728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 25 April 2014

ශරීරයේ වැඩි ප‍්‍රමාණයක් පුරාම ටැටූ ... ඉසබෙල් වර්ලෙයි


ගිනස් ලෝක වාර්තා පොතට යාම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ වෙනුවෙන් විවිධ අවදානම් දරන කැපකිරීම කරන පුද්ගලයන් අතර ඇය සුවිශේෂී තැනක් හිමිකර ගනී. ඇය නමින් ඉසබෙල් වර්ලෙයි නම් බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවකි. ශරීරයේ වැඩි ප‍්‍රමාණයක් පුරාම ටැටූ විලාසිතාවන් පවත්වා ගෙන යන වයෝවෘද්ධම කාන්තාව ලෙස ඇය ගිනස් පොතට එක්ව ඇත. 1937දී උපන් ඇය මේ වනවිට තම දිවියේ 76 වැනි විය පසු කරමින් සිටියි.
ඇය මේ වනවිට තම ශරීරයේ 76%කටත් වඩා ටැටූ විලාසිතාවලින් අලංකාර කරගෙන ඇත. මේ නිසා ඇයට සමාජයෙන් විවිධ ගැරහුම් හා අපවාදයන්ට පවා ලක්වීමට සිදුවූ බව ඇය අද මතක් කරන්නේ මහත් උපේක්ෂාවෙනි.

‘මම ඉපදුනේ යෝක්ෂයර් ප‍්‍රාන්තයේ. මට ගොඩක් හිටියේ පිරිමි යාළුවෝ. ඒ නිසා මමත් ගොඩක් හිතුවේ පිරිමියෙක් වගේ. 1949 වෙනකොට මගේ වයස අවුරුදු 12යි. ඔය කාලයේදී තමා මගේ මවුපියන්ට ලන්ඩන් නගරය සමීපයේ පදිංචියට යන්න සිද්ධ වුණේ. කොහොම නමුත් ගමෙන් නගරයට ආවා කියලා වෙනසක් වුණේ නැහැ. මම ඉක්මනටම ඒ සමාජයට පුරුදු වුණා. යාළුවෝ හදාගත්තා. මේ කාලයේ මම පිරිමි යාළුවොත් එක්ක අවදානම් සහිත කී‍්‍රඩා තමයි කළේ. ගොඩක් වෙලාවට මම කළේ එයාලගේ ‘බයික්’ පැදපු එක. අම්මා ගොඩක් කලබල වුණා ඒ කාලේ මම ගැන. හැබැයි ඇය ඉක්මනටම තේරුම්ගත්තා මට අවශ්‍ය කරන්නේ කුමක්ද කියලා. අවුරුදු 15 වෙනකොට මගේ ‘බයික්’ යාළුවෝ සෙට් එකෙන්ම මට පෙම්වතෙක් හම්බවුණා. එයා මට වඩා වැඩිමහලූ කෙනෙක් වුනත් මං ගැන හොඳටම තේරුම් ගත්තා. ඉතින් එයා වෙනුවෙන් තමයි මම මුලින්ම ටැටූ එකක් කළේ. එයාගේ නම රැන්ඩි ඒ නිසා ‘Property Of Randy’ කියලා ටැටූ එකක් ගහගත්තා. ඒත් පස්සෙ කාලයකදී එයා මගේ ජීවිතයෙන් වෙන්වුණාම මගේ මතකයෙන් වගේම මගේ ශරීරයෙනුත් එයාව මකලා දාන්න මට ඕන වුණා. ඉතින් මම මුලින්ම කළේ ටැටූ එක තිබුණ තැන පිහියකින් ඇනලා, හූරලා දාලා මකා ගත්ත එක. එදා තමා මම හිතන්නේ මගේ ශරීරයෙන් රුධිරය වැඩියෙන්ම පිටවුණු දවස’

‘1958 අවුරුද්දේ තමයි මට මගේ සැමියාව හම්බවෙන්නෙ. අපේ විවාහයෙන් සෑහෙන කාලයකට පස්සෙ අපි දෙන්නට ඕන වෙනවා ටැටූ විලාසිතාවක් කර ගන්න. ඒ 1986 අවුරුද්ද. මම කවදාවත් හිතුවේ නැහැ ඒ ටැටූ විලාසිතාව මගේ ජීවිතය වෙනස් කරයි කියලා. ඊට පස්සෙ ඒ වේදනාවට මම ආස කරන්න ගත්තා. ටැටූ එකක් කළාට පස්සෙ ඊළඟ එක කරනකල් මට ඉවසිල්ලක් නැති වුණා. ඒ විලාසිතාවට මම පි‍්‍රය කළා’
බොහෝ Body Modification කරන අය තමන් කලාකරුවන් ලෙස හැඳින්වුවද තමන් කලාකරුවෙක් නොවන බව ඇය පවසන්නීය. ඇය මෙම ටැටූ විලාසිතාවන් කරන්නේ එයින් තම ශරීරයේ සුන්දරත්වය වැඩිවන බවට තමන්ට ඇති හැඟීම නිසාය. එයින් තමන් බොහෝ සේ සතුටු වන බව පවසන ඇය තම ශරීරයේ ඇති ටැටූ විලාසිතාවන් අතරින් පපු ප‍්‍රදේශයේ නිර්මාණය කර ඇති ටැටූ විලාසිතාවට ආදරය කරන බව ප‍්‍රකාශ කළාය.
‘මට අනිත් අය කියන කතා වැඩක් නැහැ මම ගැන. එයාලා සමහරු මාව අගය කරනවා. සමහරු පිළිකුල් කරනවා. ටැටූ එකක් කරන කොට වේදනාවක් දැනෙනවා. හැබැයි මම ඒ වේදනාව විඳිනවා. මගේ කනේ ටැටූ කරන කොට මට ගොඩක් අමාරු වුණා. ටැටූ ශිල්පියාටත් ඒක ගොඩක් අමාරු කාර්යයක් වුණා. හැබැයි අපි ඒක කළා. මගේ ශරීරය ටැටූ විලාසිතාවලින් සරසන්න අද වෙනකොට ටැටූ ශිල්පීන් විසිදෙනෙකුට වඩා දායක වෙලා තියෙනවා. සමහරුන්ට ගොඩක් පුදුමයි ගැහැනියකගේ ශරීරයේ, ටැටූ විලාසිතාවලින් සරසන්න මෙච්චර තැන් තියෙනවද කියලා. එංගලන්තයේ ටැටූ ශිල්පීන් විතරක් නෙමෙයි ජර්මනිය, නෝර්වේ, ප‍්‍රංශය වගේ විදේශ රටවල් කිහිපයක ටැටූ නිර්මාණ ශිල්පීන් කිහිපදෙනෙක්ද මගේ ශරීරය අලංකාර කරන්න දායක වුණා.
මගේ ශරීරයේ ටැටූ විලාසිතා කරපු නිර්මාණ ශිල්පීන් අතර වැඩි ඉඩ ප‍්‍රමාණයකට දායකත්වයක් දුන්නේ බ්‍රේන්ට්, ඇලන් ඞීන්, ඬේව් ෆීලීට් සහ පෝල් වොර්නර් යන ශිල්පීන්. මොවුන් සියල්ලන්ම එංගලන්ත ජාතිකයන්. ඔවුන් ටැටූ නිර්මාණය කළේ තේමාවන් කිහිපයකට අනුවයි. එකක් තමා ‘වනජීවී’ අංශය. මම ගොඩක් කැලේ ඇවිදින්න, සත්තු බලන්න ආසයි. ඒ නිසා තමා ඒ තේමාව විශේෂයෙන් යොදා ගත්තේ. ඊළඟට ‘මල්’ අවසාන වශයෙන් ශෘංගාරාත්මක රසය මතුවෙන ටැටූ නිර්මාණත් භාවිත කළා’
නව ශත වර්ෂය ආරම්භයේදී එනම් වසර 2000දී ගිනස් වාර්තා පොතට එක්වූ ඇය මේ වනවිට වසර 13ක්ම ‘ලොව ශරීරයේ වැඩිම ප‍්‍රදේශයක් ටැටූ විලාසිතාවලින් අලංකරණය කරගත් වයස්ගතම කාන්තාව’ ලෙස නොකඩවා වාර්තා ගතව සිටින්නීය.

Female Tattoos

Female Tattoos

Female Tattoos

Female Tattoos

Female Tattoos

Female Tattoos

Female Tattoos
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ශරීරයේ වැඩි ප‍්‍රමාණයක් පුරාම ටැටූ ... ඉසබෙල් වර්ලෙයි Rating: 5 Reviewed By: Unknown