728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 26 May 2013

හිමිනමට පෙට්‍රල් දුන් අයට නීති පියවර ගන්න

කොළඹ හදිසි මරණ පරීක්‍ෂක


මහනුවර ශ්‍රී දළදා මාලිගාව පිවිසුම් දොරටුව ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තබාගෙන දිවි නසාගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට (30) පෙට්‍රල් සහිත කෑනය ලබාදුන් අය හා පෙට්‍රල් ලබාගත් ස්‌ථානය සම්බන්ධයෙන් විමර්ශනයක්‌ සිදුකර ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙසට කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක එඩ්වඩ් අහංගම  ඊයේ (26 දා) මහනුවර පොලිසියට නියම කළේය. 


අපවත් වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමිපාණන්ගේ මරණ පරීක්‍ෂණය ඊයේ (26 දා) පැවැති අවස්‌ථාවේ එඩ්වඩ් අහංගම  එසේ නියම කළේය.

මීට අමතරව උන්වහන්සේ සිරුරට ගිනි තබා ගත් ස්‌ථානය සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකර එම වාර්තාද උසාවියට ඉදිරිපත් කරන ලෙස ඒ මහතා පොලිසියට නියම කළේය.

අපවත් වූ හිමිනමගේ දේහය පිළිබඳ මරණ පරීක්‍ෂණය පැවැත්වීමෙන් පසු එම දේහය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවිය විසින් කහවත්ත, දකුණු පනාවැන්න ශ්‍රී සුගත විහාරවාසී රත්මලවින්නේ ධම්මරතන හිමිපාණන් වෙත භාරදෙනු ලැබිණි. 

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: හිමිනමට පෙට්‍රල් දුන් අයට නීති පියවර ගන්න Rating: 5 Reviewed By: Unknown