728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 20 May 2013

කොළඹ සුපිරි හෝටලයක ඇති භෝජනාගාරයක ස්වරූපයෙන් පවත්වන අපූරු දන්සලක්

එකවර ඉඳිආප්ප 5000ක් හදන මැෂිමක් භාවිත කරමින් පවත්වන අපූරු දන්සලක්

 වෙසක් ‍පොහොය දින අපූරු දන්සලක් කැලණිය විහාරස්ථාන තරුණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ කැලණිය විහාරස්ථානය අසලදී.


 
ලංකාව පුරා ගණන් හිලව් ඉදිරිපත් කරන්න බැරි තරමට ක්‍රියාත්මක වන දන්සල් අතරේ මේ දන්සල සුවිශේෂී වන්නේ ඇයි? අප ඒ ගැන සටහනක් තබන්නේ ඇයි? 10 වෙනි වරටත් පවත්වන මේ දන්සල තුළින් උදේ 10 සිට ලබා දෙන්නේ බත්. ඉන්පසු රාත්‍රී 7.00 සිට ඉඳිආප්ප ලබා දීමට සැලසුම් කොට තිබෙනවා.

කොළඹ සුපිරි හෝටලයක ඇති භෝජනාගාරයක ස්වරූපයෙන් හා සුපිරිසිදු අයුරින් පැවැත්වෙන මෙම දන්සල තුළින් එකවර සැදැහැවතුන් 150 කට පමණ බත් හා ඉඳිආප්ප ආහාරයට ලබාගත හැකි අයුරින් සකස් කොට තිබෙනවා.


දැන් ඔබ කල්පනා කරාවි බත් කෙසේ වෙතත් ඒ වෙලාවෙම හදන ඉඳිආප්ප මේ තරම් විශාල ප්‍රමාණයකට එකවර කන්න දෙන්න පුළුවන් විදිහට සූදානම් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ දන්ස‍ලේ ඉඳිආප්ප සංග්‍රහයක් භුක්ති විඳින්න නම් සෑහෙන්න කාලයක් ‍පෝලිම්වල කල් ගෙවන්න වේවි කියලත් ඔබට හිතෙන්න පුළුවන්.


ඒත් ඔබ දන්නවද? කැලණිය විහාරස්ථාන තරුණ සංවිධානය මේ වෙනුවෙන් අපූරු යන්ත්‍ර ආධාර කොටගෙන තිබෙනවා. මේ යන්ත්‍ර අයිති ගෝනවල රෝයල් බේකරි ව්‍යාපාරය පවත්වගෙන යන සමරවීර ජයතිලක මහතාට.


ඔහු සතු යන්ත්‍ර අතරේ ඉඳිආප්ප යන්ත්‍රයට හිමි වන්නේ සුවිශේෂී තැනක්.
මෙන්න මේ කාරණය මුල්කරගෙන  තමයි මේ සටහන තබන්න අපි තීරණය කළේ.


මොකක්ද ඔබේ ඉඳිආප්ප යන්ත්‍රයේ තිබෙන සුවිශේෂීකම? අපි සමරවීර ජයතිලක මහතාගෙන් ඇහුවා.“මේක පැයකට එකවර ඉඳිආප්ප 5000ක් පමණ හදන්න පුළුවන් යන්ත්‍රයක්. ඒක තමයි මෙහි තිබෙන විශේෂත්වය. මේ යන්ත්‍රයේ තිබෙන උඩ උපකරණයට  පිටි කිලෝ 1ක් පමණ එකවර දමන්න පුළුවන්.”


“ඊළඟට යන්ත්‍රය ක්‍රියාත්මක වුණාට පසු පිටි කිලෝ එකකින් ඉඳිආප්ප 120ක් පමණ ඉබේම මිරිකිලා එළියට එනවා. යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ විදුලියෙන්.


සමරවීර ජයතිලක මහතා එසේ කියන ගමන් අපට මේ යන්ත්‍රය ක්‍රියාත්මක කොට පෙන්නුවා.මේ යන්ත්‍රයේ ඉඳිආප්ප මිරිකෙන රැලි කටවල් 5ක් පමණ තිබෙනවා. ඒ රැලි රවුම් අප අතින් මිරිකන ඉඳිආප්ප උපකරණය  වගේමයි.


කොහොම හරි තත්පර ගණනකින් තැටි උඩට වැටෙන ඉඳිආප්ප ඊළඟට යන්නේ එතැනම තිබෙන ස්ටීමරයටයි. එහි විනාඩි දහයකින් ඉඳිආප්ප 1400ක් පමණ තැම්බෙනවා.


“මේ කටයුත්තට ඉඳිආප්ප මැෂිම හා ස්ටීමරය පාවිච්චි කරන්න දන්න, ඒ වගේම පිටි කවලම් කරන උපකරණය හසුරවන්න දන්න පළපුරුදු සේවක සේවිකාවන් 10 දෙනකු පමණ වැඩ කරනවා. ඊට අමතරව අනිකුත් වැඩවලට සම්බන්ධවත් 40 දෙනකු පමණ වැඩ කරනවා. 


ඔවුන්ගේ  සහයෝගයෙන් තමයි දන්සලට එන අයට අපහසුවක්  නොවන ආකාරයට ඉඳිආප්ප කන්න දෙන්නේ.”මේ යන්ත්‍රය ලංකාවේ නිෂ්පාදනයක්. මොරටුව පැත්තේ ජීවත් වන ඩිලාන් තමයි මේ නව නිර්මාණයේ හිමිකරුවා.

“අපි පළමුවැනි වතාවට තමයි මේ යන්ත්‍රය මෙවර දන්සල සඳහා භාවිතා කරන්නේ. ඇත්තටම කියනවා නම් මේ යන්ත්‍රය ලෙහෙසියෙන් පහසුවෙන් අරන් යන්න බැහැ. මේක කිලෝ 1000 ක් පමණ බර යන්ත්‍රයක්. කේබල් ආධාර කොටගෙන තමයි මේක අදාළ ස්ථානයට රැගෙන යන්න වෙන්නේ.”


මේ දන්සලට අවශ්‍ය ‍පොල් සම්බෝල හදන එකක් ලෙහෙසි නැහැ. සමරවීර මහතා ඒ වෙනුවෙනුත්  විශේෂිත ‍පොල් මැෂිමක් අරගෙන යනවා. එහි තිබෙන විශේෂත්වය තමයි එකවර ‍පොල් බෑය හයක් තත්පර ගණනකින්  ගාන්න පුළුවන් වීම. ඒකත් මේ දන්සලට රැගෙන එන උපකරණ අතර තිබෙනවා.


 මේ ආකාරයට පැවැත්වෙන මේ සුවිශේශී දන්සල ආරම්භ වී තිබෙන්නේ කැලණිය රජමහාවිහාරාධිපති මහාචාර්ය, පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හාමුදුරුවන්ගේ අදහසකට අනුව. වෙසක් දවසට කැලණිය වන්දනාමාන කරන්න එන සැදැහැවතුන් වෙනුවෙන් තමයි උන් වහන්සේ මේ දන්සල විහාරස්ථ තරුණ කැල සමග එකතු වී ආරම්භ කොට තිබෙන්නේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කොළඹ සුපිරි හෝටලයක ඇති භෝජනාගාරයක ස්වරූපයෙන් පවත්වන අපූරු දන්සලක් Rating: 5 Reviewed By: Unknown