728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 17 May 2013

දේශපාලනයට හරි ආසයි.මං ..ඇට බෝල ගහන්න බෑ ...චන්ද්‍රිකා

බෝම්බෙන් පසු පළමු පැය ගැන චන්ද්‍රිකා කරන විශේෂ හෙළිදරව්ව ලලිත්, ප්‍රේමදාස ඝාතනය වෙන කොට ඔබට හිතුණෙ නැද්ද ඔබටයි රජ ගෙදරට යන්න පාර කැපෙන්නේ කියල...? මං එහෙම හිතුවෙ නෑ. මොකද මගේ ඇම්බිෂන් එකක් තිබුණේ නෑනේ. මං දේශපාලනයට හරි ආසයි. රට හදන්න ආසයි. වැඩකරන්න ආසයි. කරන වැඩේ සාර්ථක වෙනවා දකින කොට මට ලොකු තෘප්තියක් දැනෙනවා. එච්චරයි මට ඕන කරලා තිබුණේ. හැබැයි මට ඉතින් පොඩ්ඩක් හරි මොළේ තියෙනවානේ. ඒකට අනුව මට තේරුණා එහෙම කිය කියා පැත්තකට වෙලා ඉන්න බෑ කියලා. UNP එක පරද්දන්න නම් අපේ නායකයකුත් නැති නිසා මට එන්න වෙයි කියලා.



එහෙම හිතලා මරාගෙන යන කෙනෙක් නෙවෙයි මං. ඉතින් ලලිත් මැරුණම මං හරි දුක් වුණා. රටට ලොකු සේවයක් කරන්න හිටපු කෙනෙක් නැතිවුණා කියලා. 1994 මහ ඡන්දයට පස්සේ ආණ්ඩුව පිහිටුවා ගත්ත ඔබ විශ්‍රාම සුවයෙන් හිටපු ජේ. ආර්. ගෙන් උදව් ගත්තා කියන කතාව ඇත්තක්ද ? පක්ෂයේ මට විරුද්ධ කණ්ඩායම, අනුර, ඇතුළුව පටන් ගත්තා වැඩපිළිවෙළක් තව නෑදෑයෝ කිහිප දෙනෙක් අල්ලගෙන මට දෙන්න එපා අම්මට දෙන්න ඕන කියලා. මම දන්නවා ඒ වෙලාවේ තියෙන රැල්ල උඩ මට කතා නොකර ඉන්න බෑ. ඒ වෙලාවේ එක්කෙනෙක් ජේ. ආර්.ට ගිහින් කියලා තියෙනවා ඩී.බී.ට කියන්න මැතිනිට නම් එන්න දෙන්න එපා චන්ද්‍රිකාට එන්න කියන්න කියලා. ජේ. ආරුත් කට්ටයනේ. එහෙම කියන්න ඕන නම් එක්කල එන්න චන්ද්‍රිකාව මාව හම්බවෙන්න කියලා. මම ගියා බෑ කියන්න බෑනේ ජේ. ආර්. එන්න කියන්න කිව්වම. මොනවා වුණත් මම කිව්වා සර් මට තරග කරන්න නම් අදහසක් නෑ. මාව පත් කරන්න කියලා කියන්න ඕනෙත් නෑ දෙන කෙනෙක්ට දුන්නාවේ කියලා. පරණ දේශපාලන ඉතිහාසේ අරවා මේවා කතා කරලා මට එකකුත් දුන්නා. මම ආවා. හැබැයි විජේතුංග මට එන්න කියන්නෙ නෑ. එයානේ දැඟලුවේ අම්මාට එන්න කියන්න. මොකද එතකොට පක්ෂය දුර්වල වෙනවනේ. ගාමිණී දිසානායක පුළුවන් තරම් කියනවා මට එන්න දෙන්න එපා අම්මාට එන්න කියන්න කියලා. මොකද ගාමිණී දන්නවා අම්මා ආවොත් ඊළඟ ජනාධිපතිවරණයේදී පරද්ද ගන්න පුළුවන් කියලා. අම්මාගේ සෞඛ්‍ය තත්ත්වය නිසා අම්මට දිනන්න බෑ ඒ වෙලාවේ. ගාමිණී පුළුවන් තරම් ප්‍රසිඩන්ට්ට මේක කිව්වා. කාටද කියන්නෙ කියලා එහෙම හිත හිතා ඉන්නකොට, මං හිතන්නේ ජේ. ආර්. ඩී. බී.ට එන්න කියලා, කියලා තියෙනවා. මට ඒක කිව්වෙවත් නෑ. ඊට පස්සෙ මම ටෙලිෆෝන් කරලා කිව්වා. එදා විජයව නිදහස් කරගන්න ජේ. ආර්.ගෙ දෙපතුළ ළඟට ගිය ඔබ ජේ. ආර්. ඔබ හමුවීමට ආ විට මොකද හිතුණේ ? ; විශේෂයක් හිතුණේ නෑ. ජීවිතේ එහෙමනේ ඉතින්. අද ඉහළ ඉන්න කෙනා හෙට පල්ලෙහා. අද පල්ලෙහා ඉන්න කෙනා හෙට උඩ. ඒ නිසා ඒ ගැන එච්චර හිතුවෙ නෑ.  1977 ශ්‍රී ල.නි.ප.ය විපක්‍ෂයට ගිය කාලයේ ඉදලම ඔබත් මහින්දත් අතර ප්‍රශ්න තිබුණ. පළමුවෙන්ම මම අහන්නම් මහින්දව මුලින්ම හමු වෙච්ච දවස මතකද...? අනුරත් එක්ක යාළුයිනේ හරියට. මං දැක්කෙ එහෙම. එයා තරුණ මන්ත්‍රි කෙනෙක් වුණා අවුරුදු විසි එකෙන්ද කොහේද. මං හිතන්නෙ එවකට හිටපු තරුණම මන්ත්‍රිවරයා. ඊට පස්සෙ අනුර එක්ක යාළු වුණා. අනුරගෙ ගෙදර හිටියේ. මහින්ද ඉස්සර හරි ලැජ්ජයි. අපිව දැක්කම ඇඹරි ඇඹරි ඉන්නවා. ගර්ස්ලට හරිම ලැජ්ජයි.  හොඳයි. මහින්ද එක්ක ප්‍රශ්න තියාගෙනත් ඇයි මහින්දට ඇමතිකමක් දුන්නේ...? මං ඇත්තම සිද්ධියක් කියන්නම්. ඇමැතිකම දුන්නට පස්සෙ මහින්ද මගෙන් Minister Post එකක් ඉල්ලුවා. මම ඒ වෙලාවේ කැබිනට් එක පත් කරපු ගමන් වැඩ පටන් ගත්තා. මං හැම වෙලේම හිතුවෙ මෙච්චර ජනතාවක් අපි ගැන විශ්වාසය තියල ඡන්දෙ දුන්නාට පස්සෙ ඇට බෝල ගහන්න බෑ වහාම වැඩ කරන්න ඕන. තියෙන ප්‍රශ්න විසඳන්න ඕන. පළමුවැනි වතාවට ජනාධිපති කාර්ය සාධක බළකාය කියලා දාගෙන වෙන වෙනම දාලා පටන් ගත්තා. දවස් 10න් අපි ප්‍රභාකරන්ලා එක්ක කතා කරන්නත් පටන් ගත්තානේ. මං ඒවා එක්ක හොඳටම බිසි වෙලා හිටියේ. ඒ වෙලාවෙ මහින්ද වෙලාව ඉල්ලනවා කියලා Secretary එකෙන් කියද්දි මං ඇහුවා මොකටද අනේ කියලා. ඇමැතිකම දුන්න නිසා ස්තුතිවන්ත වෙන්නලු. මං හිතුවෙම දුන්න එක මදි කියලා තව මොනවා හරි ඉල්ලනවා කියලා. කොහොම හරි වදෙන් බේරෙන්න බැරි නිසා දුන්නා දවසක්. මගේ ඔක්කොම වැඩ ඉවර වෙලා රෑ 9ට විතර. මට තාම මතකයි. මං එනකොට සාලේ මහින්ද ඉඳගෙන හිටියා පොතක්ද පත්තරයක්ද කියව කියව. ආ... මැඩම් කියල නැඟිට්ටා. මං, ඔව් මහින්ද ඇයි කියලා ඇහුවා. මිනිහා ලැජ්ජාවෙන් වගේ හිනාවේගෙන ඇඹරි, ඇඹරි දණ ගැහුවේ නෑ. හැබැයි බිමට දක්වා නැවිලා මට ආචාර කළා. මං කිව්වා මොකද මොකද මේ නැඟිටින්න නැඟිටින්න කියලා. නැඟිටලා කිව්වා නෑ, මැඩම් මං ආවේ ඔබතුමියට ස්තුති කරන්න කියලා මාව කැබිනට් එකට ගත්තට. මං කිව්වා කැබිනට් එකට 21 දෙනෙක් ගත්තා ඔයා විශේෂයෙන් ස්තුති කරන්න ඕන නැහැ කියලා. මමත් මහින්දට කැමැති නෑනේ. ඒ නිසා සමච්චලයට තමයි කතා කළේ... නෑ... මං හිතුවෙ නෑ ඔබතුමිය කවදාවත් මාව කැබිනට් එකට ගනියි කියලා. මං මෝඩයා වගේ ඇහුවා, ඇයි ඔයා එහෙම ගන්නෙ නැති වෙයි කියලා හිතුවෙ කියලා. නෑ ඉතින් ලොක්කි එක්කයි, (අම්මාට කියන්නේ ලොක්කි කියලා) ඔබතුමිය එක්කයි තිබුණ ප්‍රශ්න නිසා. මං ටික වෙලාවක් මහින්දගේ මූණ දිහා බලාගෙන ඉඳලා කිව්වා ලොක්කි එක්කයි, මං එක්කයි ඔයාට ප්‍රශ්න තිබුණේ නෑ ඔයා අපිට ප්‍රශ්නයක් වෙලා පක්ෂයට විශාල ප්‍රශ්නයක් ඇති කරලා අවුරුදු 17ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්‍ෂයේ තිබ්බා ඒ වුණාට මට මේ වෙලාවේ අපිට තියෙන විශේෂ කාර්යභාරය, ඔයාට මේක දුන්නෙ නැත්නම් ඔයා නිකන් ඉන්නෙත් නෑනේ. මං ඔයාගේ හැටි දන්නවනේ. මහින්ද ඔයාට ඔච්චර අම්මා සලකලත් ඔයා අම්මට කරපු දේවල්. ඒ නිසා මං මේක ඔයාට දුන්නෙ නැත්නම් ඔයා මහා විකාර පොරයක් පටන් ගන්නවා. ඒ නිසා මං ඔයාව ගත්තා. හැබැයි ඔයා එකක් හිතන්න ඔයාගේ දිස්ත්‍රික්කෙ ඔයා සම්පූර්ණයෙන්ම මාව පැරැද්දුවා. ඒකෙ බයට නම් ඔයාට දුන්න කියලා හිතන්න එපා කියලා. මොනවා වුණත් රාජපක්ෂලාට යම්කිසි තැනක් තියෙනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි ඔය දැන් කියන විදියට පක්ෂය හදන වෙලාවෙ නම් හිටියේ නෑ. එයාගේ තාත්තා බැඳුණේ ඊට පස්සේ. ඒ නිසා මට ස්තුති කර කර ඉන්න ඕන නෑ. මං ඒක බලාපොරොත්තු වෙන්නෙත් නෑ. දැන් මීට පස්සෙ කැත වැඩ කරන්නෙපා මටයි, පක්ෂයටයි කියලා. දීපු කාර්යභාරය හරියට කළොත් මං ඔයාව කපන්නෙත් නෑ. කවදාහරි ඔයාට නායකත්වයට එන්න ඕන දවසට මං ඒක දෙන්නම් කියලත් කිව්වා. එහෙමම කිව්වා.  හැබැයි ඔබ මහින්ද විදේශගතව සිටියදී ඔහුගේ ඇමැතිකම මාරු කරල ඔහුගේ තටු කපනවා...? මං හිතුවෙ ඒක එයාට ප්‍රමෝෂන් එකක් වෙයි කියලා. ලේබර් මිනිස්ටර් කියන්නෙ එච්චර වැඩක් කරන්න බෑ. කැබිනට් මාරුව කරද්දි එයා හිටියේ ජිනීවාවල. මං ටෙලිෆෝන් කරලා කිව්වා, ඔයා ලංකාවේ හිටියේ නෑ දිවුරුම් දෙන්න, කරන්න අවශ්‍ය නිසා කෙරුවේ ඔන්න ඔයාට මේකට වඩා හොඳ අමාත්‍යංශයක් මං දුන්නා මුළු දකුණටම වැඩ කරන්න පුළුවන් කියලා.  මම දැන් එන්නම් ඔබගේ ජීවිතයේ ඊළඟ ඛේදවාචකය. මරණයෙන් අනූනවයෙන් බේරුන බෝම්බ සිද්ධිය. ඔබට තවම ඒ දවස මතකද...? හිතන්න වෙලාවක් තිබුණේ නෑනේ. ඒක සිද්ධ වුණා. හැබැයි ඔය අතරේ බය හිතුණේ නම් නෑ. මං සිද්ධි දෙකක් විතරක් කියන්නම්. ඒක වදිනකොටම මට හරි වේදනාවක් දැනුණා. තාම කෑලි තියෙනවා එතැන මෙතැන. සිහිය නැතිවුණා වගේ දෙයක් වුණා. සිහිය එනකොට විනාඩි දෙකකට විතර පස්සේ මාව උස්සලා දානව වාහනේකට සිකියුරිටි කට්ටිය. ඇමෙරිකාවේ වගේ නම් සිකියුරිටි අයට, මෙඩිකල් දැනුමත් තියෙනවා. මෙයාලා මාව දැම්මෙ සම්පූර්ණයෙන්ම වැරැදි ක්‍රමයට. හරහට දැම්මෙ බුදි කරවලා පිටිපස්සෙ සීට් එකේ. මගේ ඔළුව තුවාල වෙලා තියෙන්නෙ. මොළේ තියෙනවා. මොළයයි, මොළකට්ටයි අතර තවත් එකක්. ඔළුව ඩැමේජ් වුණොත් ඒක පෙණහලුවලට යනවා. ඊට පස්සෙ පෙණහලු පුපුරලා හුස්ම ගන්න බැරුව මැරෙනවා. ඉතින් මේගොල්ලො මාව දැම්මා හරහට. එතකොට අර එක තව තව යනවා. හිටපු ගමන් මට සිහිය ආවා. හුස්ම ගන්න බැරුව පපුව හිරවෙනවා වගේ දැනුණා. තව ටික වෙලාවක් එහෙම හිටියා නම් පෙණහලු පුපුරනවා. එතකොටම ඔටෝමැටිකලි මම ඉන්දවුණා. ඉන්දවිලා මම කහින්න පටන් ගත්තා. හිරවෙනකොට හිතලාම මං කහින්න ගත්තා. ඒ වෙලාවේ කෙළ ගහන්නවත් බෑ. මට මොකක්ද වගේ ඉන්න තැන වාහනේම කෙළ ගහන්න. ඒ පාර මං ඔසරියෙන් පොට අරගෙන කෙළ ගැහුවා. එතකොට ඔන්න ටිකක් සිහිය ආවා. මං ඇහුවා කොහේද ඔයගොල්ලෝ මාව ගෙනියන්නේ කියලා. ජෙනරල් හොස්පිට්ල් එකට කියලා කිව්වා. මං කිව්වා පිස්සුද ඕයි... එහෙ ගෙනියන්න. මොකද ඒ වෙලාව වෙද්දි උව්ර්ථී එක මෙහෙයවලා ස්ට්‍රයික් එකක් ඩොක්ටර්ස්ලා. මට මතක් වුණේ කතාවක්. තාත්තට වෙඩි තිබ්බ වෙලාවේ දිගටම ගිය කතාවක් තිබුණා. පහුවෙනිදා තාත්තට හොඳ වෙවී ආවා. ඔපරේෂන් එකත් සාර්ථකයි. අම්මා තාත්තා ළඟ හිටියා. තාත්තා සනීප නිසා හයියෙන් කෑ ගහලා හොඳට කතාකර කර ඉඳලා තියෙනවා. අම්මා ඒ අතරේ ගෙදර ඇවිත් තියෙනවා ඇඟපත හෝදගන්න. මොකද අම්මා උදේ පාන්දර ඇඳ ගත්ත ගමන් කලින් දවසේ ඇඟ හෝදලා වත් නෑ. එතැනම තමයි හිටියේ. ඒ ගියාම තත්පරයක් කවුරුහරි කාමරේ ඉඳලා නෑ. නර්ස් කෙනෙක් දුවලා ඇවිත් ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඒ වෙලාවේ මැරුණා කියල තමයි කියන්නෙ. මේක මගේ ඔළුවෙ හරියට තිබුණා. අරක කිව්ව ගමන් මගේ ඔළුවට ආවේ ඒක. මං ඇහුවා පිස්සුද ඕයි... ජෙනරල් හොස්පිට්ල් එකට යන්න. ඩොක්ටර්ස්ලා ඔක්කොම ස්ට්‍රයික් මට විරුද්ධව. නිහාල් කරුණානායක ඉස්සරහා ඉඳගෙන හිටියා. එයාගේත් ලේ වැක්කෙරෙනවා තුවාල වෙලා. එහෙනම් කොහේද යන්නෙ මැඩම් කියලා ඇහුවා. මගේ ඔළුවෙ වැඩ කළා... ඒ වෙලාව වෙනකොට නවලෝකෙ විතරයි ධ්ජභ එක හොඳ. මං කිව්වා නවලෝකෙට යන්න කියලා. ඉතින් නවලෝකෙට ගෙනිච්චා. එයාලා හොඳින් සැලකුවා. දැන් මාව උස්සගෙන යනවා. ගිහිල්ලා මාව කොහේද කාමරේකට දැම්මා. දැන් එක එක දේවල් මට කරනවා. ආ... වාහනේ යන ගමන් මම තව දෙයක් කිව්වා. මට යාළු ඩොක්ටර්ස්ලා ගොඩක් දෙනෙක් ඉන්නවා. එයාලගේ නම් මං හතර පස් සැරයක්ම කිව්වා. යනකොටත් එයාලා ඇවිත් හිටියා. එක්කෙනෙක් දෙන්නෙක් මම ගියාට පස්සෙ ආවේ. දැන් ඒ ගොල්ලො මාව වටකරගෙන ඉන්නවා. එයාලා කතා කරන ඔක්කොම දේවල් මට ඇහෙනවා. හොරෙන් හොරෙන් කතා කළාට එයාලත් දන්නෙ නෑ කොච්චර ඩැමේජ් එකක් වෙලාද, මං ජීවත්වෙයිද නැද්ද කියලා. ඒ වුණත් මට කිසි බයක් නෑ. එක දෙයක්, මහා විශාල දුකක් දැනුණා. මං මැරුණොත් මගේ ළමයි දෙන්නාට කවුද ඉන්නෙ කියන එක. දැන් එක එක්කෙනා නෑදෑයෝ මිත්‍රයෝ කඩාගෙන එනවා මාව බලන්න. අඬාගෙන එනවා. අහන අහන කෙනාට මං කිව්වේ මට මොනවා හරි දෙයක් වුණොත් මගේ ළමයි දෙන්නා බලාගන්න කියලා. එච්චරයි. ඩොක්ටර්ස්ලා කතා කරනවා. අරෙහේ. මෙහේ බ්ලඩ්ස් හොයනවා. කවුරු හරි ආපු කෙනෙක්, මට අදත් මතක නෑ කවුද කියලා. මාර වැඩේ කොල්ලෝ ඔක්කොම පාරේ, පොලු මුගුරු අරගෙන, තුවක්කුත් අරගෙන සමහරු දෙමළ ඔක්කොම මරනවා, උව්ර්ථී ඔක්කොම මරනවා කියලා පාරවල දුවනවා කියලා. මේක මගේ ඔළුවට වැදුණා. මං අර ඉන්න මිනිස්සුත් එක්ක මුකුත් කතා කළේ නෑ. බාලපටබැඳිගේ මං ළඟට ඇවිත් අඬාගෙන එළියට ගියා. මං ළඟ හිටපු ඩොක්ටර් කෙනෙක්ට කිව්වා බාලාහිටියා, බාලාට එන්න කියන්න කියලා. බාලා ආවා. මං කිව්වා බාලා දැන් යන්න ටෙලිවිෂන් එකට රූපවාහිනියට ගිහින් පිටපතක් ලියාගෙන ගිහින් අඬන්නෙ නැතුව හොඳට ශක්තිමත්ව කියන්න මට කිසි ප්‍රශ්නයක් නෑ. මම ජීවත් වෙනවා. හැමෝගෙන්ම මම ඉල්ලීමක් කළා කියන්න. කලබල වෙන්න එපා, කිසි කෙනෙක්ට හානියක් කරන්න එපා. මට කිසි ප්‍රශ්නයක් නෑ කියලා. බාලා හා කියලා හැරිලා යනකොට මං කිව්වා, බාලා ආයේ එන්න... ආයේ එන්න කියලා... මට හිතුණා හැරිලා යනකොටම, එහෙම කිව්වට මෙයාලා විශ්වාස කරන්නෙනෑ මං මැරිලා කියලා හිතලා තත්ත්වය දරුණු වේවි කියලා මට නිකම් ඔළුවට ආවා. මිනිස්සු කන්ට්‍රෝල් කරන්න නම් මගේ ඉල්ලීමක් කියලා කියන්න. මගේ ඉක්මන් සුවය පතා ගිහින් සියලු දෙනාටම තම තමන්ගේ පූජ්‍ය ස්ථාන, පල්ලි, පන්සල්, කෝවිල්වලට ගිහින් මං වෙනුවෙන් ප්‍රේකරන්න කියලා. එහෙම කිව්වේ මිනිසුන්ව සනසන්න. බාලා හා කියලා යද්දි එළියේ ඉඳලා තියෙනවා සරත් අමුණුගම. එයත් අපේ පක්ෂයට බැඳුණා විතරයි. සරත් එක ලියලා දීලා තියෙනවා. බාලා ඒ වෙලේ බ්ලැක් ෂර්ට් එකක් ඇඳන් හිටියේ මේක ඇඳන් ගිහින් කිව්වොත් මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ සරත් බ්ලූ ෂර්ට් එකක් ඇඳලා, ඒක ගලවලා බාලාට දීලා තියෙනවා.  2000 ඡන්දයට කලින් ඔබ ඔබේ මව අගමැති ධුරයෙන් ඉවත් කරනවා. ඔබ එය කළේ ඔබේ තනි මතයටද...? මම නෙවෙයි අම්මා කිව්වෙ. අම්මා අවුරුදු දෙකක විතර ඉඳන් කිව්වා දැන් නම් කරන්න බෑ මේක හරිම කැතයි, මෙහෙම එල්ලිලා ඉන්න එක කියලා දි.මු. වගේ නෙවෙයි එයා. දි.මු.ගේ තත්ත්වෙට අම්මා වැටිලා හිටියේ නෑ. අම්මා කිව්වා මට දැන් හරියට වැඩ කරන්න බෑ. ඇවිදින්න අමාරුයි කියලා. එයා නිකම් ලැජ්ජාවෙන් වගේ හිටියේ. මම කිව්වා පොඩ්ඩක් ඉන්න පක්ෂයේ ප්‍රධානියෙක් එක්ක කතා කරලා විසඳුමක් එනකල් ඉන්න කියලා. පක්ෂයේ හිටපු ජේ‍යෂ්ඨම දෙන්නා දි.මු.යි, රත්නසිරියි, මහින්ද නෙවෙයි. ඒ දෙන්නාත් එක්ක කතා කරලා ඉස්සෙල්ලා රත්නසිරිට දීලා පස්සේ දි.මු.ට දෙන්නම් කියලා මං කිව්වා.  විජයව ඝාතනය කරපු ජ.වි.පෙ. එක්ක පරිවාස ආණ්ඩුවක් හදන්න ගත් තීරණයත් ඔබ හරි කියල හිතනවාද...? මම තීන්දු කළේ නෑ. ආණ්ඩුව වැටෙන්න යනකොට ලක්ෂ්මන් කදීර්ගාමර්ලා, අනුරලා, මංගලලා ඇතුළුව ඔක්කොම ගිහින් ජේ. වී. පී. එක අල්ලාගෙන ගමු ගමු කියලා මට කිව්වා. මං හරියට විරුද්ධ වුණා. මගේ ළමයිනුත් විරුද්ධ වුණා. තාත්තව මැරුව මිනිස්සු අම්මි ගන්නෙ කොහොමද කියලා. මං කොහොමත් ප්‍රජාතන්ත්‍රවාදියෙක්නේ. ඉතින් මේගොල්ලන්ගේ වදේ බැරිකමට ගත්තා.  2001 මහ ඡන්දය පරාජය වෙලා ඔබේ ප්‍රධාන හතුරා වන එ.ජා.ප. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වෙන්න සිද්ධවීමත් ලොකු අභියෝගයක් වුණා නේද...? හරි ජරා විදියට මට සැලකුවේ. මම දන්නෙත් නෑ මොකද වුණේ කියලා. නමුත් චැලෙන්ජ් කරනකොට මට පුදුම ශක්තියක් සහ ධෛර්යයක් එනවා. හොරා අරක මේක කියලා චැලෙන්ජ් කරද්දි මම කිව්වා හොරා නම් දැන් පත්කරන්න ජනාධිපති කොමිසමක් කියලා. එහෙම කළෙත් නෑනේ... එතැන තිබුණු චෝදනාව මට එපා කරලා ලැජ්ජා කරලා මම අස්වෙයි කියලා. ඒ චෝදනාවලට වාද කරලා රණ්ඩු කරලා ගෙදර ගියාට පස්සෙ සමහර දාට මං තනියම අඬලා තියෙනවා.  එදා ඔබ මහින්දව විපක්‍ෂ නායක ලෙස පත් කරනවා... එතැන කුමන්ත්‍රණයක් වුණා. මම හිතාගෙන හිටියේ විපක්‍ෂ නායකකම රත්නසිරිට දෙන්න. රනිලුයි, මහින්දයි කුමන්ත්‍රණයක් කරලා රත්නසිරිව ගෙදර යවන්න. රත්නසිරි අස්සන් කරපු ඩොකියුමන්ට් එකක් එයාගේ යටතේ තිබුණු රබර් සංස්ථාවක, එතැන හිටපු සභාපති හොර වැඩක් කරලා එයාව අත්අඩංගුවට ගත්තා. රත්නසිරි ඒ කරලා විතරයි ගහලා තිබුණේ. මං ඒ ඩොකියුමන්ට් එක දැක්කා. ඒක මත රත්නසිරිව බය කෙරුවා. එයාව අත්අඩංගුවට ගන්න වෙයි කියලා. රත්නසිරි හිටපු ගමන් දමලා ගහලා ගියා.  පාර්ලිමේන්තුව විසිරෙව්වේ නැත්නම් ඔබට අදටත් ශ්‍රී ල.නි.ප. නායිකාව ලෙස ඉන්න තිබුණා නේද...? President-makes-a-point-to-former-President-Kumaratungaඒකට මට හරියට බලකෙරුවනේ. දවස් ගාණක් හිතලා හිතලා මං එකඟවෙන මොහොතේ මේසෙට ගහලා මං කිව්වා මේකෙන් ඉදිරියේදී වෙන ප්‍රශ්නවලට ඕගොල්ලො වගකින්න. මං නම් වගකියන්නෙ නෑ කියලා. එහෙම කිව්වට මං වගකියන්න ඕන. මං දැනගෙන හිටියා ගොඩක් ප්‍රශ්න ඇතිවෙන බව.  ඔබ 2004 ආණ්ඩුවේ අගමැති ලෙස නම් කරනවා. මහින්ද කියනවා බලෙන් ගත්තා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්.  එහෙනම් ඇයි මහින්දව අගමැති කරන්න තීරණය කළේ ? ඇත්ත වශයෙන්ම මම කැබිනට් ගණනාවක් පත්කරලා තියෙනවා. කවමදාකවත් මං කිසි කෙනෙක්ගෙන් අහන්නෙත් නෑ කියන්නෙත් න


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දේශපාලනයට හරි ආසයි.මං ..ඇට බෝල ගහන්න බෑ ...චන්ද්‍රිකා Rating: 5 Reviewed By: Unknown