728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 25 May 2013

අවි පෙන්නා බිය ගන්වා ලක්ෂ 65ක් වටිනා ගම්මිරිස් තොගයක් පැහැර ගෙන


බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ පිහිටි ගම්මිරිස් මිලදී ගැනීමේ හා ගම්මිරිස් වියැළීමේ වෙළෙඳ ආයතනයකට ඊයේ (24දා) අලුයම පොලිසියෙන් යැයි පවසා ඇතුළු වූ අවිගත් කණ්ඩායමක් මුදලින් රුපියල් පන්ලක්ෂ තිස්පන්දහසක් හා රුපියල් ලක්ෂ හැටපහක් පමණ වටිනා ගම්මිරිස් ගෝනි එකසිය පනහක් කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි.



රාත්‍රි 12.00-1.00 ත් අතර කාලයේදී අවි ආයුධ රැගත් තිදෙනකු වෙළෙඳ ආයතනයට කඩාවැදී අපි පොලිසියෙන් උඔලා ගම්මිරිස් කොළඹට රැගෙන යන ගමන් ගංජා ගෙනයන බවට තොරතුරු ලැබී තිබෙනවා. ගබඩාව ඇතුළු සියලු දේ පරීක්ෂා කරන්න ඕනෑ කියා ගබඩා සංකීර්ණයට ඇතුළු වී ඇත.

ඒ සමඟම තවත් කිහිපදෙනකුද එහි ඇතුළු වී සේවකයන් සියලු දෙනා එක තැනකට කැඳවා ඔවුන්ට ළඟ තිබූ ජංගම දුරකතන කොල්ලකරුවන් භාරයට ගෙන ඇත. අනතුරුව ඔවුන්ගේ කටවල් වසා ප්ලාස්ටර් අලවා තිබේ.

එම සේවකයන් ලවාම එහි තිබූ ගම්මිරිස් සියල්ල ගෝනිවලට දමා ට්‍රක් රථ දෙකකට පටවාගෙන පලාගොස් ඇත.ගම්මිරිස් මිලදී ගැනීමේ හා වියැළීමේ වෙළෙඳ ආයතනය මැදගම 10 කණුව පදිංචි මොහොමඩ් අබ්දුල් ලමී නමැත්තකුට අයත් වූවකි.

උෟව පළාත් නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මොනරාගල පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස් පිට බුත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අවි පෙන්නා බිය ගන්වා ලක්ෂ 65ක් වටිනා ගම්මිරිස් තොගයක් පැහැර ගෙන Rating: 5 Reviewed By: Unknown