728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 21 May 2013

මිය ගිය ත්‍රස්තවාදයට යළි පණදීමට ඇතැමුන් වැඩවර්ජන මෙහෙයවනවා

මිය ගිය ත්‍රස්තවාදයට යළි පණදීමට ඇතැමුන් වැඩවර්ජන මෙහෙයවනවා

අස්ගිරි අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමි
කුරිරු ත්‍රස්තවාදය පරාජය කර සිවු වසරක් සපිරුණු මොහොතේ රට තුළ වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බලවේග අද සිදු කරන්නේ මිය ගොස් සිටින ත්‍රස්තවාදයට යළි ජීවය ලබාදීමට උත්සාහ කිරීමක් යැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සී හිමිපාණෝ පවසති.


දශක තුනක ත්‍රස්තවාදය පරාජය කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන් සිහි කළ යුතු මේ මොහොතේ රට අරාජික කර වැඩ වර්ජන දියත් කිරීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් එය ජාතියේ රණවිරුවනට සිදු කරන නිගාවක් බවද උන්වහන්සේ කීහ.
රටට එල්ලවන ජාත්‍යන්තර බලවේග ගැන අවදියෙන් සිටින මොහොතක මෙවැනි ක්‍රියාකාරකම් සිදු වන්නේ නම් එය එම බලවේගයන්ට උඩගෙඩි දීමක් යැයි අනුනාහිමියෝ පැවසූහ.
විශේෂයෙන් උතුම් වෙසක් සතිය අද (21) සිට ක්‍රියාත්මක කෙරෙන අවස්ථාවක මෙවැනි වැඩ වර්ජන රට තුළ ක්‍රියාත්මක වීම පිටුපස පැහැදිලි කුමන්ත්‍රණයක් ඇතැයිද අත්ථදස්සි අනුනාහිමියෝ කීහ.
අවස්ථාව නොදැන මෙලෙස වැඩවර්ජන රට තුළ ක්‍රියාත්මක කිරීමට නායකත්වය ලබා දෙන උදවිය ඉතිහාසයේ සෑම විටම සිදු කළේ අවස්ථාව නොදැන රට අරාජික කිරීමට කටයුතු කිරීම යැයි උන් වහන්සේ පැවසූහ.
විදුලි බිල වැඩි වන්නේ නම් එය සැමටම බලපාන බවත් එයට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් එහෙත් එයට ‍එරෙහිව මේ මොහොතේ රට තුළ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකි බවද අනුනාහිමියෝ පවසති.
මේ නිසා සම්බුද්ධ ශාසනයට රටට ජාතියට මෙන්ම උදාරතර රණවිරුවනට ගෞරව කරන කිසිවකු හෝ මේ වර්ජන සඳහා මේ මොහොතේ සහභාගී නොවෙනු ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියෝ පැවසූහ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මිය ගිය ත්‍රස්තවාදයට යළි පණදීමට ඇතැමුන් වැඩවර්ජන මෙහෙයවනවා Rating: 5 Reviewed By: Unknown