිලා වැඩ වරවති. නැත්නම් දුම්රිය රියෑදුරෝ ස්‌ට්‍රයික්‌ය. තවත් විටෙක විදුලි බල මණ්‌ඩලය ස්‌ට්‍රයික්‌ය. මේ අය "කූල්" වන විට දොස්‌තරවරු වැඩ වරති. එය නිමවන විට නර්ස්‌ලාගේ වර්ජනය ඇරැඹෙයි. එයත් නිම වන විට සෞඛ්‍ය සේවයේ සුළු සේවකයෝ වැඩවරති. අපේ වැඩවර්ජන වැටුප් වැඩි කර ගැනීමේ සිට ගවුමේ වාටිය තෙක්‌ දිවෙයි. රජයේ රෝහල්වල උපස්‌ථායක කාන්තාවන්ට නිල ඇඳුම වශයෙන් සුදු ගවුමක්‌ ලබා දුන් විට නර්ස්‌ලා ඉතා කුහක ලෙස එයට එරෙහිව වැඩ වැරූහ. එවැනි පොඩි පොඩි අඩුපාඩු තිබුණත් මෙතෙක්‌ කලක්‌ සිදුවූ වර්ජනවලින් වැඩි හරියම ඉලක්‌ක වුණේ ජීවන බර අඩුකර ගැනීමය.
 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජනයාගේ අවශ්‍යතා නිසි ලෙස කළමනාකරණය කරගැනීම ආණ්‌ඩුවේ වගකීමය Rating: 5 Reviewed By: Unknown