728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 31 May 2013

කහ චීවරයට කවුරුහරි විරුද්ධ වුණොත් මර්වින් සිල්වා 'අංගුලිමාල' වෙන්න පුළුවන්

මේ මිනිස් ලෝකයේ කහ චීවරය නැත්නම් මනුෂ්‍යයත් නැහැ. මිනිස් පවුල් නැහැ. කහ චීවරයට කවුරුහරි විරුද්ධ වුණොත් අන්න එදාට ඒ අයට එරෙහිව මර්වින් සිල්වා අංගුලිමාල වෙන්න පුළුවන් යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා පවසයි.


මර්වින් ඇමැතිවරයා එසේ පැවැසුවේ පසුගිය 28දා අනුරාධපුර රුවන්වැලිසෑය අබියසදී මිහින්තලා චෛත්‍යය සඳහා වූ චූඩා මාණික්‍යය රුවන්වැලි මහ විහාරයේ විහාරාධිපති පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ භාරකාරත්වයට තාවකාලිකව පත්කිරීමේ උත්සව අවස්ථාව අමතමින්ය.
මෙම චූඩා මාණික්‍යය ඇමැති මර්වින් සිල්වා මහතා විසින් ව්‍යාපාරික ආතර් සේනානායක මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මිලදී ගෙන පිළිගැන් වූ එකකි.
උත්සව අවස්ථාවේදී ඇමැතිවරයා මෙසේද පැවැසීය.
අනුරාධපුර පූජා භූමියේ අටමස්ථාන ලකුණු කළේ මිහිඳුමහ රහතන් වහන්සේයි. එම අටමස්ථාන ඉදිවීමේදී සමහර තැන්වල අඩුපාඩුකම් සිදුවී තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දැක තියෙනවා දුටුගැමුණු කියන කුමාරයෙක් ලංකාවේ බිහිවන හැටි. එතුමා විසින් බුද්ධාගම ආරක්‍ෂාකර ගැනීමට කරන විශාල කැපවීම, ඒ වගේම දකුණේ දියසේන කියන බලසම්පන්න කුමාරයෙක් බිහිවනවා කියලා. ජේ‍යාතිෂය දැක තියෙනවා. අපි කාලයක් තිස්සේ විමතියට පත්වී සිටියා කවුද මේ දියසේන කුමාරයා කියලා. දැන් අපට වැටහෙනවා වෙන කවුරුත් නොවෙයි දියසේන කුමාරයා. අතිගරු මහින්ද රාජපක්‍ෂ මහතායි.
මහින්ද රාජපක්‍ෂ මහතා ඉපදුණේ තනියම නොවෙයි. ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ දරු පිරිවරත් සමඟයි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සියලුම ආගම්වලට ගෞරව කරන නායකයෙක්. ඒ පවුලට සම්බන්ධ වී රටට ජනතාවට වැඩකරන්න මටත් වාසනාව ලැබී තියෙනවා.
මෙවන් පින්කමකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් රුවන්වැලි නායක හාමුදුරුවන්ටත් පින්දෙන්න ඕනෑ. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් පවත්වන්නට යෙදුණ ජය පිරිතට මා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගිය අවස්ථාවේ අතපසු වී ඇති අනුරාධපුර ශ්‍රී මහ බෝධි රථ ගාලේ වැඩ ගැන රුවැන්වැලි නායක උන්වහන්සේ මට සිහිපත් කළා. ඒ අනුව අනුරාධපුරයට ගිය මම රථගාලේ වැඩ පොසොන් පෝයට පෙර නිමකර දීමට පොරොන්දු වුණා. දැන් එහි වැඩ ආරම්භ කර තියෙනවා.
ඒ සමඟම මිහින්තලා සෑයේ චෛත්‍ය කොත සඳහා රන් ආලේප කරදෙන ලෙස මිහින්තලා මහ නායක හාමුදුරුවන් මගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව මම මිහින්තලයටද ගියා. එහි ගිය මට දකින්නට ලැබුණේ මාණික්‍යයක් නැති චෛත්‍යය කොතත් අපිරිසුදු වී තිබූ චෛත්‍යයත්. බුද්ධාගම ලංකාවට ගෙනා තැන දැක්කම මට සිතුණේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, සංසාර කියා. ඒ තරම්ම මට දුකක් ඇතිවුණා. මම නායක හාමුදුරුවන්ගෙන් ඇහුවා ඇයි මෙවන් තත්ත්වයක් උදාවුණේ කියලා. උන්වහන්සේ කීවා කීප දෙනකුටම කීවා වැඩක් වුණේ නැහැ කියලා.
ඒ අයට කරන්න බැරිකම නොවෙයි තිබිලා තියෙන්නේ. පින් නැතිකම. ජනාධිපතිතුමාට පින් තියෙන නිසා එතුමා මට කියපු නිසා මටත් පින් තිබුණ නිසා මිහින්තලේ හා රුවන්වැලි විහාර නායක හිමිවරුනුත් පින්කර තිබූ නිසා මට මෙම පුණ්‍ය කටයුත්තට අතගැසීමට වාසනාව වුදා වුණා. මිහින්තලා චෛත්‍යයේ සුදු ආලේප කිරීම සඳහා තීන්ත ලීටර් 800ක් අවශ්‍යයි. ඒවා මගේ අමාත්‍යංශයෙන් සහ මගේ හිතවත් පින්වතුන්ගෙන් ලබාදීමට මේ වනවිට කටයුතු කර තියෙනවා.
--Mawbima.jpg
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කහ චීවරයට කවුරුහරි විරුද්ධ වුණොත් මර්වින් සිල්වා 'අංගුලිමාල' වෙන්න පුළුවන් Rating: 5 Reviewed By: Unknown