728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 29 April 2014

ප්‍රංශයෙන් උතුරා ගිය විප්ලවීය සංගීත නිර්මාණයන්...

ප්‍රංශයෙන් උතුරා ගිය විප්ලවීය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අදහස් ඔහුගේ සංගීත නිර්මාණයන්ට මුසු ව ඇති බව බොහෝ විචාරකයන්ගේ මතයයි. ඒ අනුව ඔහු සිය පෞද්ගලික උද්වේගයන් හා ආකල්පයන් සංගීත නිර්මාණ තුළින් ලොවට පළ කිරීමට එක්තරා විප්ලවීය මඟක් අනුගමනය කළේ ය. බටහිර සංගීත සම්ප්‍රදායයේ විප්ලවකාරී මේ ව්‍යාපාරය “රොමෑන්ටික් ව්‍යාපාරය” (Romantic Movements) නමින් ඔහු හඳුන්වා දුන්නේ ය. නිරතුරු ව “සංගීතය” අභිමුව ඔහු විප්ලවකාරියකු විය.

ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය රඳා පවතින්නේ ඔහු ප්‍රගුණ කළ වාද්‍ය සංගීතය මත ය. බීතෝවන් විසින් සම්භාව්‍ය යුගයේදී ප්‍රචලිත වූ සෑම වාද්‍ය සංගීතයක්ම පාහේ ප්‍රගුණ කරන ලදි. ඒ අනුව ලොව අග්‍රගණ්‍ය වූ විශිෂ්ටතම සිම්ෆනි, සොනාටා රැසක් ලොවට දායාද කළේ ය. ඔහුගේ කීර්තිමත් සිම්ෆනි නවය බටහිර සංගීතය ප්‍රගුණ කරන්නන්ට අනර්ඝ වූ නිධාන වැනි ය. එකල බටහිර විසූ ප්‍රවීණතම පියානෝ වාදකයා ලෙස ද ගැනෙනුයේ බිතෝවන් ය.
ඔහු අතින් පියානෝව සඳහා විශිෂ්ට සොනාටාවන් රැසක් ලියැවුණි. ඒවා පියානෝ සොනාටා (Piano Sonata) ලෙස හඳුන්වනු ලබන අතර කාරුණික හැඟුම් උපදවන “සඳ එළිය හෙවත්” moon light sonata වන් ප්‍රබල උද්වේගයන් දනවන ‘ඇපෂියනාටා” සොනාට ද (Appasionata sonata) මීට කදිම නිදසුන් හැටියට සඳහන් කළ හැකි ය.
ස්කෙට්සෝ (schertzo) නමැති සියුම් හාස්‍යමය ස්වභාවයක් දරන සංගීත ආකෘතින්හි පියා වන්නේ ද බීතෝවන් ය.
බීතෝවන්ගේ කෘතීන් සාමාන්‍ය වශයෙන් කාලත්‍රයට බෙදා දක්වා ඇත. 1802 සිට කරන්නට යෙදුණු නිපැයුම් ප්‍රථම කාල සීමාවෙහි එළිදැක්වූ කෘතීන් විය. තත්වාද්‍ය කෘතීන් වන STRING QURATETS හයක් ද, PIANO SONATA OP දහයක්ද, සිම්ෆනි දෙකක් ද ඒ කාල සීමාවට අයත් වී තිබේ.
දෙවෙනි කාල සීමාව තුළ එනම් 1816 පමණ සිට SYMPHONEY අංක තුනේ සිට අට දක්වා ද නාට්‍ය EGMONT / CORIOLAN OVERTURE කෘති සඳහා සංගීතය ද, FIDELIO ඔපෙරාවද පියානෝ CONSERTO, G හා E FLAT යන නිර්මාණ ද, වයලීන් CONSERTO, QUARTETS OPP 59 ක් ද THE RASUMOVSKY QUARTETS හැත්තෑ හතරක් ද පියානෝ සොනාටා OP අනුවක් පමණ ද මේ වකවානුවට අයත් වී තිබේ.
ඔහුගේ අන්තිම කාල පරිච්ඡේදය වන තෙවැනි සමය ඉතාමත් වැදගත් උසස් නිර්මාණයන්ගෙන් යුක්ත වී ඇත. අවසාන පියානෝ සොනාටාවද DIABELLI VARIATIONA MISSA SOLEMENTS නම් නම වැනි සිම්ෆනිය ද QUARTETS OPP. 127, 130, 131, 132, 135 සහ GROSS FUGEn STRINGQUARTETS OP 133 ක්ද එළි දක්වන ලදි.
ඔහුගේ සංගීත නිර්මාණ විශ්ලේෂණය කරන්නකුට සංගීත නිර්මාණයකදී ඔහු අනුගමනය කළ ක්‍රම තුනක් පිළිබඳ ව මෙසේ හඳුන්වාදිය හැකි ය.
රුසියානු ජාතික සුප්‍රකට ගත් කතුවරයකු වූ WIL HELM VON LENZZ විසින් රචිත ග්‍රන්ථයක බීතෝවන්ගේ සංගීත නිර්මාණ සම්බන්ධ ව විමර්ශනයක යෙදුණේ මේ අයුරෙනි.
* WHAT CAN HE DO (ඔහුට කළ හැකි දේ කුමක් ද?)
* WHAT HE FEELINGS (ඔහුට දැනෙන්නේ කුමක් ද?)
* HOW GLAD HE IS THAT IT IS ALL OVER (අවසානයේ ඔහු සතුටු වන්නේ කොහොම ද?)
ඒ අනුව ඔහුගේ සංගීත නිර්මාණයන් පිළිබඳ ව අවබෝධ කරගන්නකුට බීතෝවන් පළමු වැන්න හා දෙවැන්න ඉහත දැක්වූ ආකාරයෙන් වෙන් වෙන් වශයෙන් පැහැදිලි ව දක්වා අනතුරු ව ඉහත දැක්වූ අවස්ථා තුන එකිනෙක මුසුකර නිර්මාණය කරන්නට පෙලැඹුණු බව ඔහුගේ නිර්මාණයන් වෙතින් තව දුරටත් ප්‍රකට වේ.
ඔහු කළ නිර්මාණ අතර PIDALLIO ඔපෙරාවද D MAJOR දේව මෙහෙය ද ඔහු විසින් නිබන්ධනය කොට ඇති ඉතා විශිෂ්ට සංගීත කෘතීන් වේ. ඒ කෘතින් අතරින් D MAJOR දේව මෙහෙය ඔහු විසින් නිර්මාණය කොට ඇති අනෙකුත් කෘතින් වේ. D MAJOR දේව මෙහෙය ඔහු බිහිරි භාවයට පත්වූ පසු සම්පාදනය කරන ලද ඉතා උසස් නිර්මාණයකි.
ඔහුගේ පෞද්ගලික ජීවිතය දුක්බර ය. 1770 දෙසැම්බර් 16 වැනි දින ජර්මනියේ “බොන් නගරයේ ඉපැදුණු බිතෝවන් පසු කලෙක බටහිර සංගීත සම්ප්‍රදායේ අග්‍රගණ්‍ය සංගීතඥයන් විසු වියානා නුවර ජීවත් වූයේ ය.
එහි විසූ හයිඩ්න් (Heydn) හා මොසාර්ට් (MOZAST) යන සංගීතඥයන් දෙදෙනා ඇසුරේ බීතෝවන් සංගීතය ප්‍රගුණ කොට හදාරා ඇති බව ද කියැවේ. ඔවුන් දෙදෙනා මෙන්ම බීතෝවන් සම්භාව්‍ය සොනාටා හා සිම්ෆනි ශෛලීන් ද එහි ආකෘතීන් ද මැනවින් ප්‍රගුණ කළේ ය.
තරුණ වියට පත්වන තෙක් “බොන්” හි වංශවත් පාලකයන්ගේ අනුග්‍රහය ලබමින් සංගීතය ප්‍රගුණ කළ ඔහු 1792 වසරේදී වියානා නුවර ස්ථිර වාසස්ථානය කොටගෙන පැමිණියේය. එහිදී ඔහු සංගීතය ඉගැන්වීමෙන් හා සිය සංගීත කෘති ප්‍රකාශකයන් හට විකිණිමෙන් ද විශාල ආදායමක් ලැබුවේ ය. අනගාරික ජීවිතයක් ගත කළ ඔහුගේ පෞද්ගලික ජීවිතය දුක්කම්කටොළු පිරිවරා ගත් ඛේදනීය එකක් ම විය. මේ සියලු කටුක, දුක් කම්කටොළු ඔහු මඟ හරවා ගනු ලැබූයේ ස්වකීය උත්තරීතර වූ සංගීත නිර්මාණ ඇසුරෙනි. ඒ සෞන්දර්යයේ මහිමයෙනි. අවසන් කාලයේදී වියානාවේ තව දුරටත් වාසය කළ මේ ලෝක ප්‍රකට ශ්‍රේෂ්ඨ සංගීත ශිල්පියා 1827 මාර්තු 26 වන දින මෙලොවින් සමු ගති.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ප්‍රංශයෙන් උතුරා ගිය විප්ලවීය සංගීත නිර්මාණයන්... Rating: 5 Reviewed By: Unknown