728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 20 May 2013

කෝටි 50-වැය ආන්දෝලනාත්මක සිද්ධිය....



පාපන්දු මුදල් රුපියල් කෝටි 50-වැය ආන්දොලනය
විමර්ෂණ කටයුතු සඳහා  ජගත් පාපන්දු සම්මේලන
විශේෂ දූත පිරිසක්‌ එයි
....




සුනාමියෙන් අලාභහානි වූ ක්‍රීඩාංගණ 13 ක්‌ සහ ගෝල් ව්‍යාපෘති දෙකක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා ගෝල් ව්‍යාපෘති ශ්‍රී ලංකා කාර්යාලය විසින් ඇමරිකානු ඩොලර් 2,978,446 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 477,413,527 ක්‌(රු. කෝටි 50 ක්‌ පමණ) වැය කළ බවට උද්ගත වී ඇති ආන්
දෝලනාත්මක සිද්ධිය විමර්ෂණය කිරීම සඳහා ජගත් පාපන්දු සම්මේලනයේ ජාත්‍යන්තර පාපන්දු සංවර්ධන අංශයේ ප්‍රධානි සිරිල් ලොයිසල් මහතා ප්‍රධාන සිව් පුද්ගල දූත පිරිසක්‌ ලබන ජුනි මස 6 දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වේ.

මෙම දූත පිරිසට, ආසියානු කලාප පාපන්දු සංවර්ධන කමිටු සභාපති ඩේවිඩ් බෝජා, ස්‌ටුවර්ට්‌ ලාමන් සහ සාජි ප්‍රභාකරන් යන මහත්වරුද අයත් වෙති.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටද අම්පාර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ සුගතදාස ක්‍රීඩාංගණ සංකීර්ණ සභාපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත සමරතුංග ගේ සභාපතිත්වයෙන් පිළිවෙළින් අට පුද්ගල සහ ත්‍රි පුද්ගල විමර්ෂණ කමිටු දෙකක්‌ද ක්‍රියාත්මක වේ.

මෙම කමිටු දෙකෙහිද ක්‍රියා පටිපාටියද ජගත් පාපන්දු සම්මේලනය විසින් අධීක්‍ෂණය කරන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. අපේක්‍ෂිත ජගත් පාපන්දු සම්මේලන විමර්ෂණ කමිටුව ලබන ජුනි 7 දා සිට 13 දා දක්‌වා සිය විමර්ශන කටයුතු දියත් කරන අතර ඒ සඳහා අලාභ වී ප්‍රතිසංස්‌කරණය කළේ යෑයි කියන ක්‍රීඩාංගණ සියල්ල සියෑසින් දැක ගැනීම සඳහා ඔවුහු අදාළ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

මේ අනුව, එම කමිටුව ජුනි 7 දා ගම්පහ සහ කැලණිය, ජුනි 8 දා මන්නාරම සහ යාපනය, ජුනි 9 දා අම්පාර, ජුනි 10 දා නෝවුඩ් සහ බදුල්ල, ජුනි 11 දා ගාල්ල සහ කලුතර ජුනි 12 දා බැද්දගාන සිටි ලීගය සහ සී. ආර්. ඇන්ඩ් ef. සී. ක්‍රීඩාංගණJලට සිය නිරීක්‍ෂණ කටයුතු වල නියෑලෙනු ඇත.

පසුදින ජුනි 13 දා, ඔවුහු කොළඹ 5, ප්‍රේද්‍රිස්‌ ක්‍රීඩාංගණය සහ මීගමුව ක්‍රීඩාංගණය සිය පරීක්‍ෂාවට බඳුන් කර, ජගත් පාපන්දු සම්මේලනයේ අනුග්‍රහයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට යාවත්කාලීන කිරීම සඳහා සුදුසු නුසුදුසු බවට වාර්තා කරනු ඇත.

 අසෝක ගුණතිලක

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කෝටි 50-වැය ආන්දෝලනාත්මක සිද්ධිය.... Rating: 5 Reviewed By: Unknown