728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 23 May 2013

සමුද්‍රා හික්කඩුවගේ ගණිකා නිවාසය ...

රුපියල් පණස් දහසක කුලියකට සමුද්‍රා එම ස්ථානය වසන්ත කුමාරට බදු දීලාලු...

හෝටලය පවත්වාගෙන ගියේ ඔහු නිසා ඒ ස්ථානයේ සිදුවන කිසිම මම දන්නේ නෑ...සමුද්‍රා


ගණිකා නිවාසයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා චිත්‍රපට නිළි  සමුද්‍රා හික්කඩුව මහත්මියට පානදුර වලානේ මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි ලෙස දැනුම් දී තියෙනවා.

මොරටුව සාගර පටුමගේ පිහිටි හෝටලයේ ගණිකාවන් යොදවා සිටි බවත්, මෙම හෝටලය් හිමිකාරිය සමුද්‍රා හික්කඩුව මහත්මිය බවත් දූෂණ මර්ධන බලකාය සඳහන් කරනවා.


පොලිසිය  මෙම නිළිය පදිංචි ස්ථානයට ගොස් ඇයගෙන් කට උත්තරයක් සටහන් කර ගන්නට දැරූ උත්සාහය ව්‍යර්ථ වී ඇත. ඇයගේ දුරකතන අංකවලට ද කතා කළ නමුත් ප්‍රතිචාර ලැබී නැති බවයි වාර්තා වන්නේ.

අනතුරුව සොයාගත් තවත් අංකයක් හරහා මෙම නිළිය හා සම්බන්ධ වන්නට හැකි වූ බවත්, ඇයට හෙට (29) පානදුර වලානේ දූෂණ මර්ධන බලකාය හමුවේ පෙනී සිටින ලෙස උපදෙස් දුන් බවත් පොලිසිය පවසනවා.

කෙසේවුවද, සමුද්‍රා හික්කඩුව මහත්මිය මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙම ස්ථානය තමන්ට අයිති වුවත් මාසික රුපියල් පණස් දහසක කුලියකට තමන් එම ස්ථානය වසන්ත කුමාර නමැත්තෙකුට බදුදී තිබු බවයි.

එම හෝටලය පවත්වාගෙන ගියේ ඔහු බැවින් ඒ ස්ථානයේ සිදුවන කිසිම ක‍්‍රියාකාරකමක් ගැන තමා දැන නොසිටි බව ඇය සදහන් කරනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය හෝ සී.අයි.ඞී.ය තමාගෙන් කිසිවක් විමසා නොමැති බවත්,  තමාව ලංකාවම හදුනන බවත්, තමාගේ නිවාස හා දුරකථන අංක පොලිසිය දන්නේ යයි විශ්වාස කරන බවත් ඇය පවසනවා.





  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සමුද්‍රා හික්කඩුවගේ ගණිකා නිවාසය ... Rating: 5 Reviewed By: Unknown