සමස්තයක් වශයෙන් සැලකුවහොත් සමාජයේ සියලු ක්‍රියාකාරකම් ආයතනගත වී ඇත. ඒ ඒ ආයතනය, තම රාජකාරිය ඔස්සේ ස්වකීය අන්තර්ගතය, සමාජමය නිෂ්පාදනයක් ලෙස ප්‍රකාශයට පමුණුවයි. ඒ අනුව සරසවිය හෙවත් විශ්වවිද්‍යාලයට, සාහිත්‍යයේ කාලීන ප්‍රවණතා ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීම විෂයක් වශයෙන් සම්බන්ධ වී තිබේ.
ප්‍රාන්ස් කෆ්කා මවන ස්ත්‍රී චරිතත්
, මහාචාර්ය සරච්චන්ද්‍ර මැවූ ස්ත්‍රී චරිතත් එකම පරපුරේ පූර්වාපර ගැළපුම් බව ගැඹුරින් පිරික්සද්දී පෙනේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලයෙන් ප්‍රකාශිත “මහ නළුවක අඩසියවස” (සංස් :- ලියනගේ අමරකීර්ති සහ තවත් අය) කෘතියට මා සැපයූ “සිංහබාහු පුරාණෝක්තිය මානව විද්‍යාත්මක දුඞ ස්වප්නයකි” යන ලිපියෙන් ද ඒ බව පැහැදිලි කළෙමි. ස්ත්‍රීවාදය විසින් උත්තේජනය කරන ලද ස්ත්‍රී චරිත, හුදු තාක්ෂණික වේගයකින් ජවසම්පන්නව ශිෂ්ටාචාරයට එතෙක් පැවති තිරිංග ගළවා දමා මායාමය මීදුමක් මැදින් යන ගමන පිළිබඳව එරික් ඉලයප්පආරච්චිගේ “කලාත්මක ඥානය හා සැබෑ ලෝකය” කෘතියේ, ජෙම්ස් ජොයිස් හා ෆ්රාන්ස් කෆ්කා නම් පරිච්ඡේදය තුළ විස්තර වෙයි.
ඒ හැර විශ්ව විද්‍යාලයේ සාමාජිකයන් වූ ආචාර්යවරුන්, පරිපාලන නිලධාරීන් හා ශිෂ්‍යයන් යන අය නිර්මාණකරුවන් වශයෙන් සාහිත්‍යකරණයේ යෙදෙනු ද දැකිය හැකි කරුණකි. මෙහිදී මා ගොඩනඟන සංකල්පමය සහසම්බන්ධතාව වනුයේ, සාහිත්‍ය නිර්මාණය යන්න සමස්ත සමාජයටම විවෘත කාර්යයක් වන අතර, එහි ගති සොබා සහ හැඩතල අධ්‍යයනය කරනු පිණිස විශ්වවිද්‍යාලය තුළ සංවිධානය වූ ශික්ෂණ විධියක් පවතින බවය.
මෙහිදී මම වඩාත් සාධාරණ වන්නට කැමැත්තෙමි. එනම් ප්‍රාමාණික සාහිත්‍ය විචාරකයන් සරසවියෙන් පරිබාහිරව සිටිය හැකිය. සාහිත්‍ය අධ්‍යයනය සඳහා වන පොත්පත් ආදී බුද්ධි මූලාශ්‍ර සරසවියක් සතු බැවින් ඒ කාර්යය, වඩාත් විෂයානුබද්ධවත්, ශාස්ත්‍ර යුක්තියෙහි පිහිටා සිටිමිනුත්, පුද්ගල ගර්හා ඇනුම්පද, හෝ පක්ෂග්‍රාහී ආත්මීය නිර්ණායක වලින් හැකිතාක් දුරුවෙමිනුත් සිදු කළ හැක්කේ විශ්වවිද්‍යාලයටය.
එය එසේ නොවී, අගතිගාමීව සිදුකරන විශ්වවිද්‍යාලයීය විද්වතා වූවද, ස්වකීය ශික්ෂණ ක්‍රමයට අනර්ථයක් සිදුකරන බව මගේ හැඟීමය. විශ්‍රාම ගොස්, රටේ ප්‍රකට කීර්තියක් ඇතිව සිටින ඇතැම් විද්වතුන් අතින් ද ඉඳහිට එවන් අගති සිදු නොවන්නේ නොවේ.
බුද්ධිමතා සතු ඥානය යනු අවියක් බඳු දෙයකි. ඒ ඥානය, ආධ්‍යාත්මීය මූලයකින් පැන නොනඟින්නක් වන බැවින් ඇතැම් විට අයථා ඵල ද ලබා දෙනු ඇත. නූතන ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි විශ්වවිද්‍යාලයේ භූමිකාව (The University in Modern Sir lankan literature) යන අරුතැති ඉංගි‍්‍රසි ලිපියක්, The Journal of Humanities. 1991/92 කලාපයට සපයන මහාචාර්ය ඈෂ්ලි හල්පෙ, විශ්වවිද්‍යාලයීය බුද්ධිමතකු හා නිර්මාණකරුවකු වශයෙන්, මහැදුරු සරච්චන්ද්‍ර නිබඳ තම භූමිකාවේ ස්වභාවය ස්වයං විවේචනයට භාජනය කළ බව කියයි. බුද්ධිමතා දරන ස්ථාවරය, සමාජය තුළ ද විවිධ මතවාද ගොඩනැඟීමට හේතු වන සැටි, මහැදුරු හල්පෙ සාකච්ඡා කරන්නේ මහැදුරු සරච්චන්ද්‍රගේ “පෙමතො ජායති සොකො” නාට්‍යයේ එන එක් ගීත පාදයක් පාදක කරගනිමිනි.
“එසේ වේ නම් ස්වර්ණතිලකා
මැරුම් කෑවේ මා අතින්මයි.
මගේ පණ හා සරිව ඉන්නා
සිසුන්ගෙන් නම් මැරුම් කෑවේ
මා අතින්මයි මැරුම් කෑවේ
ස්වර්ණතිලකා ළඳුනි මම ඔබ
කුරිරු මරුගේ මුවෙහි හෙළුවෙමි”
ඇතැම් උගතුන් තුළ සරච්චන්ද්‍ර යුගය යළි කැඳවීම වැනි ආත්ම කේන්ද්‍රීය හා සෞන්දර්යය පිළිබඳ ඒකස්තම්භ ආනන්දයක් ඇත. ඒත් එක් යුගයකදී පැවතුණු අවශ්‍යතාව හා එකී යුගයෙහි භාවිත පසුතල ඊළඟ යුගයට වලංගු නොවේ. සාංදෘෂ්ටික සාහිත්‍යයේ (Existentialism) අවධාරණය වන්නේ බිඳ වැටුණු වීරත්වය එලෙසින්ම යළි නඟා නොසිටවිය හැකි බවය. ඊට වඩා වෙනස් සියුම් මානුෂික අවශ්‍යතාවක් පෙරටු කරගත් ප්‍රති වීරයකුගේ උත්ථානයක් ඊළඟ යුගයේ දී සිදුවේ. වඩා නූතන සාහිත්‍ය ප්‍රවණතාවක් වූ ස්ත්‍රීවාදී සාහිත්‍යයේ දී (Feminism) ස්ත්‍රිය තවදුරටත් සාම්ප්‍රදායික කොටු පවුරු තුළ ගාල් නොකෙරේ.
තත්ත්වය එසේ ඇරැඹුණු නමුත් නූතනවාදයේම සාමාජිකයන් වූ ජෙම්ස් ජොයිස් හා ප්‍රාන්ස් කෆ්කාගේ සාහිත්‍යයේ, ස්ත්‍රියගේ නවතම භූමිකාවෙහි වූ, පුද්ගල ආධ්‍යාත්මය වංචා කිරීම, බුද්ධිය පාගා දමා නැඟී සිට ගත් විචක්ෂණ මායාව පිළිබඳව හෙළි වෙයි. Angel flores සහ Homerswander ලියූ “FransKafka today” කෘතියේ ඒ පිළිබඳව වැඩිකර කරුණු ප්‍රකාශ වෙයි.
මහාචාර්ය සරච්චන්ද්‍ර නිර්මාණය කළ නාට්‍ය සාහිත්‍යයෙහි, නිළින ලෙස ඉහත මා අවධාරණය කළ තත්ත්වයයි. ඔහු නූතනත්වය සරසවි ප්‍රජාවට දායාද කළ අයෙකි. පුද්ගලයෙකු ස්ත්‍රිය කෙරෙහි දක්වන සීමා විරහිත ඇල්ම හෝ භක්තිය යන්නට ප්‍රතිපක්ෂව ඇය තුළ ගොඩනැඟෙන්නේ සොබාදහම ඈ නොදැනුවත්වම ඇගේ ජෛව යාන්ත්‍රණයට හා මනෝ ලොවට ඇතුළු කළ ඇලුම් කරන්නා මුළා කිරීමේ සාධකයයි. ලෙවි ස්ට්‍රවුස් (Levistrauss) නම් මානව විද්‍යාඥයාගේ සියුම් මත විමසමින් “Verbal union and sexual union: values, signs, women” නම් පරිච්ඡේදය (Claude Levi strauss an introduction - 1970 කෘතියට) ලියන ඔක්ටැවියොපැස් (Octaviopaz) අති දීර්ඝව ඒ බව අවධාරණය කරයි.
ප්‍රාන්ස් කෆ්කා මවන ස්ත්‍රී චරිතත්, මහාචාර්ය සරච්චන්ද්‍ර මැවූ ස්ත්‍රී චරිතත් එකම පරපුරේ පූර්වාපර ගැළපුම් බව ගැඹුරින් පිරික්සද්දී පෙනේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලයෙන් ප්‍රකාශිත “මහ නළුවක අඩසියවස” (සංස් :- ලියනගේ අමරකීර්ති සහ තවත් අය) කෘතියට මා සැපයූ “සිංහබාහු පුරාණෝක්තිය මානව විද්‍යාත්මක දුඞ ස්වප්නයකි” යන ලිපියෙන් ද ඒ බව පැහැදිලි කළෙමි. ස්ත්‍රීවාදය විසින් උත්තේජනය කරන ලද ස්ත්‍රී චරිත, හුදු තාක්ෂණික වේගයකින් ජවසම්පන්නව ශිෂ්ටාචාරයට එතෙක් පැවති තිරිංග ගළවා දමා මායාමය මීදුමක් මැදින් යන ගමන පිළිබඳව එරික් ඉලයප්පආරච්චිගේ “කලාත්මක ඥානය හා සැබෑ ලෝකය” කෘතියේ, ජෙම්ස් ජොයිස් හා ෆ්රාන්ස් කෆ්කා නම් පරිච්ඡේදය තුළ විස්තර වෙයි.
හුදු චරිත ශුද්ධිය, සාධු ගුණය ආදි සුදු වර්ණාලේපිත මිනිස් ගුණ පමණක්, පෙරටුවට ගෙන එමින්, අද්‍යතන සමාජ ඛේදවාචකයට ආගමික විසඳුම් ඉදිරිපත් කිරීමේ සාහිත්‍ය ප්‍රවණතාවක් ද පවතී. ජයසේන ජයකොඩිගේ ප්‍රබන්ධ නිදසුනකි. පරමත්ථ ජෝතික ආදී අටුවා ලියැවුණු යුගයෙහි නම් පරමාර්ථ දහමින් සමාජය හික්ම විය හැකි සරලීකෘත අවශ්‍යතා සහිත චාම් ආගමික සමාජයක් විය. මහාචාර්ය විමල් දිසානායකගේ “Sinhala Novel and the Public Sphere” කෘතියේ, විශ්වවිද්‍යාලය පරිශ්‍රයෙන් පැන නැඟි දෙවන අද්විතීය ලේඛකයා වූ ගුණදාස අමරසේකරගේ නවකතා ඔස්සේ චිත්‍රණය වන දිගු පුළුලින් සුවිසල් සමාජය පිළිබඳව සාකච්ඡා වෙයි. පරමාර්ථ ධර්ම පිටුදැකිය යුතු ද? යන ප්‍රශ්නයට ගුණදාස අමරසේකරගේ දෙපා නොලද්දෝ තුළින් පැහැදිලි කිරීමක් ලැබෙයි.
එහි ප්‍රධාන චරිතය අධි සංවේදී අයෙකි. ඔහුගේ දෙපා අහිමි ව ඇත. පාරම්පරිකව තර්ක කළ හොත් ඔහු වන සෙනසුනකට ගොස් බවුන් වැඩීමට සුදුසුය. ඒත් ඔහු තුළ අනුරාගය ද, අනුකම්පාව, ආදරය සේම, ඊර්ෂ්‍යාව, ප්‍රචණ්ඩ බව ද තිබේ. හොඳින් ඉන්ද්‍රියයන් පැවතිය ද, සාධු දහම් පමණක් ක්‍රියාත්මක කළ කේ. ජයතිලක මැවූ ඉසා සහ මාර්ටින් වික්‍රමසිංහ මැවූ අරවින්ද මානසික අවපීඩනයෙන් මිය ගියහ. මවගේ ආචාර ධර්මීය දැවැන්ත හෙවණැල්ලට මුවහව හුන්, මහාචාර්ය සිරි ගුනසිංහ විසින් මැවුණු ජිනදාස, අවසානයේ ආචාර රැහැන් කඩා සිඳ දමා ලිංගික ලෝකයකට පවා එබිකම් කර බැලුවේය.
සාහිත්‍යයේ ආචීර්ණ කාල්පිත නිම් වළලු පුළුල් විය යුතු ය යනු නොයෙක් මතවාද රැගත් විද්වතුන් වැඩි දෙනාගේ පොදු මතය යැයි මම සිතමි. හුදු ආගමික පරමාර්ථ දහම් පමණක් සාහිත්‍යයෙන් හුවා පෑ යුතු නොවේ. එසේම සමාජ ප්‍රචණ්ඩත්වය, අපරාධය, යන ඒවාට සාහිත්‍යයේ වේදිකා
නිර්මාණය විය යුතු නැත. නූතනවාදයේ ඇති බොහෝ සාහිත්‍ය ප්‍රවණතා සියල්ල, සූක්ෂ්මාවලෝකනයට ලක්කරන විටදී, සංයුක්ත ශිල්ප ෂණන්ගේ තවදුරටත් සිදුවන බද්ධ කිරීම් හා ඌන පූරණ සහිතව ප්‍රයෝජනයට ගත හැකි සාහිත්‍ය ප්‍රවණතාව සාංදෘෂ්ටිකවාදය යැයි මම සිතමි. එය මිනිස් අවස්ථා (Human Situations) දෙස විශ්වීය ඇසකින්, පූර්ණ සද්භාවයෙන් අවලෝකනය කරන්නක් බව ධර්මා රාජපක්ෂ නම් ලේඛිකාවකගේ අදහසයි. හරය ගවේෂණයට ප්‍රථම පැවැත්මේ සද්භාවයට ඉඩ තිබිය යුතුයැයි සාංදෘෂ්ටිකවාදය කියයි. සාංදෘෂ්ටික වාදය ලාංකේය සංදර්භයට සාර්ථකව දෙමුහුන් කළේ ද විශ්වවිද්‍යාලයෙන් උපන් සයිමන් නවගත්තේගමය. ඔහු, සංසාරාණ්‍යය අසබඩ කෘතියෙහි, සතාසීපාවා කෙරෙහි කරුණාව ඇති දඩයක්කාරයකු නිර්මාණය කරයි. ළාමක ලෙස තර්ක කරන්නෙකුට එය නොතේරේ. අප තුළ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කෙරේ ආශාවක් ඇත.
අපි දඩයක්කරුවෝ වමු. ඒත් ඒවා භුක්ති විඳින ගමන්ම, ඒවායේ තරම දැන හේතු ප්‍රත්‍ය සමවාය පසක් කිරීමෙන් නිර්වාණ ගමනාන්තරයෙහි තීර්ථ චාරිකා කරන්නෙකු ද විය යුතුය. නවගත්තේගම මානවීය සංකේතවේදියකු (Homosuboicus) යනුවෙන් ආචාර්ය දයා දිසානායක විසින් හැඳින්විණි. ස්ත්‍රී - පුරුෂයන් යනු මානව වින්දනයෙහි කොටස්කරුවෝ වෙති. වරක්, තම ගුරුවරයා සමඟ, භාවනාවක ඇති යාන්ත්‍රණය අනුගමනය කරමින් මෛථුනයේ යෙදුණු තරුණියක ගැන නවගත්තේගමගේ කෙටිකතාවක දැක්වේ. මහායාන ග්‍රන්ථයක “ඒකාධිප්පායො මෙථුනො ධම්මො පටිසෙවිතබ්බෝ” යි දැක්වේ. එනම් උනුන් රිසි නම් මෛථුනය අපරාධයක් නොවේ යනුය. යුගනද්ධ යන තාන්ත්‍රික ග්‍රන්ථයේ ද ඒ බව සනාථ කර ඇත.
ක්‍රි. ව. 1850 කන්ග්‍රා ගුරුකුලයේ චිත්‍රයක බමුණකු හා තරුණ ළඳක අතර තාන්ත්‍රික රමණයක් දැක්වේ. නවගත්තේගම මනුෂ්‍ය ආධ්‍යාත්මය ඊනියා සහ පදනම් විරහිත කුහක සදාචාර රැහැණින් මුදා හළේය. ඉන්දීය ලේඛක අරවින්ද් අඩිගාගේ White Tiger කෘතිය කියවද්දී, මනුෂ්‍ය ආධ්‍යාත්මයට දුර ඈත ඇති විමුක්තියේ මඟ පැහැදිලිව පෙන්වයි නම්, ලිංගික එක්වීම්, ඉන් ලබන වින්දනය ද, ඒ මාවතේ දෙපස පිපුණු සොඳුරු පුෂ්ප වැනි යැයි වැටහේ. විමුක්තිය සාක්ෂාත් කළ පසු ඒ දෑ නැවත පලක් නොවේ. අනුරපුර යුගයේ රචිත අංගුත්තර නියාය අට්ඨකථාවේ, එකිනෙකා පෙම්බැඳි භික්ෂුවකට හා මෙහෙණකට සිවුරුහැර කම්සුව විඳීමට ඉඩ දීමේ පුවතක් ඇත. සාංදෘෂ්ටික වාදයේදී අවධාරණය වන්නේ හරය, කෙවිටක් නොකර ගත යුතු බවය. පැවැත්ම කෙරේ මුදිතාව වැඩිය යුතුය. නවගත්තේගමගේ සාංදෘෂ්ටික සාහිත්‍යය එබඳුය. සරසවියෙන් නිර්මාණය වුණු සාහිත්‍ය කරුවන්ගේ සාහිත්‍යයෙන් ලාංකේය සාහිත කෙත කරල් බරවූ බව කීම ඒ අනුව අයුක්තක් නොවේ.
ආචාර්ය සාලිය කුලරත්න

0 comments:
Post a Comment