728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 19 May 2013

ආණ්ඩුවේ ඡන්ද සටනේ නායක පුටුව බැසිල්ට


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි මැතිවරණ මෙහෙයුම් කටයුතුවල නායකත්වය බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයාට ලබාදීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.

පක්‍ෂයේ ජාතික සංවිධායකවරයාද වන ඇමැතිවරයාට අදාළ බලතල පවරා ඇත. මෙහිදී පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාට මෙතෙක් හිමිව තිබූ බලතලද බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයාට පවරා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි.

මේ නිසා අදාළ තීරණය සම්බන්ධයෙන් පක්‍ෂය අභ්‍යන්තරයේ මතගැටුමක් හටගෙන ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
මීට පෙර මැතිවරණ මෙහෙයුම් කටයුතුවලදී ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම් කැඳවීම, ඔවුන්ට සෘජු උපදෙස් ලබාදීම ඇතුළු බලතල රැසක් පක්‍ෂයේ මහ ලේකම්වරයාට පැවැරී තිබූ අතර නව තීරණයට අනුව එම බලතල සියල්ල හිමිවන්නේ බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයාටය. මීට පෙර අප හෙළිදරව් කළේ බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තම කාර්යාලයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ආණ්ඩුවේ ඡන්ද සටනේ නායක පුටුව බැසිල්ට Rating: 5 Reviewed By: Unknown