728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 17 May 2013

මට බෝම්බ ගැහුවේ කොටි නෙමෙයි ...ජනාධිපතියි ගෝඨාභයයි

2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා විසින් සිදු කර ඇතැයි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සංසරණය වෙමින් පවතී. එහි සඳහන් වන්නේ තමාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කලේ ජනාධිපතිවරයාගේ හා ආරක්‍ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත බව සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර ඇති බවයි.

එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අවස්ථාව ලබා ගැනීමට රහස් පොලීසියේ ඉහල නිලධාරියෙක් විසින් ෆොන්සේකා මහතා දුරකතනයෙන් ඇමතු අවස්ථාවක ඔහු විසින් ඉහත ප්‍රකාශය සිදු කොට ඇතැයි සඳහන්ය.sarath-fonseka-in-jail- z_p01-Guard
එහි දී සිදු වූ බව පවැසෙන දුරකතන සංවාදය මෙසේය.
නිලධාරියා - ෆොන්සේකා මහත්තයා ඔබ තුමාට එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ තුමාට සැක කළ හැකි කිසිවෙක් ඉන්නවාද?
සරත් ෆොන්සේකා - ඔව්… ඔව්… ඉන්නවා. දැන ගන්න අවශ්‍ය ද?
නිලධාරියා - ඔබට කාවද අවිශ්වාස මේ සම්බන්ධයෙන් එල්ටීටීඊ සංවිධානයේ?
සරත් ෆොන්සේකා - එල්ටීටීඊ ඒකාලෙ හිටියෙ කැලෑවල කොටු වෙලා. මම ඒ අයව කැලෑවට සීමාකරල තිබ්බෙ.
නිලධාරියා - ඔබ මේ සම්බන්ධයෙන් සැක කරන්නෙ ප්‍රභාකරන්වද? පොට්ටුඅම්මාන්වද?
සරත් ෆොන්සේකා - මං සැරයක් කිව්වනෙ ඒ අය හිටියෙ කැලේ කියල.
නිලධාරියා - එහෙනම් ඔබට කවුද සැක එල්ටීටීඊ එකේ?
සරත් ෆොන්සේකා - මට එල්ටීටීඊ එකේ කාවවත් සැක නෑ. මේකෙ සැක කාරයො නෑ. මේක කලේ ජනාධිපතියි ගෝඨාභයයි. රටේ වාසනාවට මම බේරුණා. නැත්තං මේ ගොල්ලො තාම යුද්ධ කරනව. යුද්ධ කරනව විතරක් නෙමෙයි යුද්දෙ විකුණන් කනව. මේ ගොල්ලො එදා ඉදලම බයේ හිටියෙ මම යුද්දෙ නවත්තයි කියල. ඒක ඒ අයට පාඩුයි.
***ෆොන්සේකා මහතාගේ කරුණු දැක්වීම හමුවේ නිලධාරියා කිසිවක් කතා නොකර නිහඬව සිටී.
සරත් ෆොන්සේකා - තව මොනවද දැන ගන්න ඕනෙ?
නිලධාරියා - නෑ සර්. මට ඉහලින් ඕඩරයක් ඇවිල්ල තියෙනව මේ ඇටෑක් එක සම්බන්ධයෙන් ඔබ තුමාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නයි කියල. ඒකයි මම කතා කලේ. ඔබ තුමාට පුළුවන් වෙයිද ප්‍රකාශයක් ලබල දෙන්න?
සරත් ෆොන්සේකා - ඔව් පුළුවන්. හැබැයි මං කියන ඒව ඒ විදිහටම ලියා ගන්න ඕනෙ. පස්සෙ වෙනස් කරන්න එහෙම බෑ. ඒකට කැමති නම් කාව හරි මගේ ඔෆීස් එකට එවන්න.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මට බෝම්බ ගැහුවේ කොටි නෙමෙයි ...ජනාධිපතියි ගෝඨාභයයි Rating: 5 Reviewed By: Unknown