වෛද්‍යවරයකු වීමේ සිහිනය සැබෑ කරගනු පිණිස කල්කටාව බලා පිටත් ව ගිය පියසේන නිශ්ශංක නම් තරුණයා ටික කලකට පසුව නතරවූයේ ලේක්හවුසියේ පියගැට පෙළ මුදුණේ ය. ඒ හරි අපූරු කතාවකි. කල්කටාවේ සිටින නිශ්ශංකයන්ට සිය පියා අසාධ්‍ය ව සිටින බවට පුවතක් ලැබෙයි. ආරංචිය ලද සැණින් ඔහු ගම රට බලා පිටත් වේ. නමුත් ඔහු ගම්පියසට පිවිසෙන විටත් පියාණන් මිහිදන්කර හමාරය.
ඒ නවසිය පහළොවේ මුස්ලිම් කලබලය හටගත් සමය විය. ඇඳිරි නීතිය ද පනවා ගමනා ගමන කටයුතු ද ඇණහිට තිබුණෙන් නිශ්ශංක කොළඹ මිතුරකුගේ නිවසකට වී කල්ගත කළේ ය. මේ වනවිට පියසේන නිශ්ශංක මිතුරු සමාජයේ ප්‍රකට ව සිටියේ, ‘ඩොක්ටර්’ නමිනි. ටික දවසක් කොළඹට වී සිටි මේ ‘ඩොක්ටර්’ කල්කටා ගමන තවත් පමාවන ලකුණු දැක ආපසු ගම ගියේ ය.
කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා නිශ්ශංකයන්ගේ ගජ මිතුරෙකි. ලේක්හවුසියට භාෂා පරිවර්තකයන් බඳවාගනු පිණිස දැන්වීමක් පළකර තිබෙනු ඔහු දකියි. ඔහුට එක්වර ම සිහිපත් වන්නේ ‘ඩොක්ටර්’ ය. භාෂා ගණනාවක හසල දැනුමක් ඇති තම මිතුරාට මෙය කදිම රාජකාරියකැයි ජේ.ඩී. කල්පනා කරයි. ඔහු වහා හමුවන ලෙස දන්වා නිශ්ශංකට විදුලි පුවතක් යවයි. නමුත් නිශ්ශංක නිහඬ ය.
විදුලි පුවත ඔහුට ලැබී නැති සෙයකි. ජේ.ඩී. උපායේ සූරයෙකි. ඔහු නිශ්ශංකයන්ගේ අත්සන හොරට ගසා ඉල්ලුම්පතක් තැපැල් කළේ ය. සම්මුඛ පරීක්‍ෂණයට කැඳවුම් ලිපිය ලැබෙන විට නිශ්ශංක යළි කොළඹ ය. ඔහු පරීක්‍ෂණයට පෙනී සිටියේ ය. අවසන් වටයට ඔහු සමඟ තේරුණේ ලෙහෙසි පහසු තැනැත්තෙක් නොවේ. හේ මාර්ටින් වික්‍රමසිංහ ය. දෙදෙනා අතරින් ඩී.ආර්. විජේවර්ධන මහතාගේ හිතගියේ නිශ්ශංකයන්ට ය. පියසේන නිශ්ශංකගේ පුවත්පත් කලාවට ලේඛන ජීවිතයට මුල පිරුණේ ඒ අයුරෙනි.
ලේක් හවුසියේදී ඔහු ඉක්මනට ම ‘ලොකු සර්’ බවට පත් විය. කලිසම් කබා ඇඳ ටයි පටි පළඳින අංග සම්පූර්ණ වෘත්තිකයෙක් විය. ඇඳුම් පැළඳුම් පමණක් නොව කෑම බීම කතාබහ මේ සියල්ල සිදු කෙරුණේ ආයතනයටත් වෘත්තියේ ගරුත්වයටත් ගැළැපෙන අයුරිනි.
හුදු ප්‍රවෘත්ති වාර්තාවලට අමතරව පාඨකයාගේ බුද්ධිමය නිම්වළලු පුළුල් කරන සතිඅන්ත පත්තරයක් ඇරඹීමේ සිතක් ඩී.ආර්. විජේවර්ධනයන්ට පහළ වූයේ ය. ‘සිළුමිණ’ උපත ලද්දේ එලෙසිනි. ඒ අලුත් වැඩේට සුදුස්සා ලෙස විජේවර්ධන මැතිඳුන්ගේ සිතේ ඇඳුණේ නිශ්ශංකයන්ගේ රුව ය. නිශ්ශංක සූරීන්ගේ අත් ගුණයෙන් පෝෂණය වූ සිළුමිණ කෙටි කලකින් ම සත දහයේ සරසවිය යන විරුදාවලියෙන් පිදුම් ලැබී ය.
සිංහල ඉංගී‍්‍රසි භාෂා ද්වියට අමතර ව පාලි හා සංස්කෘත පිළිබඳව ද ඔහු තුළ වූයේ අසමාන දැනීමකි. එමතු ද නොව සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ලද මනා හික්මීමක් ද ඔහු සතු විය.
සිළුමිණේ එක් තීරු ලිපියක ඔහුගේ ආරූඪ නම ‘සීයා’ ය. නිදහස් සටනට පණ පොවන ලිපි ලියැවුණේ ‘බාසුරු’ නමිනි. පියසේන නිශ්ශංකයන්ගේ සිතුම් පැතුම්වලට පණ පෙවූ සෙසු ආරූඪ නම් අතර ‘දශරථ’, ‘පැරකුම්’, ‘පිටිසරයා’ හා ‘සේන’ ආදිය ද වේ.
නවසිය තිස් පහේදි නිශ්ශංකයෝ සිළුමිණෙන් සමුගෙන දිනමිණේ ‘ලොකු සර්’ බවට පත් විය. එහෙත් පුවත්පත් කලාවෙන් පමණක් ඔහු සෑහීමකට පත්වූයේ නැත. ඔහු නිර්මාණ සාහිත්‍යයට ද අත ගැසුවේ ය. ජනකතා සාහිත්‍යයෙන් පොහොසත්වුණු ප්‍රබන්ධ කලාවක් ඔහු සතුවිණි. ගැමියාගේ අහිංසකකමට අනුකම්පා කළ එතුමා, ඒ අතර ම ඔවුන්ගේ අමනකම්වලට බැට දුන්නේ ය.
නිශ්ශංක සූරීන්ගේ ප්‍රථම ප්‍රබන්ධ කෘතිය වූයේ ‘වදුල’ නවකතාවය. ඒ කාලයේ හැටියට එය අමුතු පන්නයේ කතා පොතක් විය. හොඳ පාඨක ප්‍රතිචාරයක් ද ඊට ලැබිණි. ගැමි ජීවන පරිසරය සිතුවම් කෙරුණ කෘතියක් වශයෙන් මෙය පාසල් කියවීම් පොතක් ලෙස ද නිර්දේශ කෙරිණි.
වදුලට ලැබුණු පාඨක – විචාරක ප්‍රතිචාරවලින් ප්‍රබෝධවත් වූ නිශ්ශංකයෝ ඉනික්බිති තවත් නවකතා කිහිපයක් ම රචනා කළෝ ය. එම කෘති අතරින් ‘ගිනිසිසිල’ ප්‍රබන්ධය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය. ගැමි ජනකතා එකතුවක් ලෙස හැඳින්වෙන ‘හීන් හාමිනේ’ නම් කෘතිය හොඳ පැරණි ජනකවියකුගේ කවිත්වය විදහා පාන්නකැයි මාර්ටින් වික්‍රමසිංහ සූරීහු වරෙක සඳහන් කළෝ ය.
එක ම පුවත්පත් ආයතනයක දිගු ම කලක් රාජකාරි කටයුතු කළ අදීන පුවත්පත් කලාවේදියා කවුරුන්දැයි සොයා බලන්නකුට බොහෝවිට ලැබිය හැකි පිළිතුර පියසේන නිශ්ශංක විය හැකිය. මන්දයත් ලේක්හවුසියේ ඔහුගේ සේවා කාලය අඩසිය වසක් ද ඉක්මවන බැවිනි.
තවදුරටත් එතුමාගේ පත්තර ජීවිතයේ සැඟවුණු තතු සොයන්නකුට සහෝදර කතු මඩුල්ල පමණක් නොව සිය ගණනක් වූ අවශේෂ කාර්ය මණ්ඩලය අතර ද පියසේන නිශ්ශංක නාමය දැඩි හෘදයාංගම ආමන්ත්‍රණයක් වූ සැටි අසා දැන ගැනීමට හැකිවනු ඇත. රාජකාරි කටයුතුවලදී ටයිකෝට් පැළඳගෙන සිටිය ද ඇතුළතින් ඔහු අල්පේච්ඡ ගැමියා ම විය. නොයෙක් උපකාර පතා මේ ‘ලොකු සර්’ වෙත ආ කවර තරාතිරමේ හෝ සේවකයකු ආපසු හිස් අතින් ගියේ නැත. පැතූ උපකාරය ඇතැම් විට මිල මුදලින් විය හැකි ය. නොඑසේ නම් රාජකාරි ගැටලුවක් හෝ වෙනත් පෞද්ගලික පැනයක් විය හැකි ය. ඔහු ඒ සියල්ල සිය ශක්ති පමණින් ඉටු කර දුන්නේ ය.
ලේක් හවුසියේ පත්තර රැසක ආරම්භක කතුවරයා බවට පත්වෙමින් ද පියසේන නිශ්ශංකයන් වාර්තාවක් පිහිටුවා ඇතැයි තතු දන්නෝ පවසති. සිළුමිණ, සුබසෙත හා බුදුසරණ ඒවා අතරින් ප්‍රමුඛ වේ. විශ්‍රාම ගන්නා විට ඔහු පසුවූයේ ‘දිනමිණ’ කතුවර අසුණේ ය. ඉනික්බිති එතුමාණෝ උපදේශක කතු පදවියකින් පිදුම් ලැබූහ. ආයතනික වශයෙන් ඉසිලූ මේ තානාන්තරවලට අමතර ව ඔහු මිය යන තුරාවට ම ලංකා පත්‍ර කලා සංගමයේ සභාපති ධුරය හෙබවීය.
සිය දිවි ගමනේ අටවන දශකය පියමන් කරද්දීත් පියසේන නිශ්ශංකයන්ගේ මුහුණේ නිබඳ දක්නට ලැබුණු නිරහංකාර සිනහව එයාකාරයෙන් ම රැඳී තිබුණේ ය. ගමේදී ‘ගමරාළත්’ නගරයේදී ‘ලොකු සර්රුත්’ වූ මේ මහ කළු සිංහලයා සමකාලීන මිතුරන් අතර තවත් විසිතුරු නාමයන් රැසකින් බුහුමන් ලැබුවෙක් විය.
පත්තර කලාවේදී සේම නිර්මාණ සාහිත්‍ය ක්ෂේත්‍රයේදී ද නිශ්ශංකයන්ගේ අග්‍රගණ්‍ය සගයා වන මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ඔහු හැඳින්වූයේ ‘ජනපි‍්‍රය පත්තරකාරයා හා ජන කතාකාරයා’ ලෙසිනි. ඇල්බට් වැලිවිට ලේඛකයාට අනුව නිශ්ශංක ‘ගැමි හද දුටු ගත්කරුවකු’ විය. පසු කලෙක ඩී.එෆ්. කාරියකරවන නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණන් විසින් පියසේන නිශ්ශංක හඳුන්වා දෙනු ලැබුවේ ‘සත දහයට විශ්ව විද්‍යාලයක් දුන් පත්තරකාරයා’ හැටියට ය.
දේශීය පුවත්පත් කලා ඉතිහාසයේ හා සාහිත්‍ය වංශ කතාවේ පියසේන නිශ්ශංක නම් නාමය සටහන් වනුයේ සිය මව්බසෙහි රුව ගුණත්, සිය මව්බිමේ අභිමානයත් සුරැක පෝෂණය කළ දුලබ ගණයේ පුවත්පත් කලාවේදියකු හා ලේඛකයකු හැටියට ය. ඒ සියල්ලට ම වඩා සෞන්දර්යාත්මක සිතුවිලි සමුදායක උල්පතක් හා මානව දයාවෙන් පිරුණු හදවතක් සහිත සුන්දර මිනිසකු හැටියට ය.
නම - පියසේන නිශ්ශංක
උපන්දිනය - 1890 සැප්තැම්බර් 25
උපන් ගම - කොස් කඳවල (සියනෑ කෝරළය - ගම්පහ දිස්ත්‍රික්කය)
පියා - දොන් පීරිස් නිශ්ශංක
මව - දෝන එලීනා වැලිවිට හාමිනේ
ලග්නය - සිංහ
පාසල් අධ්‍යාපනය -
1. උඩුතුත්තිරිපිටිය පිරිමි පාසල.
2. උඩුගම්පොළ ද්විභාෂා පාඨශාලාව.
3. කොළඹ ආනන්ද විද්‍යාලය.
4. කොළඹ වෛද්‍ය විද්‍යාලය.
5. කල්කටාවේ බල්ගේෂියා වෛද්‍ය විද්‍යාලය.
(වෛද්‍ය අධ්‍යාපනය අතරමඟ නතර කර දමා පුවත්පත් කලාවට අවතීර්ණ විය.)
වෘත්තීය ජීවිතය -
* භාෂා පරිවර්තක (ලේක් හවුසිය)
* කර්තෘ මණ්ඩලීය සාමාජික ‘දිනමිණ’
* ප්‍රධාන කර්තෘ ‘සිළුමිණ’ (1930)
* ප්‍රධාන කර්තෘ ‘දිනමිණ’ (1935)
* ආරම්භක කර්තෘ ‘සුබසෙත’ බුදුසරණ.
* උපදේශක කර්තෘ (ලේක් හවුසිය)
ගුරු තනතුරු - ගරු සභාපති, ලංකා පත්‍ර කලා සංගමය.
බිරිඳ - ජේ.ඒ. ද සේරම්
දරුවන් - චන්ද්‍රා පී. නිශ්ශංක
පළ කළ කෘති -
* වදුල
* හීන් හාමිනේ
* ගිනි සිසිල (රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර විය)
* ඔයබඩ ගෙදර
* දිවමල්
* දිවසළු
මෙලොවින් සමුගත් දිනය - 1970 ඔක්තෝබර් 11
රමක් කැහැපට ගහගෙන බැනියමක් හැඳ සාලුවක් ඔලුව වටේ ඔතාගෙන පාවහනක් පවා දෙපයේ නොමැතිව උදෑසනම ගමේ පාරක් පාරක් ගානේ ඇවිදින පුද්ගලයෙකි. දකින දකින කා සමගත් කතා බහ කරන ඔහු උදෑසන තේ කෝප්පය බොන්නේද අතර මඟ නිවසකදීය. ඔහු නමින් පියසේන නිශ්ශංකය.
ටයිකෝට් පැළැඳ පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී රාජකාරියට යන මාධ්‍යවේදියෙක් දැකිය හැකිය. ඔහුගේ නම ද පියසේන නිශ්ශංකය.
අඩසියවසකට අධික කාලයක් තිස්සේ පුවත්පත් තුනක ආරම්භක කර්තෘ ධූරය දරමින් පුවත් පත් හතරක හා දිනමිණ වෙසක් කලාපයේ ද ප්‍රධාන කර්තෘ ධූරය දරමින් පියසේන නිශ්ශංකයන් තැබූ වාර්තාව ලාංකික මාධ්‍යවේදියෙකුට තබා ලොව කිසිදු මාධ්‍යවේදියකුට වුවද බිඳීය නොහැකි යැයි හැඟේ.
සිළුමිණ, බුදුසරණ හා සුබසෙත පුවත් පත් තුනෙහිම ආරම්භක කර්තෘවරයා වූයේ පියසේන නිශ්ශංකයන්ය.
1890 සැප්තැම්බර් 25 දින ගම්පහ දිස්ත්‍රික්කයේ කොස්කඳවලදී උපත ලද නිශ්ශංකයන් උඩතුත්තිරිපිටිය රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලද අතර උඩුගම්පොල ද්විභාෂා විදුහලෙන් ද්විතියික අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළුව වැඩිදුර අධ්‍යාපනය හදාළේය. රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ගේ මඟ පෙන්වීම මත කල්කටාවේ බල්ගේරියා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් විය. නමුත් සිය පියාගේ අභාවය නිසා යළි සියරට පැමිණි නිශ්ශංකයන් යළි ඉන්දියාවට නොගොස් මෙරටෙහිම රැඳුනේ 1915 ජාතිවාදී කෝලාහලය නිසාය. බෙහෙවින් සමගිය අගය කළ නිශ්ශංකයෝ ජාතිමාමකත්වය ඉහළින්ම අගය කළහ. ඉන්දියාවේදීද අනගාරික ධර්මපාලතුමාගේ ආභාසයෙන් ඔහුගේ මේ හැඟීම් වඩ වඩාත් ඔප් නැංවිණි.
මේ අතර ‘දිනමිණ’ පුවත් පතට භාෂා පරිවර්තකයෙක් ලෙසට ඔහු සේවයට බැඳුණි. එහෙත් ඒ ඔහුගේ අවශ්‍යතාවයටම නොවේ. ඔහුගේ මිත්‍රයකුවන කාටුන් චිත්‍ර ශිල්පී ජේ.ඩී.ඒ. පෙරේරා විසින් නිශ්ශංකයන්ගේ නමින් යවන ලද ඉල්ලුම්පතක ප්‍රතිඵලයක් ලෙසිනි. අකමැත්තෙන් වුවද 1918 දී ඔහු දිනමිණ භාෂා පරිවර්තකයෙක් ලෙස සේවයට බැඳුනි. භාෂා පරිවර්තකයකු ලෙස සේවයට බැඳුනද වාර්තාකරුවකු, තීරු ලිපි රචකයකු හා උප කර්තෘවරයකු ලෙස ඉහළ ගිය නිශ්ශංකයෝ ‘දිනමිණ’ කර්තෘ ධූරයට පත් විය.
කිතුණු භක්තිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි බණ්ඩාරනායක මහතා මරදානේ රැස්වීමකදී පන්සිල් ගැනීම සම්බන්ධයෙන් නිශ්ශංකයන් විශේෂ වාර්තාවක් ‘දිනමිණ’ ට ලිවීය. බණ්ඩාරනායක මහතා බෞද්ධයකු ලෙසින් ජනතාව අතරට ගියේ එම ප්‍රවෘත්තියෙන් පසුව වීම විශේෂයෙන් වැදගත් වේ.
දිනමිණ පුවත්පතේ ජනප්‍රියත්වයෙන් පසු සති අන්ත ඉරිදා පුවත්පතක අවශ්‍යතාවක් ඩී.ආර්.විජයවර්ධන මහතාට තදින් දැනුණි. ඊට නමක් සොයා ගෙන කර්තෘ පදවියද බාර ගන්නැයි විජයවර්ධන මහතා නිශ්ශංකයන්ට දැන්වීය.
බෙන්තර වළල්ලාවිට කෝරළයේ සංඝනායක හිමියන්ගෙන් ‘සිළුමිණ’ යනුවෙන් සති අන්ත පුවත්පතට නම යොදාගත් නිශ්ශංකයන්ට 1930 දී සිළුමිණ කර්තෘ ධූරය දැරීමට වරම් ලැබිණ.
1935 වසරේදී ‘දිනමිණ’ කර්තෘ ධූරය දැරූ ඇලෙක්සැන්ඩර් වැලිවිට මහතා විශ්‍රාම ගිය හෙයින් යළිත් ‘දිනමිණ’ කර්තෘ පදවිය බාර ගැනීමට නිශ්ශංකයන්ට සිදුවිය. නිශ්ශංකයන් අප පෙර කී පරිදි අපූරු ගැමියෙකි. අලුයම 5.00 ට පිබිදෙන නිශ්ශංකයෝ පළමුවෙන්ම ‘දිනමිණ’ කතුවැකිය ලිවීම අරඹති. ඒ අද මෙන් විවිධ වර්ගයේ අලංකාර කළ විදුලි පහනෙන් නොව චිමිනි ලාම්පුවේ උපකාරයෙනි.
කතුවැකිය ලිවිමෙන් පසු සරමක් බැනියමක් හැඳ සාලුවක් ඔලුවේ ඔතා ගන්නා ඔහු ගම වටේ ඇවිදින්නේ පාවහනක් හෝ නොමැතිව.
අතරමගදී හමුවන ළමා ළපටියාගේ සිට මහල්ලා දක්වා කොයි කවුරුත් ඔහු හඳුනති. සැවොම සම¼ග වචනයක් හෝ දෙකක් කතා කිරීම ඔහුගේ සිරිතයි.බොහෝ විට උදෑසන තේ කෝප්පයද අතර මඟ නිවසකින් සප්පායම් වන ඔහු නිවසට පැමිණ කොළ කැඳ පානය කිරීමත් ආනමාලු ගෙඩියක් ආහාරයට ගැනීමත් දිනපතාම සිදු කරයි.
උදෑසන රැවුල කැපීම අරඹන්නේ වත්ත වටේ යමිනි. ඒ සඳහා කිසිදිනක ඔහු මුහුණ බැලීමට කණ්ණාඩියක් භාවිතා කර නැත.
උදෑසන 10.00 ට පමණ ගණේමුල්ල දුම්රිය ස්ථානයට යන ඔහු එතැන්සිට දුම්රියෙන් ලේක්හවුසිය බලා යයි. ඒ යන්නේ සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසීගෙනය. දිනමිණ පුවත්පතේ දෛනික රාජකාරි අවසන් කරන ඔහු කාර්යාලයෙන් පිටවන්නේ පළමු මුද්‍රණයේ (ප්‍රාදේශීය මුද්‍රණය) පිටපතක්ද සහිතවය. දුම්රියේ එන අතරමඟදී පුවත්පත කියවන නිශ්ශංකයෝ පුවත් පතේ ඉතිරිය කියවනුයේ නිවසට පැමිණීමෙන් පසුවය. එක් අකුරක හෝ දෝෂයක් තිබුණහොත් මඳක් නුදුරින් පිහිටි ජයකොඩි වලව්වට සිය පුතාද කැටුව යන නිශ්ශංක මහතා ලේක්හවුසියට දුරකතන ඇමතුමක් ලබාදී ඊළඟ මුද්‍රණයේදී එය නිවැරැදි කරන ලෙස දන්වයි. යළි නිවසට පැමිණි පසුව ඔහු රාත්‍රි ආහාරය ගෙන මඳ වේලාවක් සතුටු සාමිචියෙන් පසු නින්දට යයි. මේ අයුරින් නිශ්ශංකයෝ වසර 25 කට අධික කාලයක් ‘දිනමිණ’ පුවත් පතේ කර්තෘ ධූරය දැරූහ. ‘දිනමිණ’ පුවත් පතේ එතරම් කලක් කර්තෘ ධූරය දැරූ වෙනත් අයෙක් මෙතෙක් නැත.
1965 වසරේදී බෞද්ධ පුවත්පතක් ආරම්භ කිරීමටද ලේක්හවුස් ආයතනයට අවශ්‍ය විය. ‘සිළුමිණ’ සේම එහි කර්තෘ ධූරය දැරීමත් බෞද්ධ පුවත්පතට සුදුසු නමක් යෙදීමත් පැවරුණේ නිශ්ශංකයන්ටමය. ‘බුදුසරණ’ පත්‍රයට නම යෙදීම සම්බන්ධව පියසේන නිශ්ශංකයන් විසින් පවසන ලද කතාව බොහෝ දෙනකු නොදකිනා හෙයින් මෙහි ලිවිය යුතුමය.
නිශ්ශංකයන් නිදා සිටින විට අලුයම් කාලයේ යම් තැනැත්තෙක් සිහිනෙන් පැමිණ ‘බුදු සරණයි’ යනුවෙන් පවසා ඇත. එකිනෙහිම නිශ්ශංකයන්ට විද්‍යාචක්‍රවර්තීන්ගේ ‘බුත්සරණ’ මතකයට පැමිණ ඇති අතර ඒ ඔස්සේ සිතා බලා ‘බුදුසරණ’ නම යොදා ඇත.
නිශ්ශංකයන්ගේ විශ්වාසය වී ඇත්තේ ඔහු සුමන සමන් දෙවියන්ට විශේෂ කැමැත්තක් දක්වන හෙයින් ඒ නම කියන්නට ඇත්තේ සුමන සමන් දෙවියන් බවයි.
‘බුදුසරණ’ පත්‍රය නමේ අරුතින්ම සැමදා ඉදිරියට ගෙනයාමට නිශ්ශංකයෝ උත්සාහ ගත්හ. ඔහු විසින් බුදුසරණ පුවත්පතට අවසන්වරට ලියන ලද මිත්‍ර ධර්මය නම් කතුවැකියෙන් කොටසක් උපුටා දැක්වීම උචිතයැයි සිතමි.
‘නෑයන්ට උතුම්වන්නා මිත්‍රද්‍රෝහී නොවන තැනැත්තාය. යස ඉසුරු සම්පත් ඔහුගේය. ශ්‍රී කාන්තාව ඔහු අත හැර නොයයි. මිත්‍රද්‍රෝහී නොවන තැනැත්තාගේ අගය අප පිරිත් පොතෙහි එන මිත්තානිසංස සූත්‍රයෙහි වර්ණනා කරණු ලබන්නේ මේ විධියටය. එහෙයින් මිත්‍ර ද්‍රෝහී නොව සෑමදෙනා සමග මිත්‍ර ධර්මයට ග්‍රහනය කිරීමෙන් වාසය කිරීම ජීවත්වීමෙන් අප ලබන උතුම් ඵලයක් වන්නේය.
ක්‍රියාවෙන්, වචනයෙන් මෙන්ම ලේඛනයෙන්ද ඔහු සමාජය යහපතට හැරවීමට උත්සුකවූ අයුරු මින් මනාව පැහැදිලි වේ.
1969 දී සුබසෙත ජ්‍යෝතිෂය පුවත්පත ආරම්භ කිරීමේදී එහි කර්තෘධූරය දැරීමේ වගකීමද ඔහුටම හිමිවිය. ‘දිනමිණ’ වෙසක් කලාපයේද දීර්ඝ කාලයක් ඔහු කර්තෘ ධූරය දැරීය.
මාර්ටින් වික්‍රමසිංහ, ජේ.ඩී.ඒ.පෙරේරා ඇලෙක්සැන්ඩර් වැලිවිට, පණීභාරත වැනි සමකාලීනයන් රැසක් නිශ්ශංකයන්ට සහාය ලබා දුන්හ. නිරතුරුවම නවකයන්ට අතදීමට උත්සාහ ගත් නිශ්ශංකයෝ නවක නිර්මාණ හැකි උපරිම ලෙසත් පළකිරීමට යත්න දැරීය.
මහා ගත්කතුවරයකු වූ මාර්ටින් වික්‍රමසිංහයන් 1970 සැප්තැම්බර් 10 දින ජනතා පුවත්පතට සැපයූ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසා තිබුණි.
‘නිශ්ශංක ළඟ ඊර්ෂ්‍යාව, ද්වේෂය ගෑවිලාවත් නැහැ. ඔහු ඉතාම ප්‍රියමනාප කෙනෙක්. මට ඉඳුරාම කියන්න පුළුවනි නිශ්ශංකගේ මනස අසලකටවත් කුහකකම ළංවී නැතිබව.
හෙළයේ මහා ගත්කතුවරයාගේ මේ ප්‍රකාශයම නිශ්ශංකයන්ගේ ගුණ මහිමය ගැන තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.
කිසිදිනක පුවත් පතට තම නම භාවිතා නොකළ නිශ්ශංකයෝ ‘බාසුරු’ යන නම බොහෝවිට භාවිතා කෙළේය.
පත්තර මහගෙදරදී පමණක් නොව ඉන් පිටත මාධ්‍යවලදී පවා ‘ලොකු සර්’ යනුවෙන් හැඳින්වූයේ පියසේන නිශ්ශංකයන්ය. ඔහුගේ ප්‍රතාපවත්, ගාම්භීර බව නිසා පිරිසක් අතර ඔහුගේ කැපී පෙනීම පැහැදිලිව දිස්විය. ඔහුට ඇතැමෙක් ‘මහ කළු සිංහලයා’ යැයි කීවේ සතුටින් ගෞරව පිණිස මිස අගෞරවයකට නම් නොවේ. කිසිවිටක දේශපාලනයට සම්බන්ධ නොවුවත් සමීප මිතුරකු වූ නිසා ජේ.ආර්.ජයවර්ධනයන්ට ඔහු මිතුරකුගේ යුතුකම් ඉටු කළේය.
එහෙත් මැතිවරණය දිනීමෙන් පසු සෙසු විහාරස්ථානවලට ගියත් නිශ්ශංකයන්ගේ හැවිනිවල විහාරස්ථානයට ජේ.ආර්.පැමිණියේ නැත. ඒ ගැන සිත් තැවුලට පත් නිශ්ශංකයන් ජේ.ආර්.ට මෙසේ කවියක් ලියා යැවිය.
’කැළණි වෙහෙර වැනි දාගැබ් උසට නැතත්
පරණ ගල් ගුහා සැතපෙන පිළිම නැතත්
ගැබිණි විලස මහ ලොකු ධනවතුන් නැතත්
හැවිනි වලෙත් ඉඳගෙන බුදු පැටව් සිටිත්
පසුදිනම පැමිණි ජේ.ආර්.නිශ්ශංකයන්ට කනගාටුව පළකර හැවිනිවිල විහාරයට ගියේය.
අවිවේකී මාධ්‍ය දිවියේ වුවද වදුල, ගිනි සිසිල, හීන් හාමිනේ, ඔයබඩගෙදර දිවමල් දිව සළු, සමදරා ආදී කෘතීන් නිශ්ශංකයන්ගෙන් බිහිවිය. මේ බොහෝ කෘති ගැමි දිවිය හා සම්බන්ධ ඒවා වේ.
1965 දී ඇරැඹි පත්‍ර කලා සංගමයේ ආරම්භක සභාපතිවරයා වූ නිශ්ශංකයෝ මියයන තෙක්ම නිතරගයෙන් එහි සභාපති ධූරයට පත්විය. කිසිවිටක ගෞරව නම්බුනාම සොයා නොගිය නිශ්ශංකයන්ට විද්‍යෝදය සරසවියෙන් විශේෂ උපාධියක් ලබා දෙන ලද්දේ කලුකොඳයාවේ ප්‍රඥාසේකර හිමියන්ගේ මඟ පෙන්වීම යටතේය.
’මිනිසුන්ගේ සුබවාදී පැත්ත බලන්න පුළුවන් හැටියට මිනිසුනට උදව් කරන්න. ආපිට යමක් ගන්න බලාගෙන කිසිවක් කරන්න එපා’ ඒ නිශ්ශංකයන්ගේ දර්ශනයයි.
මාධ්‍යවේදීන්ටද ඔහු හොඳ උපදෙසක් ලබාදී ඇත.
පුවත්පත් කලාවට බසින තරුණ තරුණියන් කවුරුත් තමන්ගේම ස්වාධීනත්වයක් ඇතිකර ගැනීමට උත්සාහ ගන්න ඕන. අනුන්ගේ වැඩ කටයුතුවලට ඇඟිලි ගැසීමත්, මිනිසුන්ට අපහාස කිරීමත් චරිත ඝාතක කටයුතුවල යෙදීමත් පුවත්පත් කලාවේදීන්ට ඔබින්නේ නැහැ’ නිශ්ශංකයන්ගේ ඒ කියමන එදාට මෙන්ම වසර 40 කට පසු අදටත් මාධ්‍ය ලෝකයට මැනවින් ආදර්ශමත් වේ.

0 comments:
Post a Comment