728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 3 April 2014

නැඟනිය ගැබිනියක්‌ කළ සොහොයුරා රිමාන්ඩ්

මොනරාගල කුඹුක්‌කන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 13 මාස 11 වයසැති තම එකම සහෝදරිය මාස 06 ක ගැබිනියක්‌ බවට පත් කළ ඇගේ සොහොයුරා මොණරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්‍ෂිත බණ්‌ධනාගාර ගත කර ඇත.


මෙම දැරියගේ මව විදේශගතව සිටින අතර පුතා සහ දියණිය පියා භාරයේ සිට ඇත. පුතාගේ වයස අවුරුදු 20 කි. ජාතික ළමා රක්‍ෂක අධිකාරියට ලැබුණ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය මොණරාගල මහරෝහලට ඇතුළත් කර ඇත. මොනරාගල පොලිස්‌ අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස්‌ මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බී, එම්. එම්. දසනායක මහතාගේ මෙහෙය වීමෙන් කා. උ. පො. ප. උදයන්ගනී, කා. පො. සැ. 3172 ක්‍රිෂාන්ති යන නිලධාරීහු වැටලීම සිදු කළහ.
 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නැඟනිය ගැබිනියක්‌ කළ සොහොයුරා රිමාන්ඩ් Rating: 5 Reviewed By: Unknown