728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 20 May 2013

මටත් හිර කූඩුවට එන්න ආසයි - ඇමැතිනී පවිත්‍රා කියලා


ඔබතුමියට හිරේ යන්න තව කල් තියෙනවා... 

ඒ නිසා හදිස්සි වෙන්න එපා...- වාසු කියලා

රත්නපුර කිරිඇල්ල නගරයේ අලුතින් ඉදිකරන ලද ‍පොලිස් ස්ථාන ගොඩනැගිල්ල ඉකුත් සතියේදී විවෘත කරනු ලැබිය. මේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු රැසක්ද එක්ව සිටියහ.


කිරිඇල්ල ‍පොලිස් ස්ථානාධිපතිවරයා නව ‍පොලිස් ගොඩනැගිල්‍ලේ විවිධ අංශ නැරඹීම සඳහා මැති ඇමැතිවරුන් කැඳවාගෙන යන අතරේදී එහි සිරමැදිරිය වෙතද ගියේය.

“දැන් හිර කූඩුවත් කවුරු හරි විවෘත කරන්න ඕනෙ නේද?” කවුදෝ කීවේය. “මට හිර කූඩුව හොඳට හුරු හින්දා මම මුලින්ම යන්නම්. 


ස්ථානාධිපතිතුමා කූඩුවේ දොර වහන්න” යැයි කියූ පිරිස අතරේ සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර සිරමැදිරිය තුළට රිංගුවේය.

“අනේ ඇමැතිතුමා මටත් හිර කූඩුවට එන්න ආසයි” පිරිස අතර සිටි ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි වාසුට කීවාය.


“ඔබතුමියට හිරේ යන්න තව කල් තියෙනවා. ඒ නිසා හදිස්සි වෙන්න එපා” වාසු හැමෝගෙම සිනා හඬ මධ්‍යයේ කීවේය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මටත් හිර කූඩුවට එන්න ආසයි - ඇමැතිනී පවිත්‍රා කියලා Rating: 5 Reviewed By: Unknown