728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 3 April 2014

උතුරු මැද 6.6% ක්‌ ළමා වියේදීම විවාහ වෙනවා

මෙය සමාජ ව්‍යසනයක්‌...

විශේෂයෙන් මවුවරුන් රට යැම නිසා ගැහැණු දරුවන් අනාරක්‍ෂිත තත්ත්වයට පත්වීම ඇතැම් රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වන වැඩසටහන් මගින් ළමා සිත් කැළඹීම වැනි හේතූන් නිසා ළමා වයසේ ගැහැණු දරුවන් විවාහ වලට බැඳී ඇතැයි සඳහන් කළ චන්දිම මහින්දසෝම ගමගේ මහතා මෙය මවුපියන්ගේ මෙන්ම රාජ්‍ය පාලකයන්ගේද බරපතල වගකීමක්‌ යෑයි සඳහන් කළේය.

 ළමා ජීවිතවලට සැබෑ ආරක්‍ෂාවක්‌ හා මඟ පෙන්වීමක්‌ නොලැබීම නිසා සිදුවන විවාහ වලින් 6.6% ක්‌ වයස 12 සිට 16 දක්‌වා වූ පාසල් ගැහැණු දරුවන් සමඟ විවාහ ගතවන බව කරන ලද සමීක්‍ෂණයකින් හෙළිදරව් වී තිබෙනවා. මෙය මහත්ම සමාජ ව්‍යසනයක්‌. උතුරු මැද පළාත් සභාවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම ගමගේ මහතා සිය කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
විශේෂයෙන් ළමාරක්‍ෂක කටයුතු භාර ඇමැතිවරයා ළමා අධිකාරිය භාර සභාපතිනිය ඉන්නෙ අනුරාධපුරයේ. ළමා අපචාර හා අපයෝජන වැඩිවී තිබෙන්නෙත් ළමා විවාහ වැඩිවී තිබෙන්නෙත් අනුරාධපුරයේ. අනුරාධපුරයේ දුවා දරුවන් ටික රැකබලාගැනීමට මීට වඩා විධිමත් වැඩපිළිවෙළක්‌ ඇතිවිය යුතුව ඇතැයි චන්දිම මහින්දසෝම ගමගේ මහතා වැඩිදුරටත් පැවැසීය.






තලාව - එප්පාවල - රත්න බී. ඒකනායක
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: උතුරු මැද 6.6% ක්‌ ළමා වියේදීම විවාහ වෙනවා Rating: 5 Reviewed By: Unknown