1917දෙසැම්බර් 16 දා එංගලන්තයේ සමර්සෙට් ප‍්‍රාන්තයේ උපත ලැබූ ආචාර්ය ආතර් චාල්ස් ක්ලාර්ක් මේ දෙසැම්බරයේ දී වසර අනූව සපුරයි. 1945 සිට විද්‍යා ප‍්‍රබන්ධකරණයේ නියැලී සිටින ජ්‍යෙෂ්ඨතමයා වන ආචාර්ය ක්ලාක්, තාක්‍ෂණික ශ්‍රේයෝභාවිවාදියකු ලෙස හඳුන්වමින් 2001 වසරේ දී The New York Review of Science Fiction සඟාවට රසල් බ්ලැක් ෆීල්ඩ් නම් විශේෂාංග ලේඛකයා ලියූ 2007 වසරේ දී අන්තර්ජාලයට ඇතුළත් කරන ලද (තරමක් දුරට වෙනස් කොට) ලිපියක් ඇසුරින් මේ ලිපිය සැකැසෙයි. මෙය සිංහල පාඨකයාට අලුත් ආකාරයක ක්ලාක් විචාරයකි.
මානව ශිෂ්ඨාචාරයේ සියලු යුගවල උත්ක්‍ෂේපණ නොහොත් හදිසි කැලැඹිලි පීඩා විපත් යනාදිය අත් දැක තිබේ; මහාමාරියෙන් වේවා, යුද්ධයෙන් ආගමික කලකෝලාහලවලින් ජාතිවාදි අරගලවලින් නොඑසේ නම් ඒකාධිපති පාලකයන් ගේ ජනසංහාර යනාදියෙන්. එහෙත් නවීන සමාජ, ගැඹුරු ආකාරයක වෙනසක් ගැන දැනුමක් ඇතිව සිටී.
සිය බෙදා හදා ගත් දැනුමේ පදනම, සදාචාර උපමාන, යනාදියේත් නිෂ්පාදනය, සමාජ සම්බන්ධීකරණය සහ සංස්කෘතික විභාවිතය (Social expression) යන ඒවායේත් ආපසු හැරී බැලීමක් සඳහා අපට ඇරියුම් කරයි. මේ පසුගිය සියවස් හතරේ විද්‍යා සහ තාක්‍ෂණ විප්ලවයේ නිපැයුම් ය. ඒවාට ඇති පිළිගැනීම විද්‍යා ප‍්‍රබන්ධවලට සංස්කෘතික පිළිගැනීමක් අත්පත් කැර ගන්නට ඉඩ සැලැසී ය. අපි ඒවායේ වෙනස්කම් සහ ප‍්‍රතිරෝධයන් සාදරයෙන් පිළිගනිමු,
එහෙත් ඒවා අපට ජීර්ණ වී අවසන් ය. එදිනෙදා ජීවිතයට ඇතුළත් ව පරම්පරා ගණනාවක් ඉදිරියට පවතිනු ඇත. අනාගත යුගවල දී අප දන්නා දේ, අප විශ්වාස කරන දේ, අප කරන කියන දේ අපට දුරස්ත ඒවා වනු ඇත.
එපමණක්ම නො වේ. කාලයේ ගැඹුර ඇසුරේ සහ අති විශාල විශ්වය තුළ සිදුවූ සිද්ධීන්හි ස්වාභාවික නිෂ්පාදනයක් ලෙස අප සිටින බව විද්‍යාව අපට කියා දී ඇත. තවදුරටත් පවසන්නේ නම් එය දෙවියන් වහන්සේ ගේ සිතැඟි නොවන බව ද අපි දැන් දනිමු.
අප සංස්ථාපනය වී ඇති ජීව විද්‍යාත්මක දැයට කිසියම් ඕජෝගුණයක් අතිරේක ව සම්බන්ධ වී නොමැති අතර, අප ගේ සවිඥානකත්වය අතිශය සංකීර්ණත්වයක සහ අප ගේ මොළයේ හා ස්නායු පද්ධතියේ ඇති අසංඛ්‍ය නියුරෝනයන් ගේ පැහැදිලි කරදිය නොහැකි තරමේ කි‍්‍රයාකාරිත්වයක ප‍්‍රතිඵල බව අපි දැන් දනිමු.
අප ගේ මොළයට සමාන හෝ එය ඉක්මවා යන හෝ ජීව විද්‍යාත්මක නොවන උපස්ථානු (Substrates) කි‍්‍රයාත්මක වීමේ හැකියාවක් ඇති වුව හොත් එදින සිට අප ගෙන් පැවැත එන්නවුන් ජීව විද්‍යාත්මක නොවන කෘති‍්‍රම බුද්ධියක් සමඟ ගනුදෙනු කරනු ඇත. අප ගෙන් පැවැත එන්නවුන් සිය භෞතික කි‍්‍රයාකාරකම්හි පවා ‘ජීවවිද්‍යාත්මක නොවන’ තත්ත්වයක් පෙන්නුම් කරන්නට ඉඩ තිබේ.
මේ සියල්ල ගැන සලකන කල අප ජීවත් වන්නේ පසු මානවීය තත්ත්වයන්හි බැව් කිය හැකි ය. මානුෂ ස්වභාවයෙන් සහ මානුෂික තත්ත්වයන් ගෙන් ඔබ්බේ පැවැතිය හැකි තාක්‍ෂණයන් ගැන සංකල්පනා මැවීම සිදු විය හැක්කකි. විසිවන සියවසේ අප අත්දුටුවාට වඩා නාටකීය වෙනස්කම්වලට සූදානම් වන්නට අප ගේ මනුෂ්‍ය විශේෂයට හැකියාව තිබිය යුතු ය.
ඒවා මානුෂිය බව ඉක්මවා යන හෝ මානුෂීය බව නොවන වෙනත් යමක් වන හෝ දෑ විය හැකි ය. මෙවැනි තත්ත්වයන් ගැන අප ගේ අවධානය යොමු කරවන සිනමා පට දෙකක් පවා හොලිවුඩ්හි නිෂ්පාදනය වූයේ ය. The Terminator (1984) සහ The Matrix (1999) යනු ඒවා යි. අමානුෂික යාන්ති‍්‍රක බුද්ධිය ආපසු හැරී සිය මැවුම්කරු පාලනය කරන අයුරු ඒවායේ කියැවේ.
මේ සංකල්පවලට බොහෝ ප‍්‍රභවයන් තිබේ. ඒවා දශක ගණනාවක්, නැත, සියවස් ගණනාවක් තුළ පැන නැඟී ශක්තිමත් වී ඇත. ඒවායේ විශේෂිත අන්තර්ගතය සහ යාවත්කාලීන ජනපි‍්‍රය භාවය ගුණාත්මක ව ඇගැයිය හැකි ය. මේ අතරින් ඉදිරියෙන් ම සිටින තැනැත්තා ආචාර්ය ආතර් සී. ක්ලාක් ය.
විද්‍යා ප‍්‍රබන්ධ ෂානරයේ මහා පුරුෂයන් අතරින් ප‍්‍රමුඛයා, එසේ ම අපට සිතා ගන්නටත් අපහසු අනාගතය දිවැසින් දකින්නා ඔහු ය. 1946 දී සිය පළමු ලිපි එකතුව පළ කිරීමේ සිට මේ දක්වා වන විද්‍යා ප‍්‍රබන්ධ රචකයකු ලෙස ඔහු ගේ දිගු ගමනේ දී ආචාර්ය ක්ලාක්ට පෙර පහළ වූ ශ්‍රේෂ්ඨයන් වූයේ නම් ඒ එක්කෙනකු හෝ දෙදෙනෙකි. එක් දහස් නව සිය පණස් ගණන්වල හැට ගණන්වල ඔහු දැන් අප ගෙවන සයිබර් යුගය ගැන අනාවැකි පැවැසී ය.
අනාගතය දිවැසින් දුටු ආචාර්ය ආතර් සී. ක්ලාක් ගේ බොහෝ සංකල්ප මුලින් ම පළ වූයේ ප්ලේබෝයි සඟාවේ ය. මේවා සංග‍්‍රහ කොට “අනාගතයේ පැතිකඩ” (PROFILES OF THE FUTURE) නමින් 1962 දී පළ කැරිණි. එහි සංස්කරණ 1973 සහ 1982 දී පළ වූ අතර, සිවු වන සංස්කරණය සහස‍්‍ර සංස්කරණය ලෙස 1999 දී පිටවිණි.
ඒ සංස්කරණයේ කංචුකයේ දැක්වෙන පරිදි ඒ රචනා සංග‍්‍රහයේ තේමාව මෙසේ ය. මේවා වනාහි නුදුරු අනාගතයේ දී මුදුන්පත් කැර ගත හැකි කාර්ය සිද්ධීන්ටත් වඩා අත්‍යන්ත ව ම සිදුවිය හැකි දේ ය.’ පොතේ අනුමාතෘකාව වන “භව්‍යතා සීමා ගැන විමසා බැලීමක්” (An Inquiry into the Limits of the Possible) යන්නට එය මනාව ගැලැපෙයි. එහි මුල් මුද්‍රණයේ සිට මේ දක්වා දශක හතරක් ගත වී ඇතත්, තවමත් එහි දැක්වෙන අදහස් යල් පිනූ ඒවා නො වේ.
එහෙත් සමහරක් මෙතෙක් සැබෑ බවට පත් නො වූ සිහින ය. පෞද්ගලික වායුපායානය (hovercraft) එවැන්නකි. ආසන හතරේ වායුපායානයක් මිල දී ගත් අයුරු ආචාර්ය ක්ලාක් මේ පොතේ විස්තර කරයි. එහෙත් හැසිරවීමට අපහසු ඒ ‘මෘගයා’ පදවාගෙන යෑම දුස්ස්වප්නයකි.
එය මුහුදු වෙරළක අතැර දමා එන හෙතෙම ඉන් මනත කිසි දිනෙක රෝද ඇති හෝ නැති කිසිදු වාහනයක් නො පදවයි. ‘වසර හතළිහකට පසු ව පවා මේ පරිච්ඡේදය නැවත කියැවීම දඬුවම් ලැබෙන, සිත වික්‍ෂිප්ත කරවන සුලු අත්දැකීමකි’ යි හේ කියයි.
ඔහු ගේ අනෙකුත් ලේඛනවල දී මෙන් ම ‘අනාගත පැතිකඩ’ කෘතියේ ද ආචාර්ය ක්ලාක් අසංගත නොවන මූලයන් දෙකක් ප‍්‍රදර්ශනය කරයි. එහෙත් එයට ඔහු ගේ විවේචකයන්ට ඔහු ගේ සංකල්පීය ජාලයෙන් රිංගා ගන්නට ඉඩ හරින තරම් සංකීර්ණ ය. පළමු ව හේ තෙමේ තාක්‍ෂණික ශ්‍රේයෝභාවි වාදියෙකි. (techno logical meliorist) උතෝපියා සිහිනවල ඉංජිනේරුවෙකි. ඔහු තාක්ෂණික නව සොයා ගැනීම් වෙනුවෙන් පෙනී සිටින්නෙකි.
එසේ ම ඔහු මනාව සංස්ථාපනය වූ නවීන විද්‍යාවත් තථ්‍ය ලෝකයේ ඉංජිනේරු තාක්‍ෂණයත් මනාව ග‍්‍රහණය කැර ගත්තෙක් ද වෙයි. දෙවනු ව හේ තෙමේ පසුමානවීය පරිකල්පනඥයෙකි. (Posthuman vissionary) මිනිසත් බව පරිණාමය වීම, මිනිසත් බව වෙනත් ගති ලක්‍ෂණ විසින් ප‍්‍රතිස්ථාපනය කරනු ලැබීම මිනිසත් බව ඉක්මවා යෑම ගැන විය හැකි සහ අනුමාන කළ හැකි සංසිද්ධීන් ඔහු ගේ සිත තුළ පිරී පවතී.
ආචාර්ය ක්ලාක් ගේ කෘති ඒවායේ අන්තර්ගත තාක්ෂණික සහ ගූඪ (අද්භූත) අන්තයන් නිසා නිතොර විවේචනයට බඳුන් වෙයි. ටොම් මොයිලන් නමැති මාක්ස්වාදි විද්‍යා ප‍්‍රබන්ධ විද්‍යාර්ථියා ඒ ගැන කියන්නේ මෙසේ ය.
‘ඔහු (ක්ලාක්) එක්සත් ජනපද හෝ අමෙරිකාකරණය වූ ලෝක ආණ්ඩුවක් විසින් අභ්‍යාවකාශය පාලනය කරනු ලැබීම ගැන ශක්‍යතා අනාවරණය කරයි. එමෙන් ම ඒ ගැන ප‍්‍රචාරක කාර්යයක ද නිරත වෙයි. ඔහු ගේ කෘතීන් හි දක්නා ලැබෙන අනෙක් දිශානතිය නම් මනුෂ්‍ය වර්ගයා සුපිරිතම ජාතිය බවට පත් වී මයි. මේ සුපිරිතමයෝ බොහෝ විට අනෙක් සෞරග‍්‍රහ පද්ධතිවලින් එන ඊටත් වඩා සුපිරිතම වර්ගයන් ගෙන් උපකාර ලබති. මෙය ඔහු ගේ චිත්ත සන්තානයේ කලින් පැලපදියම් වූ ගූඪත්වය දුරස්ත අනාගතයක ස්ථානගත කිරීමකි.
ක්ලාක් ගේ කෘතිවල තාක්‍ෂණික උත්තරවාදයයේ (technological advocacy) මූලයන්ද, සමීප අනාගතයට අදාළවීම, දුරස්ත අනාගතය ගැන සිත්සතන් තුළ පූර්ව අදහස් තබා ගැනීම යන කරුණු ද ගැන මොයිලන් කරන සඳහන නිවැරැදි නමුත් එය ගූූඪත්වය කෙරේ යොමු කරන්නේ ය යන ඔහු ගේ සඳහන පිළිගත නොහැක්කකි.
තාක්‍ෂණික ශ්‍රේයෝභාවීවාදියකු (සිංහල පාඨකයාට නුහුරු ශ්‍රේයෝභාවිවාදය යනු meliorism යන්නට පාරිභාෂික පදයයි. මෙය උපුටා ගනු ලැබූයේ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවේ දර්ශනය සහ තර්ක ශාස්ත‍්‍රය පාරිභාෂික ශබ්ද මාලාවෙනි. meliorism යන්නට එන්කාර්ටා ශබ්ද කෝෂයේ දී ඇති අර්ථ විවරණය මෙසේය. ප‍්‍රගතිය ගැන සහ අභිවෘද්ධිය ගැන ඇති විශ්වාසය; මිනිස් සමාජය අභිවෘද්ධිය කරා යෑමට ස්වාභාවික නැඹුරුවක් ඇතැයිද මේ ප‍්‍රගතියට ජනතාවට සවිඥානක ව සහාය විය හැකි යැයි ද යන විශ්වාසය. ) ලෙස ආචාර්ය ක්ලාක් සැබැවින් ම විශ්වය අනාවරණය කැර ගැනීම සහ එය ජනාවාසකරණය වෙනුවෙන් පෙනී සිටියේ ය.
මේවා හුදෙක් ප‍්‍රචාරක කටයුතු යයි කීමෙන් මොයිටල් වක් මඟින් කියතත් ඔහු දක්වන හේතු අසාධාරණ මෙන් ම ඔහු ගේ තර්ක වංක ද වෙයි. එළැඹෙන ද්‍රව්‍ය බහුල ලොව මනුෂ්‍යයා ගේ තත්ත්වය විමසිල්ලෙන් දියුණු කරන අතර යුග ගණන් ඇදී පවතින්නාවූ අරගල නොමැති ලොවක් නිමවනු ඇතැයි ද අප ගෙන් පැවත එන්නවුන්ට “දැනුම ගවේෂණයට සහ සුන්දරත්වය නිමැවීමට’ මුළු අවධානයෙන් ම යෙදී සිටින්නට අවස්ථාව සැලැසෙනු ඇතැ යි ද හේ සිය විශ්වාසය පළ කරන අතර ඒ ගැන අපේක්ෂාවෙන් පසු වෙයි.
කෙසේ වෙතත් ආචාර්ය ක්ලාක්, තාක්‍ෂණික වෙනස්කම්ල අනෙක් පැත්ත නොසලකා හරින සරල මෝඩ අදූරදර්ශි තාක්ෂණික ලැදියෙක් නො වේ. ඔහු චන්ද්‍රිකා සබඳතාවලින් එකෙකාට අමතන මිනිසුන්, වාර්තා සටහන් තබා ගන්නා යාන්ති‍්‍රක මෙවලම් යනාදිය ගැන සහ පරිගණක ගැන අනාවැකි පළ කර වසර හතළිහකට පසු ව ය අපට ඒවා භාවිතයට අවස්ථාව ලැබෙන්නේ. ඔහු මේවායේ වාසි ගැන සහ පිරිවැය ගැන ධනාත්මක ව අදහස් පළ කරන අතරවාරයේ දී ම සමාජ සාරධර්ම පහළ වැටීම සහ අසමානකම ‘ගල්වීම’ ගැන ද අන්තරාය හඟවයි. ‘ගෝලීය සාරධර්ම පිරිහීමක් ගැන අතිමහත් අන්තරායයක් තිබේ. මිනිසා ගේ සංස්කෘතික උරුමයේ අවපාතය, එහි සිරස බිඳ දැමීමෙන් ලැබිය හැකි ඉහළ මිලෙන් පියවා දැමීම නොකළ යුතු ය.’
පසුමානවීය, පරිකල්පනඥයකු ලෙස ආචාර්ය ක්ලාක්, අපට මොළයේ සහ සිරුරේ පශ්චාත් ජීව විද්‍යාත්මක වැඩි දියුණු කිරීම් සහ බුද්ධිමත් යන්ත‍්‍ර සූත‍්‍ර මඟින් මනුෂ්‍යත්වය අතික‍්‍රමණය කිරීම අතර දසුන් ඉදිරිපත් කරයි. මිනිසුන්ට සැම දා වැඩිවන දැනුම සමඟ පෑහී කටයුතු කිරීම සඳහා මොළය හැසිරැවිය හැකි කිසියම් යාන්ති‍්‍රක මෙවලමක අවශ්‍යතාව ඔහු පෙන්වා දෙයි. ‘අනාගතයේ පැතිකඩ’ ග‍්‍රන්ථයේ ‘යන්ත‍්‍ර පරිණාමනය’ නම් පරිච්ඡේදය වෙන් ව ඇත්තේ ඒ සඳහා ය. එහෙත් එවැන්නක් මෙතෙක් සොයාගනු ලැබ නොමැත.
ආචාර්ය ක්ලාක් කියන පරිදි “ජීව විද්‍යාත්මක පරිණාමනය යාන්ති‍්‍රක පරිණාමනයේ ශීඝ‍්‍රගාමී බවට මඟ හෙළි කොට ඇත. එය මෝඩ ලෙස සහ තේරුම් බේරුම් කැර ගන්නට ශක්තියක් නොමැතිකම නිසා යන්ත‍්‍රය මිනිසා අභිබවා යනු ඇත. “මිනිසා සහ යන්ත‍්‍ර අතර සහ සම්බන්ධයක් පවතින ‘කෙටි’ ස්වර්ණමය යුගයක් පවතිනු ඇතැ යි හේ කියයි. මිනිසුන් සිය ‘නව සහායකයන්’ සමඟ උද්දාම වන යුගයකි ඒ. එහෙත් කොපමණ කළත් මේ සහ සම්බන්ධය පවතිනු ඇත් ද? එහෙත් The matrix වැනි නිර්මාණවල එන පරිදි යන්ත‍්‍ර මනුෂ්‍යයා අභිබවනු ඇතැයි ඔහු පරිකල්පනය නො කරයි. මනුෂ්‍යයා සිය අනභිබවනීය බව යාන්ති‍්‍රක බුද්ධිය මඟින් ළඟා කැර ගනු ඇත.
තාක්‍ෂණික ශ්‍රේයෝභාවීවාදය සහ පසුමානවීය පරිකල්පනය යන ඒවායේ සුසංයෝගය අනාගතයේ පැතිකඩ ග‍්‍රන්ථයේ එන එක් ඡේදයක ආචාර්ය ක්ලාක් හකුළුවා දක්වයි. අජටාකාශ ජනාවාසකරණය ගැන ලුයිස් මම්ෆෝඩ් නමැති විද්‍යාඥයා ගේ විවේචනයක් ගැන කරන සඳහනක දී ඔහු මෙසේ කියයි: “අජටාකාශ චන්ද්‍රිකාවක දී හෝ මුඩු ම සඳබිම මත පැවැත්ම මානව ජීවිතයකට කිසියම් සමානකමක් දක්වන්නේ යයි කිසිවකුට අප රැවැටිය නොහැකි යයි ඔහු (මම්ෆෝඩ්) කියයි.
අතීතයේ වසර බිලියන ගණනාවකට පෙර උභය ජීවියකු මත්ස්‍යයකුට වියළි බිමේ වාසය ගැන කියන්නට ඇත. මාළුවා ගේ පිළිතුර වන්නට ඇත්තේ වියළි බිමක පැවැත්ම කිසියම් ආකාරයකින් මත්ස්‍ය ජීවිතයට සමානකම් නොදක්වන බව යි. අපි මත්ස්‍යයන් මෙන් ම සිටිමු!’ උහු එසේ කොළෝ ය. උහු අදටත් මත්ස්‍යයෝ ම වෙත්. ක්ලාක් ගේ පරිකල්පනවලින් හැඟැවෙන දේ නම් මිනිසා මනුෂ්‍ය ස්වභාවයෙන් ඉදිරියට යා යුතු බව යි. එය අජටාකාශ ජනපද ම නොවිය හැකි ය.
හරියට මාළුවා පරිමාණයේ දී මත්ස්‍යත්වයට වැඩි යමක් බවට පත් ව ඇතිවාක් මෙනි. ක්ලාක් අපේක්ෂා කරන්නේ මේ මඟින් හෝ වෙනත් මඟකින් මිනිසා මානුෂීයත්වය ඉක්මවා යා යුතු බව යි. 1946 වසරේ දී අනාගතයේ පැතිකඩ ලියන විට ඔහු පදනම් කැර ගත්තේ ඒ අපේක්ෂාව යි. ඒ කිසියම් ආකාරයක ගුඪවාදයකින් නො වේ. විද්‍යාත්මක ලෝකයේ පොළෝගත කැරුණු උප කල්පිත අනුමානයන් සහ නුදුරු අනාගතය ගැන ඔහු ගේ සිතුවිලිවලිය ඇසුරෙනි.
ක්ලාක්ගේ සමහර කෘතිවල ජීවිතයේ සහ බුද්ධියේ අත්‍යන්ත අනාගතය ගැන රැඩිකල් අනුමානයක් අඩංගු ය. සිත අප දන්නා පරිදි ධූසරවල (matter)නො ව වෙනත් ආකාරයක පැවැතිය හැකි ය යන ගූඪ ලෙස පෙනෙන ප‍්‍රකාශය ඉන් එකකි. මෙය ‘අනාගතයේ’ පැතිකඩ වෙතට අදහසක් ලෙස ඇතුළත් කළ කල්හි අවංක නොවන ඇඟැවීමක් විස්මයාවහ ලෙස එහි අඩංගු වීය.
බුද්ධිය ජීවිතය තුළින් ම පැන නැඟෙන්නා සේ ම ජීවිතය විසින් ම අතහැර දමනු ද ලබයි. එ නමුත් පරිකල්පනයක් නැති කෙනකුට මෙය අඩමානයකි. එවැන්නකු එය නිග‍්‍රහාත්මක ව ඉවත දමනු ඇත.
අනාගතයේ පැතිකඩ ග‍්‍රන්ථයේ එන කරුණු පසු ව ආ ඔහු ගේ නවකතාවල අඩංගු වූ බව පාඨකයෝ දනිති. සිරුරෙන් ඉවත්වූ මානසිකත්වය (මනෝකාය?) ගැන ඔහු ගේ සමහර මහා නවකතාවල ඇතුළත් ව තිබේ. එළැඹීමට එරෙහි ව‘ (1948), ‘පුරවරය සහ තරු’ (1956) ‘ළමා වියේ නිමාව‘ (1954) ඊට නිදසුන් ය.
ආචාර්ය ආතර් සී. ක්ලාක්ගේ තාක්‍ෂණික ශ්‍රේයෝභාවිවාදය සහ පසුමානවීය අනාගතය ගැන ඔහු ගේ දැක්ම හා අත්‍යන්ත බුද්ධියේ ගැටලු සම්බන්ධයෙන් වූ ඔහු ගේ අනුමාන වටහා ගත හැක්කේ සියල්ල සමස්තයක් වශයෙන් ගත් කල ය. එසේ ම ඔහු ගේ මත සහ ප‍්‍රකාශ වාද විවාද වලට බොහෝ දුරින් පිහිටියේ ද නො වේ.
ඔහු ස්නායු ආබාධයෙන් පෙළන්නෙකැ යි කිසිවකු චෝදනා කරනු ඇත. තවත් කෙනකුට අනුව ඔහු පිස්සු විකාරකාරයෙකි. මන්දයත් අනාගතයේ පැතිකඩ ග‍්‍රන්ථයේ දක්වා ඇති පරිදි මිනිසා කිසි දිනක අභ්‍යාවකාශය අත්පත් කැර ගන්නේවත්, එය පාලනය කරන්නේවත් නැති නිසා ය. එය එසේ යයි ක්ලාක් කියයි. හිරු සඳු තරම්, සමහරවිට මුළුමහත් විශ්වය තරම් සුවිසල් දැනුමක් සහිත අමරණීය බුද්ධිමතකුට පවා එහි සංකීර්ණ ස්වභාවය වටහා ගත නොහැකිවනු ඇති නිසා ය.
අනාගතයේ පැතිකඩ ග‍්‍රන්ථය කෙරේ ක්ලාක්ගේ ද විවේචනයක් තිබේ. ඒ ග‍්‍රන්ථය වෛද්‍ය සහ ජීවවිද්‍යාත්මක කරුණු ගැන සවිස්තර ව සාකච්ඡා කරන්නට උත්සාහයක් දරා නැත යන්න යි ඒ. කතුවරයා ගේ වඩාත් ම වැදගත් පොතේ එවැනි අත්හැර දැමීමක් පුදුම සහගත ය.
විශේෂයෙන් ම පසු ව ආ සංස්කරණවල දී එය වෙනස් කරන්නට ඉඩ ප‍්‍රස්තාව තිබිය දී පවා. උදාහරණයක් ගත හොත් එක්දහස් නමසිය හැට ගණන්වල සොයා ගත් ප‍්‍රතිසන්ධිය වැළැක්වීමේ පෙත්ත සඳහන් කළ හැකි ය. මේ පෙත්ත බටහිර ජනයා ගේ ලිංගික කි‍්‍රයාකාරකම්වල බරපතළ වෙනසක් ඇති කෙළේ ය. ඒ වනාහි ‘අනාගතයේ පැතිකඩ’ ප‍්‍රථම සංස්කරණය බිහි වූ අවදියේ ම ය.
මෙය ඒ පොතේ දුබලතාවක් ලෙස සැලැකේ. එහෙත් එය ක්ලාක් චින්තනයේ ඌනතාවක් යයි කිව නො හැකි ය. මන්දයත් ඒ කාලයේ දී ම නිකුත් වු ඔහු ගේ ‘ළමාවියේ නිමාව‘ නම් ග‍්‍රන්ථයේ, එක් දහස් නව සිය හැට ගණන්වල ලිංගික විප්ලවය උපකල්පනය කළ හැකි කරුණු ඇතුළත් වන හෙයිනි ඒ වනාහි ඒ පෙත්ත සංවර්ධනය කොට සකසා නිපදවා වෙළෙඳ පොළට ඉදිරිපත් කරන්නට කලකට පෙර ය.
පසුමානවීය අනාගතය නුවණින් දකින්නට හෝ අත්‍යන්ත අනාගත බුද්ධිය සම්පේර්ක්ෂණයේ යෙදෙන්නට ක්ලාක්ට පූර්වගාමීත්ව යේ ආභාසය නොතිබුණේ යයි කිය නො හැකි ය. එහෙත් ක්ලාක්ට කලින් කවර ලේඛකයකු මේ අදහස් මුලින් පළ කළා දැයි කිය නො හැකි ය.
ඒ කෙසේ වෙතත් ක්ලාක් වනාහි නවමු අදහස් මුලින් ම ඉදිරිපත් කළ චින්තකයා සහ ලේඛකයා යන දෙදෙනා ම ය. සිය සිතේ පහළ වන අදහස් විචිත‍්‍ර ලෙස ලියා පළ කරන්නට ඔහු දක්වන සමත්කම් පනහේ දශකයේ සිට ම දැක ගත හැකි ය. සත්‍යය නම් විද්‍යා ප‍්‍රබන්ධ ක්‍ෂේත‍්‍රය වැඩී නැඟී සිටියේ ඔහුත් සමඟ ය යන්න යි. එදා සිට මේ දක්වා එහි ඔහු ගේ බලපෑම දැක්ක හැකි ය.
පසුමානවීය විද්‍යා ප‍්‍රබන්ධ ක්‍ෂේත‍්‍රයේ ඔහු ගෙන් පසු පරපුර වන්නේ එරික් ඩේරක්ස්ටර්, හාන්ස් මොරාවෙක්, රේ කුර්ස්වෙයිල්, ෆ‍්‍රෑන්ක් ටිප්ලර් වර්නර් වින්ජ් සහ ග්‍රෙග් ඊගන් වැනි අය යි. එතෙකුදු වුව ආචාර්ය ආතර් සී. ක්ලාක් තවමත් විද්‍යා ප‍්‍රබන්ධ ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයා ය.
පසුමානවීය තේමාවලින් යුතු ව සහ බුද්ධිමත් භාවයේ අනාගතය ගැන ලියැවෙන කුදු මහත් රචනාවල පාදක සටහන්වල (foot notes) ක්ලාක් ගේ නම සහ අදාළ ඔහුගේ කෘතියේ නම සඳහන් වනු නිතර දැක්ක හැකි ය.
ඔහු ගේ කෘති, මුල් යුගයේ ඒවා පවා, අදටත් නැවුම් කාව්‍යාත්මක බසින් යුතු වන්නේ, තව බොහෝ කලක් විරාජමාන වනු ඇත.

0 comments:
Post a Comment