728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 17 May 2013

තිරුක්‌කෝවිල් දාගැබක නිධන් හාරලා

තිරුක්‌කෝවිල් පොලිස්‌ බලප්‍රදේශයේ සාගම වෙම්බඅඩිකුලම් ප්‍රදේශයේ පිහිටා තිබුණු ඉපැරණි දාගැබක්‌ නිධන් සොරුන් විසින් නිධන් ලබාගැනීමට විනාශ කර තිබේ.

මාස කිහිපයක සිට මෙම දාගැබෙහි නිධන් හෑරීම සිදුකර තිබේ. පෙරේදා (16 වැනිදා) සවස අක්‌කරපත්තුව සිංහල බෞද්ධ සංගමයේ ලේකම් එච්. සමන් මහතා සහ තවත් අයකු සමඟ එම ස්‌ථානයට ගිය අවස්‌ථාවේ නිධන් හාරමින් සිටි පිරිස්‌ බඩු මුට්‌ටු ද දමා පලාගොස්‌ තිබේ.




පසුව තිරුක්‌කෝවිල් පොලිසියේ නිලධාරීන් එම ස්‌ථානයට ගොස්‌ නිධන් හොරුන් දමා ගොස්‌ තිබූ අලවංගු, උදලු, මුල්ලු වැනි උපකරණ රැසක්‌ සොයාගෙන ඇත. මෙම ඉපැරණි දාගැබ වට අඩි 150 ත් 200 ත් අතර යෑයි සිතිය හැකි අතර එම දාගැබ මුදුනේ සිට අඩි 20 ක්‌ පමණ ගැඹුරට හාරා තිබේ. ගර්භ මධ්‍යයේ සිට අඩි 15 ක්‌ පමණ ඇතුළට යන සේ දොaනාවක්‌ කපා නිධන් සෙවීමේ කටයුතු සිදුකර ඇති බව පොලිසිය කියයි.

මෙම දාගැබ ආසන්නයේ පියගැට පෙළවල් සහිත ගල්තලාවක්‌, ගල්කණු, මල් ආසන ඇතුළු විවිධ පුරා බස්‌තු තිබෙන අතර එම ආසන්නයේද බොහොමයක්‌ නිධන් සොරුන් විසින් හාරා තිබේ. මෙම නිධන් හෑරූ දාගැබ ආසන්නයේම අඩි 12 ක්‌ දිග අඩි 05 ක්‌ පමණ වූ විශාල ප්‍රමාණයේ මල් ආසනයක්‌ ද තිබෙන අතර එය තිබෙන ස්‌ථානයේ භූමිය ද නිධන් සෙවීම සඳහා හාරා තිබේ.

අම්පාර පුරාවිද්‍යා විශේෂ ආරක්‍ෂණ පොලිස්‌ ඒකකයේ නිලධාරීන් සහ යුද හමුදාවේ නිලධාරීන් විසින් ඊයේ (17 වැනිදා) උදැසන මෙම ස්‌ථානය අවට සෝදිසි කිරීමක්‌ ද සිදුකරන ලදී.

මෙම ස්‌ථානයේ නිධන් හෑරීමට පැමිණි පිරිස දමා ගිය ඇ\qම් කිහිපයක්‌, පාවහන් ඇතුළු උපකරණ, තේ බීමට රැගෙන ආ සීනි, තේකුඩු ද දක්‌නට ලැබිණි. එම හාරන ලද දාගැබ ආසන්නයේ පූජාවන් තැබීමට ගෙනවිත් ඇතැයි සිතිය හැකි පහන් සහ මුට්‌ටි ඇතුළු උපකරණ එම ස්‌ථානයේ තිබේ.

නීත්ත යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි මේජර් පී. එච්. එන්. එච්. පෙරේරා මහතා ද සහභාගි වූ අතර මේ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු තිරික්‌කෝවිල පොලිසියේ ස්‌ථානාධිපතිතුමා ඇතුළු නිලධාරීන් සහ අම්පාර පුරා විද්‍යා විශේෂ ආරක්‍ෂණ පොලිස්‌ ඒකකයේ ස්‌ථානාධිපති උ.පො.ප. ඩී. වී. උපුල් ශාන්ත මහතා ඇතුළු පො.සැ. (29534) ආනන්ද, පො.කො. (76785) අමිත්, පො.කො. (74444) කුමාර, පො.කො. (43774) බස්‌නායක, පො.කො. (43287) තිස්‌ස, පො.කො. (33954) නිමල් යන නිලධාරී මහත්වරු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තිරුක්‌කෝවිල් දාගැබක නිධන් හාරලා Rating: 5 Reviewed By: Unknown