728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 17 May 2013

වැරැදිලත් නැහැ, නැවැතිලත් නැහැ - ඇමැති මර්වින් සිල්වා

මම වැඩක් ආරම්භ කළොත් වැරැදිලත් නැහැ. නැවතිලත් නැහැ. ලබන පොසොන් පෝයට පෙර ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ නැඟෙනහිර කුලුන උඩමළුව රථගාල, වැඩ අවසන් කර ශාසනයට පූජා කරන බව ඇමැති මර්වින් සිල්වා මහතා අනුරාධපුර අටමස්ථාන ස්වාමින් වහන්සේ බැහැ දකිමින් පැවැසීය.




ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙසක් මත ඇමැති මර්වින් සිල්වා මහතා නව රථගාලේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට සහ සංඝයා වහන්සේ හමුවට ගොස් ඇත.

මර්වින් සිල්වා මහතා මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේදී මේ රථ ගාලේ වැඩ ආරම්භ කර ඇත. එහෙත් අතර මැදදී එහි ඉදිකිරීම් කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුව තිබේ.

අනතුරුව මිහින්තලා විහාරාධිපති වලවාහැන්ගුණවැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ බැහැ දැකීමට ගිය මර්වින් සිල්වා ඇමැතිවරයා මිහින්තලා චෛත්‍යයේ සුදු තීන්ත ආලේප කිරීමට සහ කොත් වහන්සේ සඳහා රන් ආලේප කිරීමට පොරොන්දු වූවේය.

මෙහිදී මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ කෙටි අනුශාසනාවක් කරමින් මෙසේ පැවැසූහ. 'මර්වින් ඇමැතිතුමා අපූරු චරිතයක්. එතුමා කෙළින් කතාකරන කෙළින් වැඩකරන චරිතයක්. සමහර කෙනකුට එතුමාව ඔරොත්තු දෙන්නෙ නැතිව ඇති. මර්වින් ඇමැති වගේ චරිත තමයි රටට ගැළපෙන්නේ' යැයි පැවැසූහ.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: වැරැදිලත් නැහැ, නැවැතිලත් නැහැ - ඇමැති මර්වින් සිල්වා Rating: 5 Reviewed By: Unknown