728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 19 May 2013

ජේ. වී. පී. කාරයො නම් අමු තිරිසන්නු...

එදින "දිනරැස" කර්තෘ මණ්ඩලයේ අප කතා කරමින් සිටියේ ප්‍රේම කීර්තිද අල්විස්ගේ මරණය ගැනය.
"ජේ. වී. පී. කාරයො නම් අමු තිරිසන්නු අර රටක් වටින මිනිහෙක්නෙ අමු අමුවේ මරා දැම්මේ. මුන්ට හෙණ හත වදින්න ඕනෑ". යාපා කරුණාරත්න කෝපයෙන් කීවේය.




"ඔව් ප්‍රේමකීර්ති ගුවන් විදුලි රූපවාහිනී නිවේදකයෙක් විතරක් නෙවි දක්‍ෂ ගීත නිබන්ධකයෙක්. වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගයේ ජනප්‍රියම ගීත එයා හදපුවා. මේ අඩුව නම් කවදාවත් පිරිමහගන්න බැරි වේවි" මම කීවෙමි.
එවිට වේලාව දහවල් 10ට පමණ ඇත. අප සිටි ගොඩනැඟිල්ලට අල්ලපු ගොඩනැඟිල්ලේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ලොකු කලබලයක් බව එහි සිට පැමිණි කන්නන්ගර පැවැසීය.

"මොන ජංජාලයක්ද දන්නෙ නෑ ඒ පාර".
අපි සියලු දෙනාම පක්‍ෂ මූලස්ථානයට දුව ගියෙමු.
පක්‍ෂයේ පාලක ලේකම් ඩබ්ලිව්. කරුණාජීව ළඟ පිරිසක් රොක් වී සිටියහ.
"මොකද කරුණාජීව මහත්තයා?" යාපා විමසීය.
"හරි වැඩේනෙ වෙලා තියෙන්නෙ අපේ උප සභාපති ඉන්ද්‍රපාල අබේවීර ඊයේ රෑ මරලා".
"අනේ අපොයි ජේ. වී. පී යෙන්ද ඔය බලු වැඩේ කරලා තියෙන්නෙ?".
"වෙන කවුද ඉතින් ඔය වගේ වැඩක් කරන්නෙ" කරුණාජීව කීය.

"මේක මැතිනිය දන්නවද?" සරත් කුරේ විමසීය.
"මම හිතන්නේ දන්නවා ඇති" අපි දැන් එහෙ යමු කරුණාජීව කීවේය.
ඒ අනුව අපි හත්දෙනා රොස්මිඩ් පෙදෙසේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නිවෙසට ගියෙමු.
අප යන විට මැතිනිය ආරංචිය දැනගෙන බලවත් කම්පාවෙන් සිටියාය.

"ඉන්ද්‍රපාල කොච්චර දක්‍ෂයෙක්ද? එයා තමන්ගේ ජීවිතේටත් වැඩිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගැනයි හිතුවේ. මේ පාපතරයො ඒ රත්තරන් මනුස්සයා මරන්නෙ මොන හේතුවක් උඩද කියලා මට තේරුම් ගන්න බෑ" මැතිනිය දුක්බරව කීවාය.
"මැතිනිය දැන් අපි මේ ගමන්ම කළුතර ඉන්ද්‍රපාලගේ ගෙදරට යන්නයි හදන්නේ".
"ඔව් ඒක හොඳයි මගේ ශෝකයත් එයාගේ නෝනාට කියන්න. ඒක නෙවි මට දැන් බය විජය ගැනයි. ඒ මෝඩයා හැම තැනම ගිහින් ජේ. වී. පී. යට බනිනවනේ" මැතිනිය ශෝකාකූලව කීවාය.

"ඒක නම් ඇත්ත මැතිනිය. චන්ද්‍රිකාට කියන්න විජය මහත්තයා පරිස්සම් කරගන්න කියලා" යාපා කරුණාරත්න කීවේය.
දහවල් 12ට පමණ අපි කළුතර පිහිටි ඉන්ද්‍රපාල අබේවීරගේ නිවෙසට ගියෙමු. අති විශාල ජනතාවක් ඔහුගේ නිවෙසේ රැස්ව සිටියහ.
මළ ගෙදර සිටි සියලු දෙනා අබේවීරගේ මරණය ගැන දැඩි ශෝකයෙන් කතා කළහ.
"ඉන්ද්‍රපාල මහත්තයා වගේ අහිංසක මනුස්සයෙක් මරන්න ජේ. වී. පී. කාරයන් තිරිසන්නුද?" හැම දෙනකුගේම මුවින් පිටවූයේ එවැනි වදන්ය.
ඉන්ද්‍රපාල අබේවීරගේ බිරිය සහ දියණිය දැඩි කම්පනයකින් පසු වූහ.

"අනේ මගේ මහත්තයා කුරා කූඹියකුටවත් වරදක් කරලා නෑ. ජේ. වී. පි. යටවත් වැරැද්දක් කෙරුවේ නෑ. ඇයි දෙයියනේ මහ පොළොව නුහුලන මේ අපරාධය කළේ?" බිරිය අප දැක හඬා වැළපෙන්නට වූවාය.
ඉන්ද්‍රපාල අබේවීරගේ වැඩිමහල් දියණිය බුද්ධිමත් තරුණියකි.
"මම තාත්තා වෙනුවෙන් දේශපාලනයට එනවා" ඇය අප සමඟ පැවැසුවාය.
ඇත්ත වශයෙන්ම ඇය කළුතරට ශ්‍රී ලනිපයෙන් තරග කර ජයග්‍රහණය කළාය. එහෙත් වැඩි කලක් ඇය දේශපාලනය කළේ නැත. ඇයට දේශපාලනය තිත්ත වූවාද? නොඑසේ නම් වෙන හේතුවක් නිසාද කියා කිව නොහැකිය. අවසානයේ ඇය දේශපාලනයෙන් ඉවත් වූවාය.


කුලතුංග සෝමරත්න

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජේ. වී. පී. කාරයො නම් අමු තිරිසන්නු... Rating: 5 Reviewed By: Unknown