728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 25 May 2013

වෙසක් පෝදා හෙළ උරුමයේ හාමුදුරුවෝ දළදාව ඉදිරියේ ගිනි තබා ගනිති


"ලොව්තුරා බුදු හාමුදුරුවන්ගේ අසූහාර දහසක් ධර්මස්කන්ධය ස්පර්ශ වූ අතිපාරිශුද්ධ දළදා හාමුදුරුවනේ, ඔබවහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවායි" ලිපියක් ලියා වෙසක් පුන් පොහොය යෙදුණු පෙරේදා ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන මහනුවර ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිටදී පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියෝ පොරවා ගෙන සිටි චීවරය සහිත සිරුරට පෙට්රල් වත්කර ගිනි තබා ගත්හ.






උන්වහන්සේ එසේ ගිනි තබා ගත්තේ,

* මේ ධර්මද්වීපයේ ගව ඝාතනය නතර වේවා.
* ත්‍රස්තවාද තුරන් වේවා.
* බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමට එරෙහි පනත පාර්ලිමේන්තුවේදී සම්මත වේවා.
* බහුජාතික, බහු ආගමික, සර්ව ආගමික බුදු දහම විනාශ කරන පූට්ටු නැතිවේවා.
* බෞද්ධ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය වේවායි ප්‍රාර්ථනයක් කරමිනි.


දළදා වහන්සේට නමස්කාර වේවායි සඳහන් කරමින් බී. ඉන්දරතන හිමි යනුවෙන් අස්සන් තබා ඇති බෝවත්තේ ඉන්දරතන හිමියන් එම ලිපිය අවසන් කර තිබෙන්නේ,

"මේ කාරණා ඉටුනොවේ නම් බලවේගයක් වී හෝ රජයට බලපෑම් කරමි" යනුවෙනි.

ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් පැල්මඬුල්ල ප්‍රාදේශීය සභාවේ ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජිතයායි. උන්වහන්සේ ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කෙළේ ජාතික හෙළ උරුමයේ අපේක්‍ෂකයකු ලෙසයි. උන්වහන්සේ ශ්‍රී ලංකා අහිංසාවාදී සංගමයේ රත්නපුර දිස්ත්‍රික් ලේඛකාධිකාරියි.
 
කහවත්ත දකුණු පනාවැන්න සිරි සුගත විහාරයේ වැඩ විසූ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබා ගැනීමෙන් බරපතළ ලෙස තුවාල සිදු වී ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියමයෙන් කොළඹ සිට මහනුවරට හෙලිකොප්ටරයක් යවා උන්වහන්සේ කොළඹට ගෙන්වා පෙරේදා දහවල් කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූහ. උන්වහන්සේගේ මුළු සිරුරුම පාහේ ගින්නෙන් දැවීම නිසා කොළඹට ගෙන එන විට බැන්ඩේජ්වලින් මුළු සිරුරුම වෙළා තිබෙනු දක්නට ලැබිණි.

ඉන්දරතන හිමියන් 2013 මැයි 7 දාතමින් ජනාධිපතිවරයා අමතමින් යැවූ ලිපියක සඳහන් වන්නේ ගව ඝාතනය නතර කරන ලෙසට තමන්වහන්සේ ගෙන ගිය ව්‍යාපාරවලටත්, ජනාධිපතිවරයා සමඟ ඒ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවටත් කිසිදු පිළිතුරක් නැති නිසාවෙන් තමාගේ ජීවිතය පුදා අධිෂ්ඨානයක් කිරීමට තීරණය කළ බවයි.

ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙන්ද ගව ඝාතනය නතර කළ යුතුයි, බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමට එරෙහි පනත පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි, මුස්ලිම් ත්‍රස්තවාදයත් මේ රටින් තුරන් කොට සිංහල බෞද්ධයාට ඔබින ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුයි යන කරුණු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වේවායිද ඉන්දරතන හිමියෝ සඳහන් කරති. ගරු ජනාධිපතිතුමනියි, මැයි 07 දාතමින් ඉන්දරතන හිමියන් ලියූ ලිපියේ මෙසේද දැක්වේ.

"ලොවුතුරා පාද ස්පර්ශය ලැබූ උතුම් වූ මේ පුණ්‍යවන්ත වූ ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නතර කළ යුතුයි. මන්දයත් මේ රට සිංහල බෞද්ධ රටක් නිසාවෙනි. මේ රට හරියන්න නම් මේ පාප ක්‍රියාව නතර කළ යුතුමයි. සාමයේ අරුණලු මිනිසාට පමණක් නොව සතා සිවුපාවාටද තිබිය යුතුයි. දිනකට ගවයන් 5,000ක් මරා මේ මහා පොළොව ලෙයින් තෙත් කරන බව ඔබ දන්නවාද? මේ පිළිබඳ මා ඔබතුමා සමඟ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක්ද පැවැත්වූවා. ඉන් පසු දස ලක්‍ෂයේ පෙත්සමක් භාර දුන්නා. ඉන් අනතුරුව ඇඹිලිපිටියේ සිට අනුරාධපුරයට පා ගමනින් වැඩම කරලා ශ්‍රී මහා බෝධිය අසලදී අධිෂ්ඨාන පූජාවක්ද සිදු කළා. ඒ කිසිම දෙයකින් පිළිතුරක් නැති නිසාවෙන් මාගේ ජීවිතය පුදා අධිෂ්ඨානයක් කිරීමට තීරණයක් කෙළෙමි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: වෙසක් පෝදා හෙළ උරුමයේ හාමුදුරුවෝ දළදාව ඉදිරියේ ගිනි තබා ගනිති Rating: 5 Reviewed By: Unknown