ජන කවියා සමාජානුයෝජනයෙහිලා සිය යුතුකම් කොටස මැනවින් ඉටුකළ නිර්මාණ කරුවෙකි. ඔහු සිය ප්‍රතිභාවෙන් උපරිම ඵල නෙළා ගැනුමට සමාජයේ හැම අහුමුල්ලකටම රිංගා විමර්ශනය කළා පමණක් නොව බහුවිධ අත්දැකීම් මතින් ද පෝෂණය වූ බව පෙනේ.
ජනකවියා ජන සමාජය සමඟ අවියෝජනීය බැදීමෙන් යුතු පුද්ගල චරිතයක් බැවින් සමාජයේ සකල විධ මානුෂීය තල ස්පර්ශ කිරීමේ මඟ හසර උදාකර ගත් බව දැනේ. අපේ රටේ බහු සංස්කෘතික සමාජය තවත් අතකින් ජන කවිය පෝෂණය වීමෙහිලා බලපාන්නට ඇත.
ජන ජීවිතය තුළ ඔහු ලබන සංජානනයන් ප්‍රතිපෝෂණය කිරීමේ භාග්‍ය උදාවන්නට ඇත්තේ බොහෝ විට මේ නන්වැදෑරුම් ගති සිරිත් ජීවිතය හා සංඝට්ඨනය වීමෙන් විය හැකිය.
ඇතැම් විට ජීවිතයේ නන් විධ අනුභූතීන් සිය කාව්‍යාලංකාරය පිණිස යොදා ගත් ජන කවියා ජන ජීවිතය හා සම්බන්ධ සකල විධ උපභෝග පරිභෝග වස්තූන් ද සිය මාධ්‍ය ඔස්සේ වර්ණිත අපූරුව සිත් පැහැර ගන්නා සුළු ය.
ජන ජීවිතය හා බැදි ආහාර පාන ඇසුරින් ඔහු මතු කළ අදහස් උදහස් භාව ප්‍රභේදනයට පමණක් නොව ඥාන මණ්ඩලයේ නිම් වළලු පුළුල් කිරීමෙහිලා විශාල කාර්ය භාරයක් කරන බව දැක්වීම වරදක් නොවේ. ජනකවියේ ආහාර, කෑම බීම, පාන වර්ග වර්ණනා කර ඇති ආකාරය සැබැවින්ම සිංහල ජනී ජනයාගේ ගැමි ආහාර තරමටම ප්‍රණීතය. රසවත්ය. සුවිශේෂීය.
අපේ ගම්වල වැඩිහිටියන් සිංහල අවුරුද්දට රබාන වයද්දී මතුවන ආහාර පාන වල ගුණ අගුණ බොහෝය.
එදා ගොවියා හේනේ, කුඹුරේ, කොරටුවේ වැඩපල කරන විට ඔහුගේ වෙහෙස මහන්සිය මග හරිනු වස් ගත සිත ප්‍රබෝධවත් කරනු අටියෙන් ගෙවිලිය ගේ යුතුකමව පැවතියේ කටට රසට බත උයා පිහා දීමය. මේ පිළිබඳ ජන කවියා මවන චිත්‍රය ඇතැම් විට කුඩා දරුවන්ට ඉවුම් පිහුම් ගැන ලබා දෙන පාඩමක් වැනිය. ජන කවියේ එවැනි රසබර හැඟුම් මතු කළ අවස්ථා බොහොමයකි.
ගැමි ජනතාවගේ ප්‍රධාන ආහාර වර්ග දෙකකි. එනම් බත් සහ කුරහන් ඒ ආහාර වර්ග දෙක වේ. ගොවියා වී සහ කුරහන් යන බෝග දෙකම කුඹුරු ගොවිතැනේ ද හේන් ගොවිතැනේ ද වගා කිරීම සඳහා යොදා ගැනීම සාමාන්‍ය සිරිත ය. මේ නිසා ඔහුගේ වී බිස්සත් කරහන් අටුවත් යල මහ කන්නවල පිරී පවතින බැවින් ආහාර හිඟයක් ඇති නොවීය.
ස්වයංපෝෂිත ගැමි ආර්ථිකය තුළ ශ්‍රම විභජනය සිදුවූයේ අත්තමට හෝ කයියට අනුරූපීව බව දැකගත හැකිය. මුදල හෝ කුලිය මූලික නොවූ මේ සමාජ වපසරිය තුළ මිනිස්කම පෙරදැරිව සියල්ල සිදුවුණි. මේ නිසා කයියට පැමිණෙන ගම්වාසීන්ට මගුලකට වගේ ආහාරපාන පිළියෙල කර දීම මනාව සිදු වුණි.
ගැමි ආහාර අතර කිරිබතට ලැබෙන්නේ ප්‍රධාන තැනකි. කිරිබත් සාදන ආකාර කීපයක් ද ගැමි ජනතාව අතර පවතී. ඉඹුල් කිරිබත්, මුරුතන් බත්, මුං ඇට කිරිබත් ඒ අතර කැපී පෙනේ.
ලබු කිරිබත් ද ඇඹුලට දුන් බව ජන කවියේ සඳහන් වන්නේ මේ ආකාරයට ය. එදා ගැමි ජනතාව මද්දහනට ලබු කිරිබත් ද අනුභව කළ බව මින් ගම්‍ය වේ.
ගැමි ජනතාව කැකුළු හාලේ බතට මහත් පි‍්‍රයතාවයක් දැක්වූ බව කියවේ. එසේ ම කැකුළු හාලේ බත පෝෂදායී මෙන්ම ගුණදායී ඖෂධීය ආහාරයකි. කැකුළු බත ලොකු කුඩා මහලු, තරුණ ඕනෑම වයසකට එක සේ ගැළපේ. එසේම කැකුළු බත යහමින් අනුභව කිරීමට ද හැකියාව ලැබේ. කැකුළු බතටම ආවේණික රසමසවුළු ද වෙන් වෙන්ව පිසීමට ගැමියා රුසියෙකි.
අනායාසයෙන්ම ගැමි මුවින් ගිලිහුණු මේ ජන කවිය සිංහල හාලේ බත මොනතරම් රසවත් දැයි මතු කෙරෙන අපූරුව සහෘද සහනුභූතියක් බවට කවියා පත් කර ගෙන ඇත්තේ ස්වභාවික ගුණය මතු කරලමිනි. ජන කවියා ගේ දිවි පෙවෙත සරල බව සැබෑ ය. ඔහු මතු කරන රසය ද සරල සුගම බව අමුතුවෙන් පැවසිය යුතු ද නැත. එනමුත් එක් කරුණක් පැහැදිලි ය. එනම් අව්‍යාජ ගැමි ජීවන දර්ශනය ගැමි කවියෙන් වහනය වීම අතිශය ප්‍රතිභා පූර්ණ ය.
ආදරවන්තයන් වෙනුවෙන් පිළියෙල වූ බතක් ගැන ද ජනකවියා ගේ නිර්මාණාත්මක ඇසට හසු වී තිබේ. එනම් ඇල් හාලේ බතට පිළියෙල වන ලූලා මාළුව බව හේ කවියෙන් වනා ඇත. නෑනා මස්සිනාට ආදර සංග්‍රහ කළ අයුරු හෙළි වන ආහාර වේලක් ලෙස මෙය දැක්වීම යුක්ති යුක්තය.
හීන් හාලේ බත ද තණ හාලේ බත ද පිසූ කල ඉතා රසවත් ය. ලූල් මාළුව ඊට එක්කල පසු දැනෙනා රස පැවසීමට භාෂාවේ වදන් මදි ය. මෙයට අමතරව ඉරිඟු බතක් ගැන ද ජනකවියෙන් මතුවේ. ඉරිඟු බත සමඟ වටු මස් පිළියෙල කර ගැනීමට ගැමියා පුරුදු වී සිටියේ ය. ඕලු හාලේ බත ගැන කියවෙනා ජන කවියක් ද ජන සාහිත්‍යයෙන් මතු වේ. ඕලු ඇට වලින් පිසු බතට මාළු පිණියක් එක් කරගෙන නැති බව කියවෙනා ජන කවියක් ද හමු විය.
මෙවන් සශ්‍රීකත්වයකින් පිරි ගැමි සමාජයේ ආර්ථිකය, සදාචාරය, සරල බව කාබාසිනියා කර දැමු යුගයක් විය. ඒ 1815 න් පසුව පිටරටවල්වලින් හාල් ගේන්නට සිදු වූ කාලයේ සිට ය. එවිට ජනකවිය අපේ ගැමි ජනතාවගේ සෝසුම විදාරණය කිරීමට යොමු විය.
භෞතික නොවන සංස්කෘතික මූලාශ්‍රයන්ගෙන් ප්‍රභාස්වර වූ ජන කවියේ මතුවෙන සමාජ දර්ශනයේ එක් පැතිකඩක් ලෙස ආහාර සංස්කෘතිය දැක්විය හැකිය. ඉන් බිඳක් මිස ස්වල්පයක් වත් මෙවන් වදන් අහුරකින් දැක්වීම උගහට ය. එහෙත් මේ පද්‍ය කීපය හරහා වුවද වින්දනීය චින්තනය මෙහෙයවන කළ පසක් වන එක් කාරණයක් වන්නේ ජන කවියා දිවි සරිකර ගන්නා කළ අල්පේච්ඡ වුවද දිවි නැණ හමුවේ බහුශ්‍රැතයකු බවය.

තෙලෙන් බැද්දත් පරෙයියා
කිරෙන් බැද්දත් පරෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
කොහොම බැද්දත් පරෙයියා
එදා ගොවියා හේනේ, කුඹුරේ, කොරටුවේ වැඩපල කරන විට ඔහුගේ වෙහෙස මහන්සිය මග හරිනු වස් ගත සිත ප්‍රබෝධවත් කරනු අටියෙන් ගෙවිලිය ගේ යුතුකමව පැවතියේ කටට රසට බත උයා පිහා දීමය. මේ පිළිබඳ ජන කවියා මවන චිත්‍රය ඇතැම් විට කුඩා දරුවන්ට ඉවුම් පිහුම් ගැන ලබා දෙන පාඩමක් වැනිය. ජන කවියේ එවැනි රසබර හැඟුම් මතු කළ අවස්ථා බොහොමයකි.
තරිකිට තරිකිට තරිකිට මැල්ලුම්
දිරිකිට දිරිකිට දිරිකිට මැල්ලුම්
තරිකිට මැල්ලුම් දිරිකිට මැල්ලුම්
තරිකිට දිරිකිට පොල් මැල්ලුම්
ගැමි ජනතාවගේ ප්‍රධාන ආහාර වර්ග දෙකකි. එනම් බත් සහ කුරහන් ඒ ආහාර වර්ග දෙක වේ. ගොවියා වී සහ කුරහන් යන බෝග දෙකම කුඹුරු ගොවිතැනේ ද හේන් ගොවිතැනේ ද වගා කිරීම සඳහා යොදා ගැනීම සාමාන්‍ය සිරිත ය. මේ නිසා ඔහුගේ වී බිස්සත් කරහන් අටුවත් යල මහ කන්නවල පිරී පවතින බැවින් ආහාර හිඟයක් ඇති නොවීය.
යල් කන්නේ වී පෑලයි මම ඉස්සේ
ඒකෙන් අමුණු හතරයි බැන්දේ බිස්සේ
කන්නය බලා නවදැලි හේනට බැස්සේ
කුරහන් අටුව පුරවන්නයි ඒ අස්සේ
ස්වයංපෝෂිත ගැමි ආර්ථිකය තුළ ශ්‍රම විභජනය සිදුවූයේ අත්තමට හෝ කයියට අනුරූපීව බව දැකගත හැකිය. මුදල හෝ කුලිය මූලික නොවූ මේ සමාජ වපසරිය තුළ මිනිස්කම පෙරදැරිව සියල්ල සිදුවුණි. මේ නිසා කයියට පැමිණෙන ගම්වාසීන්ට මගුලකට වගේ ආහාරපාන පිළියෙල කර දීම මනාව සිදු වුණි.
මගුලට දෙන දේ ලොබ නොකරල්ලා
ඇඹුලට පුසුලුත් සරිකර ගල්ලා
අඟලට කපමින් මාළු කැබැල්ලා
මඟුලට වාගේ කෑම දියල්ලා
ගැමි ආහාර අතර කිරිබතට ලැබෙන්නේ ප්‍රධාන තැනකි. කිරිබත් සාදන ආකාර කීපයක් ද ගැමි ජනතාව අතර පවතී. ඉඹුල් කිරිබත්, මුරුතන් බත්, මුං ඇට කිරිබත් ඒ අතර කැපී පෙනේ.
යාළු මිතුරු නෑයිනි සැම අසන්නේ
පාළු ඇල පැලෙහි විමසා බලන්නේ
සාළු අඳින කිරි අගනෝ නෙළන්නේ
මාළු නැති බතක් මද්දහනට දෙන්නේ
ලබු කිරිබත් ද ඇඹුලට දුන් බව ජන කවියේ සඳහන් වන්නේ මේ ආකාරයට ය. එදා ගැමි ජනතාව මද්දහනට ලබු කිරිබත් ද අනුභව කළ බව මින් ගම්‍ය වේ.
ගැමි ජනතාව කැකුළු හාලේ බතට මහත් පි‍්‍රයතාවයක් දැක්වූ බව කියවේ. එසේ ම කැකුළු හාලේ බත පෝෂදායී මෙන්ම ගුණදායී ඖෂධීය ආහාරයකි. කැකුළු බත ලොකු කුඩා මහලු, තරුණ ඕනෑම වයසකට එක සේ ගැළපේ. එසේම කැකුළු බත යහමින් අනුභව කිරීමට ද හැකියාව ලැබේ. කැකුළු බතටම ආවේණික රසමසවුළු ද වෙන් වෙන්ව පිසීමට ගැමියා රුසියෙකි.
දුකක් නොවම මාගම් පුරයට පැමිණ
සැපක් නොවම දෙබරා වැවට පැමිනුණ
බතක් කැකුළු හාලින් වෙඬරු ද ලැබුණ
කටක් හිස් මුදුනෙනුත් ඇත්නම් සිතුණ
මඤ්ඤොක්කා මාළුවට කරවල බැදුම සහිතව කැකුළු බත පිසින කල ඇතිවන ආහාර ගැනීමේ රුචිය අපරිමිත ය. කොයි කාගේත් රසවත්ම කෑම වේල අතර යට කී ආහාරයට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. රතු කැකුළු බත සමඟ මී කිරි ද ගිතෙල් ද මුසුකර අනුභව කිරීම ඇතැම් පළාත්වල පවතින සිරිතකි.අද්දර පැලේ මම වැස්සට සිටින කල
ආවා ගොවිරාළ මුලකුත් ගෙන එකල
මොනවද කියා මම ලිහලා බැලුව කල
කැකුලෙන් බතුයි මාලුව මඤ්ඤෝක්කා අල
අනායාසයෙන්ම ගැමි මුවින් ගිලිහුණු මේ ජන කවිය සිංහල හාලේ බත මොනතරම් රසවත් දැයි මතු කෙරෙන අපූරුව සහෘද සහනුභූතියක් බවට කවියා පත් කර ගෙන ඇත්තේ ස්වභාවික ගුණය මතු කරලමිනි. ජන කවියා ගේ දිවි පෙවෙත සරල බව සැබෑ ය. ඔහු මතු කරන රසය ද සරල සුගම බව අමුතුවෙන් පැවසිය යුතු ද නැත. එනමුත් එක් කරුණක් පැහැදිලි ය. එනම් අව්‍යාජ ගැමි ජීවන දර්ශනය ගැමි කවියෙන් වහනය වීම අතිශය ප්‍රතිභා පූර්ණ ය.
ආදරවන්තයන් වෙනුවෙන් පිළියෙල වූ බතක් ගැන ද ජනකවියා ගේ නිර්මාණාත්මක ඇසට හසු වී තිබේ. එනම් ඇල් හාලේ බතට පිළියෙල වන ලූලා මාළුව බව හේ කවියෙන් වනා ඇත. නෑනා මස්සිනාට ආදර සංග්‍රහ කළ අයුරු හෙළි වන ආහාර වේලක් ලෙස මෙය දැක්වීම යුක්ති යුක්තය.
ඇල් හාලේ බත් පිසුවයි කියාපන්
ලූල් මාළු හොදි පිසුවයි කියාපන්
මාළු නැතිව බත් නොක තෙයි කියාපන්
රෑට බතට මම එන බව කියාපන්
හීන් හාලේ බත ද තණ හාලේ බත ද පිසූ කල ඉතා රසවත් ය. ලූල් මාළුව ඊට එක්කල පසු දැනෙනා රස පැවසීමට භාෂාවේ වදන් මදි ය. මෙයට අමතරව ඉරිඟු බතක් ගැන ද ජනකවියෙන් මතුවේ. ඉරිඟු බත සමඟ වටු මස් පිළියෙල කර ගැනීමට ගැමියා පුරුදු වී සිටියේ ය. ඕලු හාලේ බත ගැන කියවෙනා ජන කවියක් ද ජන සාහිත්‍යයෙන් මතු වේ. ඕලු ඇට වලින් පිසු බතට මාළු පිණියක් එක් කරගෙන නැති බව කියවෙනා ජන කවියක් ද හමු විය.
සොර බොර වැවේ සොඳි සොඳි
ඕලු ඇතී
ඒවා නෙළන්නට හොඳ හොඳ
ලියෝ ඇතී
එළි කරලා සුදු කරලා
උයා දෙතී
ඕලු හාලෙ බත් කෑමට
මාළු නැතී
මෙවන් සශ්‍රීකත්වයකින් පිරි ගැමි සමාජයේ ආර්ථිකය, සදාචාරය, සරල බව කාබාසිනියා කර දැමු යුගයක් විය. ඒ 1815 න් පසුව පිටරටවල්වලින් හාල් ගේන්නට සිදු වූ කාලයේ සිට ය. එවිට ජනකවිය අපේ ගැමි ජනතාවගේ සෝසුම විදාරණය කිරීමට යොමු විය.
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට
භෞතික නොවන සංස්කෘතික මූලාශ්‍රයන්ගෙන් ප්‍රභාස්වර වූ ජන කවියේ මතුවෙන සමාජ දර්ශනයේ එක් පැතිකඩක් ලෙස ආහාර සංස්කෘතිය දැක්විය හැකිය. ඉන් බිඳක් මිස ස්වල්පයක් වත් මෙවන් වදන් අහුරකින් දැක්වීම උගහට ය. එහෙත් මේ පද්‍ය කීපය හරහා වුවද වින්දනීය චින්තනය මෙහෙයවන කළ පසක් වන එක් කාරණයක් වන්නේ ජන කවියා දිවි සරිකර ගන්නා කළ අල්පේච්ඡ වුවද දිවි නැණ හමුවේ බහුශ්‍රැතයකු බවය.
0 comments:
Post a Comment