728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 19 May 2013

මාධ්‍ය නිදහසේ කිරි අත්තා...

ප්‍රජාතන්ත්‍රවාදයේ ලොකු අප්පච්චි වූද, මානව අයිතිවාසිකම්වල මී මුත්තා වූද, මාධ්‍ය නිදහසේ කිරි අත්තා වූද, අන්තර්ජාතික විනය පාලක වූද ඇමරිකාවේ සිදු වූ අව කල් ක්‍රියාවක්‌ ගැන අද සාකච්ඡා කරමු. එසෝසියේටඩ් ප්‍රෙස්‌ නමැති ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතනයක්‌ ඇමරිකාවේ තිබේ. 1846 දී ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවරදී පිහිටුවන ලද මෙය ලොව පැරණිම ප්‍රවෘත්ති ඒජන්සිවලින් එකකි. 1846 දී මැක්‌සිකෝවේ යුද්ධයක්‌ තිබිණ. මේ යුද්ධය ගැන ඉක්‌මන් තොරතුරු ලබාගැනීමට නිව්යෝර්ක්‌ නගරයේ ප්‍රධාන පත්තර කන්තෝරු පහකට උවමනා විය.
ඒ පත්තර කන්තෝරු පහේ ධන පරිත්‍යාගයෙන් එසෝසියේටඩ් ප්‍රෙස්‌ ආයතනය ගොඩනංවන ලදී. ඒබ්‍රහම් ලින්කන්ට වෙඩි තැබීමේ පුවත මුලින්ම ලොවට දුන්නේ එසෝසියේටඩ් ප්‍රෙස්‌ ය. දෙවන ලෝක යුද්ධයේදී ජපනුන් ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ හෙළා විනාශ කිරීම ද මුලින්ම ලොවට වාර්තා කළෝ ඔවුහු ය. ෂා රජු බලයෙන් පහවීම සහ ජුවාම් පාවුළු පාප්වහන්සේ මියගිය බව (වතිකානය විසින් ප්‍රකාශ කරනු ලබන්නට පෙර) අපට කීවෝ ඔවුහු ය. පුවත් ලබාගැනීම සඳහා යුද බිම්වලට යැමේදී මේ ආයතනයේ පුවත්පත් කලාවේදීන් හා ඡායාරූප ශිල්පීන් 30 කට වැඩි ගණනක්‌ වෙඩි කා මිය ගියහ. මාධ්‍ය ලෝකයට විද්යුත් තාක්‍ෂණය සහ ඉලෙක්‌ට්‍රොනික්‌ තාක්‍ෂණය එන විට එය මුලින්ම අත්පත් කරගෙන පුවත් බෙදාහැරීම ඉක්‌මන් කිරීමට එය යොදාගත්තේ ඔවුහු ය.

ප්‍රවෘත්ති ලෝකය තුළ එසෝසියේටඩ් ප්‍රෙස්‌ ආයතනයේ නොසැලෙන මුද්‍රාව ඒ ආකාරයෙන් තිබියදී මේ වසරේ මැයි 15 වැනිදා දැනගන්නට ලැබුණ පුවතකින් ඇමරිකාවේ ප්‍රගතිශීලී ජනයා කැළඹී ගියහ. ඒ වූ කලී මාධ්‍ය නිදහසේ කිරි අත්තා වූ ඇමරිකන් ආණ්‌ඩුවේ අධිකරණ කටයුතු දෙපාර්තමේන්තුව (අධිකරණ අමාත්‍යාංශය) විසින් එසෝසියේටඩ් ප්‍රෙස්‌ ආයතනයේ පුවත්පත් කලාවේදීන් පාවිච්චි කරන ටෙලිෆෝන් ලයින් 20 කට වැඩි ප්‍රමාණයක්‌ මාස දෙකකට කිට්‌ටු කාලයක්‌ තිස්‌සේ 'ටැප්' කර ඇති බවයි. මෙසේ රහසින් සවන් දුන් දුරකථන අංක අතර මාධ්‍යකරුවන්ගේ කාර්යාලයීය අංක මෙන්ම ගෙවල්වල දුරකථන අංක ද විය. එහි ප්‍රධාන කාර්යාලයේ පත්‍ර කලාවේදීහු 100 කට වඩා සේවය කරති. එම දුරකථන ලයින්වලට රහසේ සවන් දීමෙන් එම පුවත්පත් කලාවේදීන් ලබාගන්නා තොරතුරු පිළිබඳ කල්තියා දැනගැනීමට ඇමරිකන් ආණ්‌ඩුවට හැකිව තිබිණ.

ආණ්‌ඩුව මෙබන්දක්‌ කළේ ඇයි? වසර 2012 මැයි 17 වැනිදා ඒපී පුවත් සේවය මගින් වැදගත් පුවතක්‌ හෙළිකර තිබිණ. එයින් කියෑවුණේ එකී මැයි මාසයේදී ඇමරිකාව බලා එමින් සිටි ගුවන් යානයක්‌ තුළ බෝම්බයක්‌ පිපිරවීමට අල්ඛයිඩා සංවිධානය කළ කුමන්ත්‍රණයක්‌ යේමනයේ සිටින සී. අයි. ඒ. නියෝජිතයන්ගේ මැදිහත්වීමෙන් වළක්‌වාලන ලද බවය. මේ ප්‍රවෘත්තිය ලබාගැනීම සඳහා ඒපී ආයතනයේ වාර්තාකරුවන් පස්‌aදෙනකු සහ එක්‌ සංස්‌කාරකවරයකු කටයුතු කර තිබිණ. ඒ ප්‍රවෘත්තිය රාජ්‍ය රහසක්‌ වූ අතර එය ඒපී ආයතනයට ලබා දුන්නේ කවරෙක්‌ද යන්න සොයාගැනීමට ඇමරිකන් ආණ්‌ඩුවට උවමනා විය. ඔවුන් ඒපී ආයතනයේ දුරකථන ඇමතුම්වලට සවන් දෙන්නේ ඒ අනුවය.

මෙය ඇමරිකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්‌ බව අපි ස්‌ථිර වශයෙන්ම පිළිගනිමු. එහෙත් මෙබන්දක්‌ ලංකාවේ ආණ්‌ඩුව අතින් සිදුවූයේ නම් මාධ්‍ය නිදහස උල්ලංඝනය වූ බව කියමින් ඇමරිකාව ඔලුවෙන් හිටගන්නවා ඇත. විශේෂයෙන් යුද ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව පුවත්පත් කලාවේදියකු හෝ ඉලෙක්‌ට්‍රොනික්‌ මාධ්‍යකරුවකු සමඟ ප්‍රශ්නයක්‌ ඇති කරගත් හැම මොහොතකම ඇමරිකාව ඒ ගැන කනගාටුව පළ කළේය. ඒ ප්‍රශ්නය සිදුවූයේ ඉංග්‍රිසි පුවත්පතක මාධ්‍යවේදියකුට නම් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌තුමා වහාම එම පත්තර කන්තෝරුවට දිව ගොස්‌ අදාළ පත්‍ර කලාවේදියා සමඟ සාකච්ඡාවක්‌ පවත්වා පින්තූරවලට පෙනී සිට නිවේදනයක්‌ ද නිකුත් කළේය.

එසේ නම් අප කළ යුත්තේ ඒපී ආයතනයේ සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් සුදු කොඩි ඇදීම ය.
 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මාධ්‍ය නිදහසේ කිරි අත්තා... Rating: 5 Reviewed By: Unknown