යාන්තම් දැනුම් තේරුම් වන අවදියේ පටන් රේඩියෝ නිවේදක නිවේදිකාවෝ අපගේ සවන් හා හදවත්වලට සමීප වී සිටියහ. කරුණාරත්න, අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, සරත් විමලවීර, ලලිත් එස්. මෛත්‍රීපාල, ආරියදාස පීරිස්, රංජිත් පීරිස්, අසෝක තිලකරත්න, ඩී.එස්. දයාරත්න, අමරබන්දු රූපසිංහ, සිරිල් රාජපක්ෂ, ප්‍රේමකීර්ති ද අල්විස්, පාලිත පෙරේරා, කේ.ඩී.කේ. ධර්මවර්ධන, බර්ටි ගලහිටියාව, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, ආරියසිරි විතානගේ, හේමජිත් ප්‍රනාන්දු, ජයන්ත පීරිස්, චන්ද්‍රා වයමන්, දයා ද අල්විස්, රත්නාලංකා අබේවික්‍රම, කුසුම් පීරිස්, ශ්‍රීමා අධිකාරි, සුමනා නෙල්ලම්පිටිය, සුමනා ජයතිලක, සුජාතා ගුණවර්ධන වැනි නිවේදක නිවේදිකාවන් ගැන මේ මොහොතේ මෙනෙහි වේ. එකිනෙකාට වෙනස් හඬවල් හා අනන්‍යතා සහිත වූ ඔවුහු අපට ආස්වාදය මෙන්ම දැනුමද ගෙන ආහ. රූපවාහිනිය නොතිබූ ඒ යුගයේ ඔවුහු අපේ ජීවිතවලට කොටසක් ලෙස ළංවී සිටියහ. අප බොහෝ දෙනා සතුව තිබූ නිර්මාණ හැකියාවන් එළි දුටුවේද ඔවුන් ඉදිරිපත් කළ විවිධ වැඩසටහන් තුළිනි.
“සවස හයයි. මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය සිරිල් රාජපක්ෂ විසින්...” යනුවෙන් ගාම්භීර හ¾ඩින් ඇසෙද්දී ‘ඇඟේ මවිල් කෙළින් වෙයි‘. ලලිත් එස්. මෛත්‍රීපාල මෝහනීය හ¾ඩින් කවියක් කියා අසන්නන් අමතන විට සිත් සුවපත් වෙයි. ‘ශනිදා සාදයෙන්’ හෝ ‘කනිටු සරසවියෙන්’ අසෝක තිලකරත්නයන් අප අමතන විට මිතුරු පෙමක් දැනේ. හේමජිත් ප්‍රනාන්දු ‘සේවක සංග්‍රහයෙන්’ හෝ ‘පිළිසඳරෙන්’, ‘සැඳෑ මිහිරෙන්’ හමුවන විටද එසේමය. ප්‍රේමකීර්ති සවන්
තුළින් සිතට රිංගයි. ඒ මිහිරි මතක සිහිපත් කිරීමද සුවයකි.
රූපවාහිනිය පැමිණීම හා පුද්ගලික ගුවන්විදුලි විකාශන ඇරඹීම සමග මේ තත්ත්වයන් හා වෙනස් වී ගියේය. අතීත නිවේදක නිවේදිකාවන් ශ්‍රාවකයාට මිහිරක් ගෙන ආවේ. කිසියම් ප්‍රමිතියකින් යුතුව වුවත් ‘සිරස’ ආ පසුව ඒ ප්‍රමිතිය නැතිව ගියේය. ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍යයට දැවැන්තම අපරාධය කරමින් නිමල් ලක්ෂපතිආරච්චි විසින් ‘දොඩමලු වන’ (මේ වචනයේ තේරුම අනවශ්‍ය කතාබහ යන බව හෝ නොදැන) ගිරාපෝතක පරම්පරාවක් පෙරට ගෙන එන ලදී. අද ඔහුද නැත. ඔහු ඇරඹූ තැනින් ඈතට ගොස් මේ වන විට නිවේදක නිවේදිකාවන් දොඩමලු වෙමින් නොකරන්නේ සංසර්ගය පමණි. ඉදිරියේදී එයද කරනු ඇත.
එදාද මැතිවරණ තිබුණි. ඒවායේ ප්‍රතිඵල ප්‍රචාරයන්ද තිබුණි. රෑ නිදි වරා පිරිස් එක් ගෙයකට රැස්වී ඡන්ද ප්‍රතිඵල ඇසීම එකල සුලබ දසුනකි. නිවෙස්වල සිටම සමහර විට රතිඤ්ඤා පත්තු කරති. ප්‍රතිඵල ගුවන් විදුලියෙන් කියන අතර ගීත වාදනය වේ. එක්සත් ජාතික පක්ෂයට වාසි වන ලෙස ප්‍රතිඵල නිකුත් වන්නේ නම් ජෝති, බෙග්, මිල්ටන් පෙරේරා, එම්.එස්. වැනි ගාකයන්ගේ ගීත වාදනය කෙරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිදායක තත්ත්වයක් ඇත්නම් ‘රැජින මමයි අපේ රාජ්ජේ’ වැනි ගීත ප්‍රචාරය කෙරේ. 77දී එජාපය දිගින් දිගටම දිනාගෙන එන විට ජෝතිගේ ‘රජකම් කෙරුවත් කළකම් පළ දේ’ ගීතය ප්‍රචාරය කෙරෙනු මට අද මෙන් මතකය. එහෙත් වැදගත්ම දෙය නම් එසේ ගීත ප්‍රචාරය කළත් ප්‍රතිඵල කියවන නිවේදක නිවේදිකාවන් පාක්ෂික නැඹුරුවක් නොපෙන්වා එය කියවීමයි. ඇතැමුන් ඒ ඒ පක්ෂවලට නැඹුරු බවට අපට ඉවක් දැනුනත් ඔවුන් එය හඟවන්නේ නැත. 77 මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරයේ අග හරියේ සිට ගුවන්විදුලියේ ආධිපත්‍යය ගොඩනගාගත් හඩ්සන් සමරසිංහ සහ සරත් විමලවීර යටතේ ප්‍රේමදාස අගමැතිගේ ප්‍රතිරූපය නැංවීමට ‘අග්‍රාමාත්‍ය ඒකකය පිහිටුවීම සමග ප්‍රමිතීන් බිඳ වැටී පූර්ණ දේශපාලනීකරණයක් ඇතිවිය. පසුව විමලවීරද කපා හඩ්සන්ම සියල්ල අල්ලා ගත්තේය. අද ඔහු මේ රජයට හේත්තු වී උදේ පාන්දර දේශපාලන හතුරන්ට මඩ ගසන තුච්ඡ නින්දිත නීච වදන් තේවිස් ගුරුගේ, රිජ්වේ තිලකරත්න වැනි එහා ලොවේ සිටින ජ්‍යෙෂ්ඨ පරිපාලකයන්ට ඇසුණොත් කලින් මියයාම ගැන ඔවුන් සතුටු වනු ඇත. ලක්ෂපතිආරච්චිගේ ගිරා පැටවුන්ට බනින්නට පවා අද නොහැකි වී ඇත්තේ ජාතික ගුවන් විදුලි සභාපතිගේ ක්‍රියාකලාපය නිසාය. අප මුලින් කී නිවේදක පරපුරේ බාලයා හඩ්සන්ය. ඒ වයස හා ජ්‍යෙෂ්ඨත්වය අනුවය. එහෙත් ඔහු අදටත් බාලයාමය. එනම් අඥාණයාමය. ‘අසේවනාච බාලානං.’ කියා බුදු හිමියන් දෙසුවේ මෙවැන්නන් ගැනය. හඩ්සන් සමරසිංහ උදේට ගුවන් විදුලියේ අසූචි පහකරන හැටි අසා ඔහුව ගුවන් විදුලියට හඳුන්වා දීමට මූලික වූවෙකු වන
ජ්‍යෙෂ්ඨ නිවේදක පාලිත පෙරේරා තවම සියදිවි නසා නොගැනීම මවිතයට කරුණකි. හඩ්සන්ලා මෙසේ මාධ්‍යයේ පහරද්දී අද කිංස්ලි රත්නායකලා නිවැරදි මාධ්‍ය භාවිතාවක යෙදෙන්නට උත්සාහ ගැනීම යම් අන්දමකින් අගය කළ හැක්කකි.
අතීත නිවේදක නිවේදිකාවන් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයේදී වැදගත් ලෙස ප්‍රමිතියකින් යුතුව අපක්ෂපාතීව එය කළත් හඩ්සන් යුගයේ ඔහු ආදර්ශයට ගැනීම නිසාදේ දෙරණේ චතුර අල්විස් නම් නිවේදකයා අගතිගාමී මාධ්‍ය භාවිතාවක යෙදෙනු ඉකුත් පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල විකාශයේදී දැකිය හැකි විය. දෙරණේ උදේ පුවත්පත් කියවද්දීද මීට පෙර ඔහුගේ පක්ෂපාතී මාධ්‍ය භාවිතාව විවේචනයට පාත්‍ර විය. මෙවරද එසේමය. උදාහරණයක් ලෙස මැද කොළඹ ආසනය විශාල වැඩි ඡන්ද ගණනකින් එජාපය දිනද්දී ඔහු ඒ ගණන හංගා ගිය වරට වඩා අඩු වූ සුළු ගණන මතුකර කතා කළේය. එමෙන්ම එජාපය ගියවරට වඩා ඡන්ද වැඩි කරගත් තැන්වල එය ගණනකට නොගත් ලෙස කතා කළ චතුර සන්ධානය සුළු ගණනක් වැඩිපුර ගත් තැන්වල දැඩි වර්ණනා කළේය. සන්ධානයට ඡන්ද අඩුවූ විට එය බේරන්නට බොහෝදේ කීය. එය මැදහත්ව බලන්නෙකුට ජුගුප්සාව දනවන්නකි. ඉකුත් ප්‍රතිඵල හා සසඳමින් දෙරණ මෙවර ප්‍රතිඵල ගෙන ඒම නිසා බොහෝ දෙනා එය බැලුවත් චතුර අල්විස් ඔවුන්ගේ ලේ කෝප කරවීය. රනිල් වික්‍රමසිංහ රහත් වුවත් ඔහුට පහර දීම සිය ආගම කරගත් ‘සිරස’ ක්‍රියාකලාපය නිසා අප ඉන් ඈත්ව සිටියත් අහම්බෙන් දුටුවේ සුරංග සේනානායක නමැති මුග්ධ නිවේදකයාගේ මඩගැසීමකි. මේ බකපණ්ඩිතයා කීවේ රනිල්ගේ මැද කොළඹ අසුනෙන් ඡන්ද පන්දාහක් අඩුවීම මහා දුබලකමක් බවය. එහි සන්ධානයේ ඡන්ද විශාල ගණනකින් අඩුවීම හෝ විසිතුන් දහසකට වැඩි ගණනකින් සන්ධානය පරාජය වීම ඔහුට ගැටලුවක් නොවීය. සජිත් හම්බන්තොටින් එක් අසුනක් වැඩිකර ගත් බව වර්ණනා කළේ මේ වතාවේ හම්බන්තොටට ආසන දෙකක් වැඩි කළ නිසා එය ලද බව නොදැනද? නැත එය සඟවමිනි. ඒත් හම්බන්තොට සන්ධානයේ ආසන එකක් හෝ අඩු කළද කියා යමෙකු ඇසුවා නම් සුරංග නමැත්තාට හෝ එම වැඩසටහනේදීම රනිල්ට අපහාස කළ ජේ.ශ්‍රී. රංගාටද කටඋත්තර නැතිවනු ඇත.
සැබැවින්ම රනිල් එජාප ඡන්ද ගියවරට වඩා වැඩි කරගෙන (ආසන දෙකක් පමණක් අහිමිව) තිබියදී පුද්ගලික මට්ටමෙන් මඩගැසීම නින්දිතය. දෙලක්ෂ තිස්හත් දහසක් පමණ ඡන්ද හා ආසන රාශියක් අහිමි කරගත් සන්ධානය ඔවුන්ට නොපෙනේ. අදා්මැයි ජඩ මාධ්‍ය කලාවක හැටි එසේය. ෆේස්බුක් හා විවිධ වබේ අඩවි මෙයින් මොවුන්ගේ නීච මාධ්‍ය භාවිතාව ගැන බොහෝඅදහස් පළ විය.
සිරිල් රාජපක්ෂලා, අසෝක තිලකරත්නලා එදා ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කළේ සාධාරණ හා අපක්ෂපාති (ඔවුන්ටද දේශපාලනයක් තිබුණත්) ලෙසය. ප්‍රතිඵල ප්‍රචාරය අතර විශ්‍ලේෂණය කරනවා කියා තම තමන්ගේ රුචිය අනුව පක්ෂපාතී අදහස් ඔවුන් ප්‍රචාරය කළේ නැත. සිරිල්ලාගේ, අසෝකලාගේ එම වැදගත් මාධ්‍ය කලාව (නිවේදක කලාව) සුරංග සේනානායක, ශ්‍රී රංගා, චතුර අල්විස් වැන්නන්ට කස පහරදී කියා දුන්නත් පලක් නොවනු ඇත්තේ ‘මඩෙන් ඉපදුණු මඩකරියන්ට සාධාරණය හෝ ප්‍රමිතිය යනු විහිළුවක් බැවිනි.’
- ආනන්ද පද්මසිරි
0 comments:
Post a Comment