728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 25 May 2013

ව්‍යාජ ATM කාඩ්පතකින් කෝටි ගාණක් වංචා කළ මහ මොළකරු...


ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පතක් සකස් කොට එම යන්ත්‍රවලින් රුපියල් කෝටි හතළිස් දහසක මුදලක් පෙන්වා රුපියල් පහළොස් කෝටියක මුදල් වංචා කරමින් වසර 2ක් තිස්සේ සැඟවී සිටි මහ මොළකාරයකු සහ ඔහුගේ සගයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය රජයේ හිටපු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේ මහතාගේ සහ තවත් දේශපාලනඥයන්ගේ පෞද්ගලික ලේකම් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් යුද හමුදාවට බඩු ගෙන්වා ලබාගත් ඩොලර් මිලියන ගණනක් රුපියල්වලට මාරුකර බැංකුගත කර ඇති බවට එම කාඩ්පත උපයෝගී කරගෙන ව්‍යාපාරිකයන්ට පෙන්වා ඉහත මුදල් වංචනික ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂවලදී හෙළිවී තිබේ.

එම පරීක්ෂණය මෙහෙයවන ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට මහතා සඳහන් කෙළේ ඒ වසර1 1/2ක් තිස්සේ සොයමින් සිටි එම මහ මොළකරු
පිළියන්දල ප්‍රදේශයේදීත් ඔහුට ව්‍යාජ ලියකියවිලි සකස් කර දුන් පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත්බවයි.

සැකකරු කොටුකර දී ඇත්තේ මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ජී.ඩබ්ලිව්. එස්. සී. ජයතිලක මහතායි.ප්‍රධාන සැකකරු හිටපු අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ වෙනුවෙන් පෙනී සිට යුද හමුදාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වා ඒ සඳහා ලැබී ඇති ඩොලර් මිලියන ගණනක් රුපියල් බවට පරිවර්තනය වී ඇති බවද ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පත අනුසාරයෙන් විවිධ ව්‍යාපාරිකයන්ට පෙන්වා එයින් මුදල් ඇදීමට රුපියල් මිලියන පහක් තවත් බැංකු ගිණුමකට බැරකළ යුතු බව රවටා එම මුදල් ලබාගැනීමෙන් පසු අතුරුදන්වී යන පුද්ගලයකු බවද හෙළිවී තිබේ.

මේ මොළකරු එම මුදල් නිදහස් කරන ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු බැංකු ගණනාවකටම දුරකතන ඇමතුම් දී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

බැංකු නිලධාරීන් පිරිසක් ද මොහු සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර දී ඇති බවටද තොරතුරු ලැබෙමින් තිබෙන බව පොලිසිය පැවැසීය.මේ සැකකරු රහස් පොලිසිය පොලිස් වංචා විමර්ශන අංශය ඇතුළු පොලිසි ගණනාවකට අවශ්‍යව සිටින අයකු බවද හෙළිවී තිබේ.

ව්‍යාජ බැංකු ඇපකර පෙන්වා මහනුවර ප්‍රදේශයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයකු සතු පිහිනුම් තටාකයක්ද සහිත සුඛෝපභෝගී නිවෙසක් කුලී පදනම මත ලබාගෙන තිබූ බවද හෙළිවී ඇත.

කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් ව්‍යාජ බැංකු සහතික පෙන්වා රුපියල් කෝටි හයක පමණ භාණ්ඩ ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
මේ මහ මොළකරුට සහාය දී ඇතැයි කියන ඇතැම් බැංකු නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

සැකකරුවන් දෙදෙනා රඳවාගැනීමේ නියෝග මත ප්‍රශ්නකරගෙන යන බවද පොලිසිය පැවැසීය.බස්නාහිර දකුණු ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් මත එම විමර්ශන අංශයේ අධ්‍යක්ෂ එල්.ඩී. රණවීර ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට, පොලිස් පරීක්ෂකවරුන් වන රජීව් හෙට්ටිආරච්චි, ජයන්ත ධර්මකීර්ති, උප පොලිස් පරීක්ෂක තුෂාර පෙරේරා සහ පොලිස් කොස්තාපල් 76338 සිසිර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ව්‍යාජ ATM කාඩ්පතකින් කෝටි ගාණක් වංචා කළ මහ මොළකරු... Rating: 5 Reviewed By: Unknown