ජීවන අරගලය බරපතළ වත්ම බොහෝ දෙනා දෙවියන්ගේ පිහිට පතති. දැන් දෙවියන්ට ද පිහිට වී ඇතිවී ඇති සෙයකි. මිනිසුන් දැන් දේවාලවලට යන්නේ අඩුවෙන් දැයි සිතේ. මාස් පඩියෙන් තමා ඉදිරියේ තිබෙන සියලු දේ තබා කීපයක් වත් කරගත නොහැකි වන තැන මාස් පඩිකාරයා මායා සිහිනවල සැරිසරන්නේ ය. විටෙක ඔවුන් අපගේ ආලින්දයට ද එන්නේය. ඒ මුදල් ඉලක්ක කරගත් මාධ්‍ය මඟින් පවත්වන විවිධ තරගකාරි වැඩසටහන් මඟිනි.
වෙනදා අතමාරුවක් ඉල්ල ගත්තේ එහා ගෙදර හිතවතාගෙනි. අද ඉන්දියානු හෝ වෙනත් ධන කුවේර මුදලාලිලාගෙන්... ආපසු ගෙවන විට ණය පොලී මෙන්ම ආධ්‍යාත්මය ද පවරා දිය යුතුය. මාස් පඩිකාරයා හැමදාම ණය ය. හැමදා නියං එකදා වැහි වලාවේ කියා මසකට වරක් ලැබෙන සොච්චම ඉතිරි කරන්නේ තවත් මාසයකට ණය පොලියක් පමණි. ඒ අතර ක්‍රෙඩිට් කාඩ් කිඹුල් කඳුළු හෙළන්නේ ය.
අනුරසිරි හෙට්ටිගේද මාස් පඩිකාරයෙකි. ඔහුගේ ළඟම හිතවතුන් කීප දෙනකු මෙන් ම ඔහු ද කලක් ක්‍රෙඩිට් කාඩ් උගුලේ සිර වී සිටියේ ය. මුලින් ම රිදී බන්දේසියක තැබු ක්‍රෙඩිට් කාඩ් පත ය. පසුව අසීමිත නිදහස ය. සාක්කුවේ කාඩ්පත මනැසට බලපෑම් කරයි. “වැටුප මෙන් තුන් ගුණයක් ණයට ගනිං” නිතර සිත කියයි. මෙය තෘෂ්ණාව ඇතිකරවන යන්ත්‍රයක්දෝ අනුරසිරිට සිතෙයි.
“තන්හාය ජායතී සෝකෝ - තන්හාය ජායතී භයං”
අවශ්‍යතා සංකීර්ණ වත් ම ක්‍රෙඩිට් කාඩ්පත දෙවියෙකි. අතමාරුවකට අසල්වැසියන්ගේ ආඩම්බර බැලු කාලය අහවර ය. ණය ගෙවීමට අතපසු වුවහොත්? රිදී බන්දේසිය මත තබා දුන් ක්‍රෙඩිට් කාඩ්පත අනුරසිරිටත් සිය හිතවතුන්ටත් එපා විය. මේ ක්‍රෙඩිට් කාඩ් උගුල පිළිබඳ කල්පනා කරන අනුරසිරිට කුඩා පුවත්පතක සටහනක් කියවන්නට ලැබුණි. එහි මුකේෂ් අම්බානි පිළිබඳ සටහනක් විය. ලෝකයේ ධනවතුන් අතරින් හතර වැනි තැන ඔහු ය. ඔහු ඒ තරම් ඈත නැත. ඉන්නේ ඉන්දියාවේ ය. අන්ත දුගීන් පවා සිටින තුන්වැනි ලෝකයේ රටක ය. අපට ඉතා ආසන්න ය. මේ ක්‍රෙඩිට් කාඩ් උගුලේ පැටලෙන ණයකාර මාස් පඩිකාරයකුට පිහිට වෙනවානම් ආසන්නයේ සිටිනා එකම පොහොසතා ඔහු ය. අනුරසිරි හෙට්ටිගේ “මුකේෂ් අම්බානිලා සහ අපි” නමින් කෙටිකතාවක් ලියන්නේ ය.
රිදී බන්දේසිය මත තබා දෙන ක්‍රෙඩිට් කාඩ්පතේ ඉතිරි කතාව ඔහුගේ කෙටිකතාවෙන්ම උපුටා ගත හැකි ය. “ක්‍රෙඩිට් කාඩ් පොලී කාරයෝ හරිම අමාරුකාරයෝ ටිකක්. උන් නඩු දානව කියල බය කරල බැරිම තැන ලැජ්ජ කරන්නත් හදනවනෙ. එහෙම කළාම ලැජ්ජාවට බයේ අපි ණය ගෙවයි කියල උන් හිතනව ඇති. ඒත් මේ වෙනකොට අපේ ලැජ්ජ නහර කැපිල නිසා...”
සුනිල් ජයසිරි එසේ සිතුවේ ය. ඔහු ක්‍රෙඩිට් කාඩ්වලින් ම ණය වූ මාස් පඩිකාරයෙකි. ඔහු ණයබරින් මිදීම ගැන කොතරම් කල්පනා කරත් ද කියතොත් ඔහු දැන් සිටින්නේ ඔහු ම මවා ගත් අපූරු ලෝකයක ය.
දිනක් ඔහුට මුකේෂ් අම්බානිගෙන් ඊමේල් පණිවිඩයක් ලැබෙයි. ඒ, ඔහුගේ ඇන්ටිලියා නිවසේ පැයක හමුවකට ආරාධනාවක් සමඟය. තව ද ඒ හමුවීම වෙනුවෙන් ඉන්දියන් බැංකුවේ ලංකා ශාඛාවේ සුනිල් ජයසිරි නමින් රුපියල් විසිපන් ලක්ෂයක් බැර වෙයි. සුනිල් ජයසිරි ඒ මුදලින් කළ යුතු දේ ආවර්ජනය කරයි. රංජනීට “ඕලොක් මැෂිමක්” නිවසේ පුංචි ව්‍යාපාරයකට ඉඩ සැලසීමක් වැනිය. දියණිය නගරයේ ජනපි‍්‍රය පාසලට දැමීමට ලක්ෂයක් වියදම් කළ යුතුය. ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවිය යුතුය. ඉතිරි පුංචි පුංචි ණය ගෙවීම දෙවනුවට ය. නව සැලැස්මකට නිවසක්, ඉන්දියන් සිවිලිමක්. කුස්සියට ඉන්දියන් ඉලෙක්ට්‍රික් බඩු, ඉන්දියන් කාර් එකක්. මුකේෂ් අම්බානි කොච්චර හොඳ මිනිහෙක් ද?
ලෝක ආර්ථිකයේ ඒකාධිකාරය හා ණය සහ සූරා කෑමේ දේශපාලන දර්ශනය ද පසක් වන්නේ ය. උන්ම දී උන්ම උදුරාගෙන කන්නේ ය. අම්බානි හොඳ මිනිසකු ලෙස විරාජමාන වන්නේය.
ජයසිරි මුකේෂ් අම්බානිගේ නිවසට යන්නේ ය. අයිශ්වර්යා රායිලා ඔහුව අම්බානිගේ මාලිගයට කැටුව යන්නේ ය. එය රුපියල් බිලියන එකසිය පනහක් වියදම් කර තනන ලද නිවෙසකි. ඒත් මුකේෂ් අම්බානි සරල මිනිසෙකි. අම්බානි ජයසිරිට සිය ජීවිතයෙන් බිඳක් හෙළි කරයි.
“අපේ තාත්තා ගිරුභායි අම්බානි. සුද්ද හදපු පාර දිගේ ඒඩ්න් කොලනියට ගියා. ඒ රටට දැන් කියන්නේ යේමනය කියලා. සුද්දෙක් ළඟ තෙල් කොම්පැණියක වැඩ කළා. තාත්තා නියම ඉන්දියන්කාරයෙක්.”
අපේ අයත් සුද්දා පිටිපස්සේ ගියේය. ඒ නිකම්ම නොවේ. ආගමත් නමත් වෙනස් කරගෙනය. අපි සුද්දගේ පිටිපස්සෙ ගියා මිසක් ඌ කැපු පාරේ ගියේ නැහැ නොවේ දැයි අනුරසිරිට සිතෙයි.
අම්බානි ජයසිරිට හීන් සැරේ වැරෙන් පහරක් එල්ල කරයි.
“මිස්ටර් ජයසිරිලගෙ රටට ලෝකෙ දිහාවට යන්න තියෙන්නේ ඉන්දියන් සාගරය විතරයි. ඒ කියන්නෙ ඉන්දියාව කියන නම අමතක කරල කොහේටවත් යන්න අමාරුයි.”
අම්බානි උදව් කරන්නේ නිකම්ම නොවේ. ක්‍රෙඩිට් කාඩ් උගුලේ පැටලී සිටින ජයසිරිට අම්බානි දෙවියෙකි. ඔහුට නැවතත් ක්‍රෙඩිට් කාඩ් ණය සිහි වෙයි. එය හතළිස් දහසක ණයක් සහ හතළිස් හත් දහසක පොළියකි. දැන් බයක් නැත. මුකේෂ් අම්බානි රුපියල් විසිපන් ලක්ෂයක් ගිණුමට බැර කරනු ඇත.
මුකේෂ් අම්බානි මෙතරම් ලාංකේය ජනගහනයක් අතුරින් ජයසිරිව ම තෝරා ගත්තේ කෙසේ ද? එය ද අහඹුවකි. ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ ඊමේල් ලිපින රාශියක් ඇසුරින් දෑස් පියාගෙන තෝරාගත් ඊමේල් ලිපිනය ජයසිරිගේ වීම නිසාම ජයසිරිට මේ භාග්‍යය උදා විය. ඔහුට මහන්සි වීමට දෙයක් නැත. වාසනාව පාමුලට ම ඇවිත් ඇත. ණය කාරයන්ට ණය බරින් වෙලී පීඩිතව සිටින විට මෙ වැනි හැඟීම් මිස උත්සාහය පුබුදුවන හැඟීම් ඇතිවිය හැකි ද? ගිලෙන්න යන විට පිදුරු ගහෙත් එල්ලෙන්නේලු. ඒ, පිදුරු ගසක් තිබුණොත් පමණි. පිදුරු ගසකුදු නැති දියේ නොගිලෙන්න නම් අම්බානිලාම ඇවිත් බේරාගත යුතු ය.
දැන් ජයසිරිගේ වෙන්වූ කාලය අවසන් ය.
“මුකේෂ් අම්බානි සුන්දර හිනාවත් අරන් ආපහු ගියා. එයා දොර ළඟට ගිහින් යන්තමට අතක් උස්සල මට ආචාර කරද්දි මං මොකවත් ම හිතාගන්න බැරුව ගල් ගැහිල හිටියෙ. එයා එක පාරට ම නොපෙනී ගියා. මං තාමත් මෙතන. දාඩිය දාගෙන වෙව්ල වෙව්ල ලී පටි කැඩිච්ච ඇඳක් උඩ.”
රංජනී ගැසු පහරකින් පියුමී කෑගසා හඬනු ජයසිරිට ඇසේ. පියුමි ඉන්දියන් දිගු රැළි සාය ඇඳගෙන වැලමිට දක්වා දිගු හැට්ටය ද ඇඳගෙන නළල් තලයට වැටෙන ඉන්දියන් පලඳනාව පැලඳ පැරණි ඉන්දියානු චිත්‍රපට ගීයකට නර්තනයේ යෙදීමට සූදානමින් සිටී.
“ඇයි මොකද වුණේ?”
“මොකක් වෙන්ඩ ද? මේකිට මේ ටික දවසවත් ඉවසන් ඉන්න බැරි හැටි... කකුල රිදෙනවා, ඔළුව රිදෙනවා කියල හරි යනව ද? තව දවස් කීය ද ෆයිනල්ලෙකට... මාස ගාණක් මං මේකිවත් ඇදගෙන මෙච්චර දුරක් ආවා... ලිට්ල් ඉන්ඩියන් ඩාන්සින් සටාර් එකේ අන්තිම දොළොස් දෙනාට එනව කියන එක සුළුපටු දෙයක් ද? දෙයියනේ මේකි මහන්සියි කියල අතඅරින්න හදන්නෙ ලක්ෂ පහක්?
ණයකරුවන් හා ක්‍රෙඩිට් කාඩ්පත යක්ෂාවේශයෙන් පුංචි දරුවන් ද බිල්ලට ගෙන ඇත. අහිගුණ්ඨිකයාට විවාහ වන විට නයි පෙට්ටියත් රිළා පනික්කියාත් ලැබෙන්නේ ය. ඒ නටවා මුදල් සෙවීමටය. දැන් අහිගුණ්ඨිකයාට ද නැටීමට සිදුවී ඇත.
දිස්ත්‍රික් උසාවියෙන් පැමිණ අතටම බාර දුන් සිතාසිය ටීපෝව මතය. ඒ සැබෑ ලෝකයේ ණය කරුවාගේ සහතිකයය.
තාත්තේ මේං කෝල් එකක්.
කෝල් එකක්?
සුනිල් ජයසිරිගේ ගමන ඉක්මන් විය. කකුල ටීපෝවේ ගැටි සිතාසියත් මල් බඳුනත් දෙකම බිම වැටුණි. ඒ දෙස නොබැලු ඔහු රිසීවරය අතට ගත්තේය. ඉන්ඩියන් මොඩල් එස් එල් රූපවාහිනී නාළිකාව ඔහුට කතා කරන්නේ “මිතුර ඔබ කෝටිපතියෙකි” වැඩ සටහනටය.
“අපි ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තර දුන්නොත් ඔයා ගොඩ රෙඩී ද?”
“ඕ... ඔව් මං රෙඩී”
ලංකාවට වැඩියෙන්ම ආදරේ ඉන්දියාව ද? නැත්නම් චීනය ද?
“ඉන්දියාව“
“යර්ස්... යූ කරෙක්ට් බිලීව් මී. මිස්ටර් ජයසිරි. යූ හෑව් සිලෙක්ටඩ්. ඔයා හොට් සීට්ටෙකට තේරිලා... රුපියල් කෝටියක් ඔයාගෙ අත්දෙක ඉස්සරහ වැනෙනවා... ඔය ජයග්‍රාහකයෙක් විය හැකියි.
“රංජනී... රංජනී...”
කනේ තිබු රිසීවරය ටෙලිෆෝනය උඩට අතහැරෙද්දී සුනිල් ජයසිරි නිවසින් පිටතට දිව ගියේය.
තාමත් සිතාසිය බිම වැටී ඇත. සැබෑ ලෝකයේ ඔහු නඩු වැටුණු ණයකාරයෙකි. මායා ලොවක ඔහු කෝටිපතියෙකි. සැබෑ ලෝකයේ නයාට, රිළවාට මෙන්ම පනික්කියාට ද නැටීමට සිදුව ඇත.

0 comments:
Post a Comment