තම පවුලේ ආර්ථික අපහසුතා මදකට හෝ අඩු කිරීමේ අරමුණින් සෞදි අරාබියට ගිය එක්‌දරු මවක් කුරිරු ආකාරයට වද දී ඝාතනය කර සිරුර මාස ගණනාවකට පසු පෙට්‌ටියක බහා ඇගේ නිවසට එවීමේ ශෝකජනක පුවතක් රත්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කන්දේනුවර ඒ ජනපදයෙන් වාර්තාවේ.
සේවය කළ නිවසින් සිරුර ඉල්ලූ විට
ඔයාටයි දුවටයි මුදල් දෙන්නම් යෑයි සැමියාට කියලා
මෙම අවාසනාවන්ත ඉරණමට භාජන වී ඇත්තේ 2012.06.05 වන දින සවුදි අරාබිය බලා ගිය කන්දේනුවර පදිංචිව සිටි කේ. ජී. මාලනී වයලට් නමැති 46 හැවිරිදි කාන්තාවකි.
කුරුණෑගල ප්‍රදේශයේ රැකියා ආයතනයක් හරහා සෞදි අරාබියට ගිය ඇය මීට පෙර වසර 17 ක් පමණ කුවේට් ඩුබායි, සෞදි ලෙබනන් ආදී රටවල ගෘහ සේවය කළ තැනැත්තියකි.
මේ ගැන ඇගේ සැමියා වන කන්දේනුවර ඒ ජනපදයේ පදිංචි ඒ. ජී. සයිමන් මහතා මෙසේ පවසයි. මගේ බිරිඳ මෙවර රට ගියේ 2012.06.05 දා. ඊට පෙර හත් අට වතාවක්‌ම ඇය රට ගියා. එහෙම ගිය ඇය තුන්වතාවයි අපට කතා කළේ. ලියුම් එව්වේ නෑ. බොහොම කලබලෙන් කතා කළේ. අපේ එකම දුවට දරුවෙක් ලැබෙන්නෙ ඉන්න නිසා මාස හයක් ගියාම එනවා කීවා. අගෝස්‌තු වලින් පස්‌සේ කතා කළේම නෑ. ඒ නිසා අපි කුරුණෑගල ඒජන්සියට ගිහින් එයාව ගෙන්නලා දෙන්න කියලා කීප වතාවක්‌ම ඉල්ලුවා. ඒ අය සෞදියේ දුරකථන අංක කීපයක් අපට දීලා ඒවාට කතා කළාම වැඩේ කරගන්න පුළුවන් කීවා. ඒ අංක බොරු ඒවා. මේ අතර තමා බිරිඳ මිය ගිය බව අපි දැනගත්තේ.

ඇගේ එකම දරුවා වන සුරේකා කුමාරි නෙලුම්පුර මහත්මිය මගේ අම්මා රට ගැන දන්න කෙනෙක් නිසා එයා නිකම් මැරෙන්නේ නෑ. එයා ගියාට පස්‌සේ තුන් වතාවයි කතාකළේ. තද පීඩනයකින් කතා කරන බවයි මට දැනුණේ. ඒ වගේම ගෙදර අය ඉදිරිපිට කතා කළ බවකුත් මට තේරුණා. ඉතාම කෙටියෙන් කතා කළේ.
අපි කතා කරන්න උත්සාහ ගත්තට කවදාවත් කතා කරන්න බැරි වුණා. ඒ ගෙදර අය අම්මා අසනීපෙන් හිටියා මෙඩිකල් ෙµaල් කීවා. ඒ සේරම බොරු. ඒජන්සියත් අපිට බොරු කළේ. රියාද්වලට යවනවා කියලා යෑව්වේ ජෙඩා වලට. රට යවන කොට දෙන ගිවිසුම පවා අපට දුන්නේ නෑ. අම්මා මියගිය බව අපි 2013 ජනවාරිවල ඒ අයට කීවා. ගතවූ කාලය තුළ අපට ශතපහක්‌වත් උදව්වක් කළේ නෑ. අපි මහන්සි වෙලා සල්ලි බැඳලා තමයි මෘතදේහය ගෙන්වා ගත්තේ. ඒජන්සි මෙහෙම කළාම රට යන අයට දෙවියන්ගෙම පිහිට තමයි. අපේ අම්මගේ මරණයත් මිනීමැරුමක්. අපිට ඕන මේකට සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා වැරදි කළ අයට දඬුවම් දෙන්නයි. එහෙම නොවුණහොත් මේ වගේ දේවල් හැමදාම සිදුවේවි.

රත්තොට - එච්. රිචඩ් ද සිල්වා
0 comments:
Post a Comment