728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 1 April 2014

දස වසරකට පෙර කෑගල්ලේ "ස්වීප්" විකුණු එකා....

බස්නාහිර සහ දකුණේ පළාත් සභා චන්දය අවසානය. එනමුත් ඉන් පසු ඇතිවූ තත්වයන් ලුහුඬින් විමර්ශනය කිරීම මෙම ලිපියේ අරමුණයි. 
චන්දය නිමවීමෙන් වඩාත්ම සතුටුවන්නේ ඡන්දදායකයය. ඒ තමන්ගේ කැමතිම පක්ෂයේ තමන් කැමතිම අපේක්ෂකයා දිනු නිසා නොව, මෙතෙක් කලක් රැයක් දවාලක් නැතිව අපේක්ෂකයින්ගෙන් තිබුන කරදරය නිමවූ නිසාය. 

මළගෙයකට පැමිණි එක් අපේක්ෂකයෙක් මිනිපෙට්ටියට මුදල් දුන්නේය. තවකෙකු කුඩාරම් පුටු වලට සල්ලි දුන්නේය. තෙවැන්නා බීම, කෑම ස්පොන්සර් කර ඇත. තවත් කෙනෙකු ඇවිත් අසා ඇත්තේ "මගෙන් මොනවාද කෙරෙන්න ඕනේ" කියාය. මළගෙදර එකෙකු කියා ඇත්තේ "අම්මපා මැරෙනවනම් මැරෙන්න ඕනේ චන්ද කාලේ" කියාය.

මාතර ජනතාව පක්ෂ දෙකේම නිළියන්ව පරාද කර ඇත. නමුත් එවැනි හොඳ තීරණයක් ගත් ජනතාවට කොකා පෙන්නා "අනාකලි" අනාගන්නේ නැතිව රජතුමාගේ පිහිටෙන් "ලිස්ට්" එකෙන් ඇතුලට ගොස් ඇත. ( විළි ලජ්ජය..ඒ අපටය)

"ලිස්ට්" එක නොහොත් "බෝනස්" මන්ත්‍රීධූර; චන්ද අනුපාත පදනමෙන් නිර්මාණය කිරීමේ මුලික බලාපොරොත්තුව වුයේ වෘත්තිකයින් එම ව්‍යුහය තුලට ගෙන ඔවුන්ගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගැනීමටය. මක්නිසාද එවන් වෘත්තිකයින් කවදාවත් මේ බලු පොරයට එකතු නොවන නිසාය. නමුත් සිදුවන්නේ පරාද උන මෙලෝ රහක් නැති එවුන් එමගින් ඇතුලට රිංගා ගැනීමය.

හැමෝටම කුණුහරුපෙන් බනින "ගීතා" ගාල්ලෙන් ගොඩ ගොස් ඇත. ඒ කුණුහරුප අහන්න ජනතාවගේ ඇති කැමැත්ත නිසා විය හැකිය. ඇමති පුත්තු, සහෝදරයින් තමන්ගේ අයගේ පිහිටෙන් ගාල්ලෙන් උඩටම ඇවිත් ඇත. අනික් දිස්ත්‍රික්ක වලද තත්වය එයමය.

හම්බන්තොට වැඩිම මනාප ගත් දෙනගම විතාරනගේ රොහාන් පි‍්‍රය උපුල් තමන්ව පිළිගන්න පැමිණි පාක්ෂිකයන්ට කුණුහරුපෙන් බැන පහර දුන්නේය. මෙන්න වීඩියෝව.


එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව රජතුමාගේ "දෑත ශක්තිමත්" කිරීමට ගිය "කපුමහත්තයා" දකුණෙන් බුලත් කොලේ නැට්ටේ එල්ලී "සුරලොව" ගොස් ඇත. 

ගම්පහෙන් කුඩු මුදලාලිලා දෙවෙනියාය. රත්තරන් බඩු කඩයක් මංකොල්ල කෑ එකාද එ.ජා.ප. යෙන් දිනලාය. ටීවී පෙට්ටියේ රටටම මුණ පෙන්නු සුසාර දිනාල්ද ගම්පහෙන් දිනුම්ය.  කවදත් අනුන්ගේ පහණින්  එළිය  බැලූ  සට කපටියෙකුවූ .සුසාර  එදා  නිලේ න්ඳ්‍ර  දේශප්‍රිය විසින්  සිරසට  හඳුන්වා දුන්  සුපර් ස්ටාර්   වසංගතය...( ඇමෙරිකන් ඉඩොල් American Idol ) අමු  කොපිය  ජනප්‍රිය වන බව ඉවෙන් වටහා ගත් මේ කපටියා නිලේන්ඳ්‍රව  කීලි මහරජාට පස්සෙන්  ගොස් කේළම් කියා ...( ඔහු  මහරාජාගේ  පස්සෙන් ඔළුව කසමින් ,දෙකට තුනට නැවෙමින්  යටහත් කුක්කෙකු මෙන් ගත කළ පිළිකුල් සහගත දීන  ජඩ ගතිය අදටද  සිරස පැරණි සේවකයන් පිළිකුලෙන් මෙනෙහි කරතී ...)ඔහුව ඉන් ඉවත් කොට තමන් එතැනට රිංගා  ගතී...හාවන් රේස් වලට දමා කප් එසවීමේ නිසඟ කපටියෙකුවන සුසාර  ,කෙසේ හෝ  ඡන්දය ට  ඉදිරිපත් වීමේ වරම  ස්වකීය  කපටිකමින් ගත්  තවත් අයෙකී...ගම්පහ ජනතාව සැබෑ බුද්ධිමතුන්ය.

කරුණාත් එක්ක ආලිංගන නැටුමේ යෙදුන "ඩයනා"ට කොළඹින් එඩ්රස් නැත. තමන්ගේ පියා මරපු එවුන් රජකරන පක්ෂයෙන්ම තරඟකළ "හුරුනිකා" දිස්ත්‍රික්ක කණ්ඩායම් නයකයාවද පරාදකොට මුල් තැනට ඇවිත්ය. කලකට ඉහතදී තම පියා මැරූ එවුන්ට සහ උන්ගේ සනුහරේටම ප්‍රසිද්ධියේම පොල් ගසා "සාප" කෙරුව පියාගේ මිනීමරුවාට මෙන්ම ඇයටද "මතක නැත". චන්දය දුන් ජනතාවටද මේවා "මතක නැත". 

දස වසරකට පෙර කෑගල්ලේ "ස්වීප්" විකුණු එකා "සිරස සවාරිය" තම කඩේ ඉස්සරයින් යනවිට "සිරස සවාරිය ඔන්න එනවා මෙන්න එනවා" කියා තම ලොතරැයි ස්පිකරෙන් කෑ ගැසූ පිනට නිවේදකයෙකු ලෙස "සිරසට" ඇතුල්වී එහි මුල් පුටුවට ගොස් අද එ.ජා.පයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් මුල් තැනට විත්ය. ඔහු නමින් "එස්.එම්. මරික්කාර්"ය. "ශ්‍රී රංගා" කලාක් මෙන්ම, "පබා" කළා මෙන්ම ආණ්ඩුවටද ඉදිරියේදී යනු ඇත. නොයනවායි "ගැරන්ටිය" කුමක්ද...?

ලොක්කන්ට සුර සැප විඳින්නට රටම ණයකාරයන් කර "සාක්කු" හේදුවා මදිවාට මනුෂ නාන්නයක්කාර "ජනතාවගේ ඔලුව හෝදන්න ඕනේ"යි පෝස්ටර් දකුණේ අලවයි.

තේරී පත්වූවන්ගෙන් "සැබෑ ජනතා" නායකයින් කී දෙනෙක් පත්වී ඇත්ද...? දැන් දකුණ සහ බස්නාහිර අනික් පළාත් මෙන්ම සංවර්ධනයේ හිනිපෙත්තටම ලඟා වෙයිද...? 

සිද්ධ වී ඇති සත්‍ය නම් "ජනතාව" ගොනාට ඇන්දවීම පමණි...






  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දස වසරකට පෙර කෑගල්ලේ "ස්වීප්" විකුණු එකා.... Rating: 5 Reviewed By: Unknown