728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 23 May 2013

කුවේණිගේ යට ඇඳුම .....

දුලානිගේ යට ඇඳුම් සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකගේ ප්‍රකාශය !

මේක විශාල මඩ ගැසීමක්...
සංස්කරණයේදී ඉවත් කරන කෑලි අරගෙන තමයි මේ විදිහට කරලා තියෙන්නේ...

ආන්දෝලනාත්මක විජය කුවේණි චිත්‍රපටයේ දුලානි අනුරාධාගේ යට ඇඳුම සම්බන්ධ සිද්ධියේදී දුලානි විසින් සිදු කරන ලද හෙළිදරව්ව අප මීට පෙර පල කළා. 

එසේම අන්තර්ජාලයේ පලව තිබු එම ජයාරූපය දුලානිට පෙන්වා තිබුනේද ඇගේ පෙම්වතා විසිනුයි.


කෙසේවෙතත් දුලානි පවසන ආකාරයට එම ජායාරූපය නිර්මාණය කරන ලද්දක් වන අතර ගුරුවරියක් වන ඇගේ ආත්ම ගෞරවයටද එක් අතකින් මෙම ජයාරූපය තර්ජනයක් වනවා..

සිරස කුමරිය හරහා ක්ෂේත්‍රයට පැමිණි දුලානි එක් රැයකින් ජනප්‍රිය නිලියක් බවට පත්වුයේ ජැක්සන් ඇන්තනී මහතාගේ අධ්‍යක්ෂණයක් වූ ‘අබා’ චිත්‍රපටයේ ප්‍රබල චරිතයක් වූ ගුම්බකබුතාගේ චරිතය රඟපාමින්.එයද ඉතිහාස කතාවක් ආශ්‍රයෙන් තැනුවක්..

අන්තර්ජාලය ඔස්සේ ආන්දෝලනයට හේතු වු දුලානි අනුරාධාගේ එක් දර්ශනයක්...

එසේම විජය කුවේණි චිත්‍රපටයේ මෙම කුවෙනිගේ යට ඇඳුම සම්බන්ධයෙන් නැගෙන එක් චෝදනාවක් තමයි චිත්‍රපටය ජනප්‍රිය කරගැනීම සඳහා කෙරු කූට උපායක්ද යන වගත් කෙසේවෙතත් දුලනිට සිදු වූ මේ අසාධාරණය සම්බන්ධයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගත් සමරකෝන් මහතාද පිළිතුරු දී තිබෙනවා.
 
මේ ඔහුගේ අදහසයි…….. 
ඇත්තටම මේක කවුරු කලාද කියලා හිතාගන්න බැහැ,කවුරු කාට කලත් මේ වගේ දේවල් සිදු නොවිය යුතුයි.අපි මේ පිළිබඳව චිත්‍රපට සංස්ථාවේ සභාපති තුමාටත් පැමිණිල්ලක් කළා..
 
චිත්‍රපටවල ජනප්‍රියකම රැකගන්නත් මෙවැනි දේවල් සිදුවෙනවා මොකද්ද මේකේ අරමුණ ?
ඇත්තටම විජය කුවේණි චිත්‍රපටය මෙවැනි දෙයකින් ජනප්‍රිය කරගැනීමට මට කිසිම අවශ්‍යතාවක් නැහැ.නමුත් මේක විශාල මඩ ගැසීමක් .චිත්‍රපට සංස්කරණයේදී ඉවත් කරන කෑලි අරගෙන තමයි මේ විදිහට කරලා තියෙන්නේ .
 
නමුත් මෙය ඔබේ චිත්‍රපටය,මෙවැනි දේවල් වගකීමක් ඇතිව සිදුවිය යුතුයි ?
අපි කොහොමද හිතන්නේ කොතැනදී කවුරු කොහොම මේ වගේ දේවල් කලාද කියලා .අපිත් මේ උත්සහ කරන්නේ මේක කරපු අයව සොයාගන්න තමයි.දැනට කරන්න තියෙන්නේ මේ ජයාරූප අදාළ වෙබ් අඩවියෙන් ඉවත් කරගැනීම පමණයි.අපි එකට කටයුතු කරගෙන යනවා.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කුවේණිගේ යට ඇඳුම ..... Rating: 5 Reviewed By: Unknown