728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 20 May 2013

ජනතාව මත බලෙන් පැටවූ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුයි

- අරුන් තම්බි මුත්තු, ෂේන් රාසමානික්‌කම්

අද ද්‍රවිඩයන් ලක්‍ෂ 4 ක්‌ නුවරඑළියේ සිටිනවා. තවත් ලක්‍ෂයක්‌ පමණ රත්නපුරයෙත්, මහනුවර දිස්‌ත්‍රික්‌කයේත් සිටිනවා. 95000 කට වැඩි පිරිසක්‌ බදුල්ලේ සිටිනවා. මාතලේ සහ පුත්තලම් දිස්‌ත්‍රික්‌කවල 50000 කට අධික පිරිසක්‌ සිටිනවා. එසේ නම් ද්‍රවිඩ සන්ධානය මේ සියලු ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන බව කියන්නේද...?








අරුන් තම්බි මුත්තු යනු මඩකලපුව හිටපු මන්ත්‍රී සෑම් තම්බි මුත්තුගේ පුත්‍රයායි. සෑම් තම්බි මුත්තු සහ ඔහුගේ බිරියව කොටි ත්‍රස්‌තවාදීහු කොළඹ කැනඩා තානාපති කාර්යාලය අසලදී ඝාතනය කරනු ලැබීය. එවකට දරුවකු වූ අරුන්ව ද පැහැරගෙන යැමට කොටි ක්‍රියා කළහ. එහෙත් බ්‍රිතාන්‍ය රජයේ දැඩි බලපෑම් මැද අරුන්ව නිදහස්‌ කිරීමට කොටින්ට සිදුවිය. කොටි සෑම් තම්බි මුත්තුගේ නිවසේ පොත් 5000 කට අධික සංඛ්‍යාවක්‌ තිබූ පුස්‌තකාලය ද ගිනිතබා විනාශ කරනු ලැබීය. එහෙත් ද්‍රවිඩ සන්ධානය හෝ මානව හිමිකම් සංවිධානය එA ගැන කටඇරියේ නැත. දිවි බේරා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයට පලාගිය අරුන් තම්බිමුත්තු දැන් මෙරට ද්‍රවිඩ දේශපාලනයේ ප්‍රධාන චරිතයක්‌ බවට පත්වී සිටී. අරුන් සමග ෂේන් රාසමානික්‌කම් ද එක්‌වී ඇත. ඔහු පදිරිප්පුව හිටපු මන්ත්‍රී මානික්‌කම්ගේ මුණුබුරුයි.

මේ දෙදෙනා ප්‍රමුඛ ද්‍රවිඩ විද්වතුන් 300 කට අධික සංඛ්‍යාවක්‌ ටැමිල්ස්‌ ෆො ශ්‍රී ලංකා නමින් සංවිධානයක්‌ අරඹා ඇත. අරුන් සහ ෂේන් මේ සතියේදී ඉඩම් හා පොලිස්‌ බලතල හිමි වන 13 වැනි සංශෝධනයට මෙන්ම මුළු පළාත් සභා ක්‍රමයටත් එරෙහිව නැගී සිටියේය.

මේ නිසා රජය තුළ සිටින 13 වැනි සංශෝධනයට පක්‍ෂ ඇතැම් දේශපාලනඥයන් අන්දමන්ද වී ඇත. අප සමග පැවැත්වූ සංවාදයේදී අරුන් හා ෂේන් අදහස්‌ දැක්‌වූ අයුරුයි මේ.

ප්‍රශ්නය - ඉඩම් හා පොලිස්‌ බලතල නැතිව උතුරු පළාත් සභාවේ පාලනය අවශ්‍ය නැතැයි ද්‍රවිඩ සන්ධානය කියනවා. එA ගැන ඔබ දරන මතය කුමක්‌ද?

පිළිතුර - ද්‍රවිඩ සන්ධානය නියෝජනය කරන්නේ සියයට 15 ක ජනතාවක්‌ විතරයි. ඔවුන්ට සමස්‌ත ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන්න හිමිකමක්‌ නැහැ. උතුරෙන් පිටත ද්‍රවිඩ ජනතාව ජීවත් වෙනවා. එම තත්ත්වය මත සමස්‌ත ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන්න ද්‍රවිඩ සන්ධානයට හිමිකමක්‌ නැහැ. එසේම ද්‍රවිඩ ජනතාව ඉඩම් හා පොලිස්‌ බලතල ඉල්ලුවෙත් නැහැ.

ප්‍රශ්නය - ද්‍රවිඩ සන්ධානයේ ක්‍රියාමාර්ගය යළිත් රට අර්බුදකාරී තත්ත්වයකට ගෙනඑAම බව ඔවුන්ගේ ක්‍රියාදාමයෙන් සනාථ වෙනවා නේද?

පිළිතුර - ද්‍රවිඩ සන්ධානය ජාතිවාදී බෙඳුම්වාදී පිළිවෙත මත ක්‍රියා කරනවා. ඔවුන්ට ඉඩම් හා පොලිස්‌ බලතල ඉල්ලන්නේ රට දෙකඩ කිරීමේ අරමුණින්. අපි ඊට එරෙහිව ටැමිල්ස්‌ ෆො ශ්‍රී ලංකා (ශ්‍රී ලංකාව සඳහා වූ ද්‍රවිඩයන්) සංවිධානය බිහි කරලා තිබෙනවා. අපි රජයට කියන්නේ ජාතික අර්බුදයට විසඳුම දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් නොව ජාතික මට්‌ටමින් දිය යුතු බවයි.

ප්‍රශ්නය - පළාත් සභා අහෝසි කළ යුතු යෑයි ඔබ කියන්නේද?

පිළිතුර - ශ්‍රී ලංකාව කුඩා රටක්‌. ඉන්දියාව මෙන් විශාල රටක්‌ නොවෙයි. එවන් රටකට පළාත් සභා අවශ්‍ය නැහැ. පළාත් සභා කියන්නේ සුදු අලියෙක්‌. වසරකට අති විශාල මුදලක්‌ වැය වෙනවා. පළාත් සියල්ල අහෝසි කිරීම සඳහා ජනමතවිචාරණයක්‌ පවත්වන්න යෑයි අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

ප්‍රශ්නය - ද්‍රවිඩ ජනතාව රටේ වත්මන් තත්ත්වය ගැන කුමන මතයක්‌ දරන්නේද?

පිළිතුර - ද්‍රවිඩ සන්ධානය විදේශ රටවල සාවද්‍ය ප්‍රචාර ගෙනියනවා. එහෙත් උතුරු නැගෙනහිර අද පවතින සාමකාමී වාතාවරණය ගැන කියන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය ද්‍රවිඩ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලින් කෙසේ හෝ බලය ලබාගැනීමයි. ද්‍රවිඩ සන්ධාන දේශපාලනඥයන් හැමදාම ගිනි අවුළුවමින් ක්‍රියා කළා මිස ද්‍රවිඩ ජනතාවගේ යහපතට කිසිම දෙයක්‌ කළේ නැහැ. ඔවුන් එදත් අදත් කරන්නේ ගිනි අවුළුවා විදේශ රටවලට පැන යැමයි.

ප්‍රශ්නය - පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමෙන් රටේ ජනතාවට යහපතක්‌ වේ යෑයි ඔබ කියන්නේද?

පිළිතුර - ඔව්· පළාත් සභාවලට බිලියන ගණනක්‌ වැය වෙනවා. එAවා අහෝසි කළාම ජීවන වියදම අඩු කළ හැකියි. රටේ ජනතාව පළාත් සභා ඉල්ලුවාද? පළාත් සභා ඇති කළ යුතු යෑයි කිව්වේ ඉන්දියාවයි.

ප්‍රශ්නය - උතුරේ පළාත් සභාවට පොලිස්‌ හා ඉඩම් බලතල අවශ්‍ය යෑයි ඔබ සිතන්නේද?

පිළිතුර - රටේ පොලිසියක්‌ තිබියදී තවත් පොලිසියක්‌ අවශ්‍යව ඇත්තේ බෙදුම්වාදීන්ටයි. වර්ධරාජා පෙරුමාල් ද පොලිසියක්‌ පිහිටෙව්වා. මේ පොලිස්‌ හා ඉඩම් බලතල ඉල්ලන්නේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමටයි. අද ද්‍රවිඩයන් ලක්‍ෂ 4 ක්‌ නුවරඑළියේ සිටිනවා. තවත් ලක්‍ෂයක්‌ පමණ රත්නපුරයෙත්, මහනුවර දිස්‌ත්‍රික්‌කයේත් සිටිනවා. 95000 කට වැඩි පිරිසක්‌ බදුල්ලේ සිටිනවා. මාතලේ සහ පුත්තලම් දිස්‌ත්‍රික්‌කවල 50000 කට අධික පිරිසක්‌ සිටිනවා. එසේ නම් ද්‍රවිඩ සන්ධානය මේ සියලු ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන බව කියන්නේද?

ප්‍රශ්නය - ඔබ මින් පවසන්නේ ද්‍රවිඩ සන්ධානය රටේ සමස්‌ත ද්‍රවිඩ ජනතාවම ප්‍රාණ ඇපයට ගෙන ඇති බවද?

පිළිතුර - ඔව්· ද්‍රවිඩ සන්ධානය තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා දරන උත්සාහය පරාජය කිරීම අපේ අරමුණයි.

ටැමිල්ස්‌ ෙµda ශ්‍රී ලංකා සංවිධානය ඊට නිසි ප්‍රතිචාරය දක්‌වනවා. අපි ළඟදීම යාපන අර්ධද්වීපයට ගොස්‌ ද්‍රවිඩ ජනතාව හමුවේ සත්‍යය පැහැදිලි කිරීමේ මෙහෙයුමක්‌ අරඹනවා. එම මෙහෙයුම මුළු රට පුරාම ක්‍රියාත්මක කරනවා. උතුරේ පළාත් සභා මැතිවරණයට පෙර පළාත් සභා අහෝසි කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.

ප්‍රශ්නය - පළාත් සභා වෙනුවට කුමන ක්‍රමවේදයක්‌ අනුගමනය කළ යුතු යෑයි ඔබලා පවසන්නේද?

පිළිතුර - පංචයාත් ක්‍රමය මෙරට ද ආරම්භ කළ යුතුයි. ඉන් රජය හා ග්‍රාමීය ජනතාව අතර සබඳතාවයක්‌ ඇති වෙනවා.

ප්‍රශ්නය - කොටි ඩයස්‌පෝරාව පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව මෙරට පැවැත්වීමට එරෙහිව විවිධ සාවද්‍ය ප්‍රචාර දියත් කරනවා. ඔබලා එA ගැන දරන අදහස කුමක්‌ද?

පිළිතුර - කොටි ඩයස්‌පෝරාව කැනඩාවේ සිට දැනටමත් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම දියත් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ සිටත් එකී ක්‍රමවේදයම දියත් වෙනවා. එහෙත් ද්‍රවිඩ ජනතාව ඝාතනය කරමින් ඔවුන්ගේ නිදහස අහිමි කරමින් කොටි සංවිධානය ක්‍රියා කරද්දී ඩයස්‌පෝරාව නිහඬව සිටියා. මගේ තාත්තවයි, අම්මවයි මැරුවේ ඉතාම බිහිසුණු අයුරින්? එහෙත් කවුද එA ගැන කතා කළේ. එදා මානව හිමිකම් ගැන කිසිවෙක්‌ හඬ නැගුවේ නැහැ.

ප්‍රශ්නය - ටැමිල්ස්‌ ෆො ශ්‍රී ලංකා සංවිධානයෙන් රටේ ඉදිරි ගමනට යහපතක්‌ ඇතිවේද?

පිළිතුර - අපි සැම දෙනා අතර එක්‌සත් බවක්‌ ඇති කිරීමට මිසක්‌ ද්‍රවිඩ සන්ධානයේ ජාතිවාදී පිළිවෙත අනුගමනය කරන්නේ නැහැ. සහජීවනය යෑයි කිව්වත් නැගෙනහිර නාම පුවරු සිංහලෙන් නැහැ. ද්‍රවිඩ සන්ධානය ක්‍රියාත්මක වූයේ කොටි සංවිධානයේ අවශ්‍යතා මත බව අපි සිහිපත් කළ යුතුයි.

කීර්ති වර්ණකුලසූරිය
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජනතාව මත බලෙන් පැටවූ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුයි Rating: 5 Reviewed By: Unknown